මිනිසා භාෂණය හෙවත් කථා කිරීම අරඹා පෑ විසි හතරක් ගෙවී ඇත්නම් ලේඛනය හෙවත් අකුරු මඟින් අදහස් ලියා දැක්වීම අරඹා තව මත් ගෙවී ඇත්තේ විනාඩි පහක් තරම් සුළු කාලයකැයි ඈශ්ලි මොන්ටේගු නමැති මානව විද්‍යාඥයා උපහැරණයක් දක්වා ඇත. එයින් පැහැදිලි වන්නේ ලේඛනය මානව ශිෂ්ටාචාරයේ මෑත යුගයේ ජයග්‍රහණයක් බව යි. ලෝක ඉතිහාසයේ මෙතෙක් හමු වී ඇති පැරණි ම ලේඛන සාධක අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 3500-3000 පමණ කාලයේ දී සුමේරියානු ශිෂ්ටාචාරයේ ය යන්න දැනට පවත්නා සාධක අනුව පිළිගැනේ.
පසු ව බැබිලෝනියානු, මිසර, හිටයිට්, ඉන්දු-නිම්න, චීන හා මධ්‍ය අමෙරිකානු යන ශිෂ්ටාචාරයන්හි ලේඛනය ව්‍යාප්ත වූ බවට සාධක හමු වෙයි. මේ දිවයිනේ නව සභ්‍යත්වයක් ආරම්භ කළ උතුරු ඉන්දියානු සාංක්‍රමණිකයන් අක්ෂර භාවිතය පිළිබඳ අවබෝධයක් සහිත පිරිසක් වන්නට ඇතැයි සැලකේ. එහෙත් දිවයිනේ ලේඛන කාර්යයන්හි ව්‍යාප්තිය පිළිබඳ සාධක හමු වන්නේ මහින්දාගමනයෙන් පසු ව සිදු කෙරුණු භික්ෂූන් උදෙසා ආරාම පූජා කිරීම් සම්බන්ධයෙනි. ඒ ආදි ම ලේඛන ලියවී ඇත්තේ වර්තමානයේ අප භාවිත කරන සිංහල අකුරින් නොවේ. ඒවා බ්රාහ්මී අකුරු නමින් හඳුන්වන, එකල ඉන්දියානු උපමහාද්වීපය පුරාත් අවට රාජ්‍යයන්හිත් භාවිත අක්ෂර මාලාව යි. ඒ ලේඛනවල භාෂාව ද සිංහල භාෂාව නොවේ. සිංහලයට මෙන් ම නූතන ඉන්දියානු භාෂාවන්ට ද මුල් වූ ඉන්දියානු ජන ව්‍යවහාර භාෂාවකින් සකස් වූ බසකි. එතැන් පටන් සියවසින් සියවසට සිංහල අකුරු සකස් වෙමින් ආ ආකාරයත් සිංහල භාෂාව ආරම්භ වී විකාසනය වූ ආකාරයත් කියා පාන ලේඛනාවලියක් අප සතු ය.
කථා කිරීමේ දී මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වන දෘෂ්ටිගෝචර සංකේත අක්ෂර හෙවත් අකුරු නමින් හැඳින්වේ. එම සංකේත භාෂාවෙන් භාෂාවට වෙනස් වේ.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-08.55.37.png)
ඇතැම් භාෂාවල එක ම ශබ්දය සඳහා සංකේත කීපයක් ද භාවිත වන බව ඉහත සටහනෙන් පැහැදිලි වේ.
නිදසුන්:-
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-08.56.34.png)
අක්ෂර සඳහා ‘වර්ණ’ යන නම ද භාවිත වේ. ඒ අනුව සිංහල හෝඩිය, සිංහල අක්ෂර මාලාව, සිංහල වර්ණ මාලාව යන නම්වලින් හැඳින්වෙන්නේ සිංහල භාෂාවේ ශබ්ද ලියා දක්වන සංකේත සමූහයයි. ඒ අනුව සිංහල භාෂාවේ අක්ෂර මාලාව අක්ෂර 60කින් සමන්විත වේ.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-08.56.41.png)
සිංහල අක්ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් කළ හැකි ය.
- ස්වර
- ව්‍යඤ්ජන
O. ස්වර
වෙනත් ශබ්දයක උපකාරයකින් තොර ව තනි ව උච්චාරණය කළ හැකි අකුරු ‘ස්වර’ නමින් හැඳින්වේ. සිංහල අක්ෂර මාලාවේ ස්වර 18කි.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-08.59.18.png)
ස්වර ද තවත් අනුකොටස් 2කට වෙන් කළ හැකි ය. ඒ කෙටි ස්වර (හ්‍රස්ව ස්වර) දික් ස්වර (දීර්ඝ ස්වර) වශයෙනි.
O. කෙටි ස්වර, ලුහු ස්වර (හ්‍රස්ව ස්වර)
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-09.00.40.png)
යන ස්වර උච්චාරණයට ගත වන කාලය අඩු ය. එනිසා ඒවා ‘කෙටි ස්වර’ නම් වේ. ඒ අර්ථයෙන් ම ‘ලුහු ස්වර’, ‘හ්‍රස්ව ස්වර’ යන නම් ද යෙදේ.
O. දික් ස්වර (දීර්ඝ ස්වර), ගුරු ස්වර
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-09.01.52.png)
ස්වර උච්චාරණයට ගත වන කාලය කෙටි ස්වරවලට වඩා සාපේක්ෂ ව වැඩි ය. එබැවින් මේ ස්වර ‘දීර්ඝ ස්වර’ නම් වේ. ගුරු ස්වර, දික් ස්වර යන නම් ද යෙදේ.
O. ව්‍යඤ්ජන, ගතකුරු (ගාත්රාක්ෂර)
ස්වර ගණයට අයත් නොවූ අකුරු, ‘ව්‍යඤ්ජන අක්ෂර’ වේ. ව්‍යඤ්ජන අක්ෂර තනි ව උච්චාරණය කළ නොහැකි ය. එම ශබ්ද පහසුවෙන් උච්චාරණය කිරීමට නම් ස්වරයක් එකතු කර උච්චාරණය කළ යුතු ය.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-09.03.05.png)
O. වර්ග අක්ෂර
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-09.23.16.png)
O. අල්පප්‍රාණ, මහාප්‍රාණ අක්ෂර
වර්ගාක්ෂරවල පළමුවන හා තුන් වන තීරුවල ඇති අක්ෂර දහය අල්පප්‍රාණ අක්ෂර යි. ඒ ශබ්ද උච්චාරණය කෙරෙන්නේ අඩු ප්රාණයකිනි.
වර්ගාක්ෂරවල දෙවන සහ හතර වන තීරුවල ඇති අක්ෂර දහය මහාප්‍රාණ අක්ෂර යි. ඒ ශබ්ද වැඩි ප්‍රාණයකින් උච්චාරණය කළ යුතු වෙයි.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-09.24.42-1024x518.png)
O. වර්ගාන්ත අක්ෂර
වර්ගාක්ෂරවල අවසාන තීරුවේ තිබෙන අක්ෂර පහ වර්ගාන්ත අක්ෂර ලෙස හැඳින්වේ. එම අක්ෂර උච්චාරණයේ දී නාසයෙන් උදව්වක් ලැබීම නිසා ‘නාසික්‍ය අක්ෂර’ නමින් ද නාසයට අනුව උච්චාරණය කරන නිසා ‘අනුනාසික අක්ෂර’ නමින් ද හඳුන්වනු ලැබේ.
ඞ ඤ ණ න ම
සාම්ප්‍රදායික ව ‘ඞ’, ‘ඤ’ අක්ෂර සහිත ව ලියැවුණු ඇතැම් වචන වර්තමානයේ ‘ං’ (බින්දුව) සහිත ව ද ලියැවේ.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-09.25.53.png)
O. සඤ්ඤක අක්ෂර
සිංහල අක්ෂර මාලාවේ ඇති ඟ, `ජ, ඬ, ඳ, ඹ යන අක්ෂර සඤ්ඤක අක්ෂර වේ. ඒ අක්ෂර තවත් අක්ෂරයක් සමග එකතු වීමෙන් (සංයෝග වීමෙන්) සකස් වී ඇති නිසා සඤ්ඤක අක්ෂර හෙවත් ‘අර්ධානුනාසික්‍ය අක්ෂර’ නමින් හැඳින්වේ.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-10.22.18.png)
O. අන්තඃස්ථාක්ෂර (අර්ධස්වර)
ය, ර, ල, ව යන අකුරු ස්වර සහ ව්‍යඤ්ජන අතර පිහිටීම නිසා ‘අන්තඃස්ථාක්ෂර’ හෙවත් ‘අර්ධස්වර’ නමින් හඳුන්වනු ලැබේ. එම අකුරු සමග අනුගත වන ස්වර ශබ්ද පහත දැක්වෙයි.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-10.23.29.png)
O. ඌෂ්මාක්ෂර
උච්චාරණයේ දී මුඛයෙන් වායු ධාරාව උණුසුම් ව නිකුත් වන ශබ්ද සංකේතවත් කරන අක්ෂර ‘ඌෂ්මාක්ෂර’ යි. ඌෂ්මාක්ෂර ‘ඝර්ෂ’ නමින් ද හඳුන්වනු ලැබේ.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-10.24.22.png)
O. අනුස්වාරය සහ විසර්ගය
ස්වරයකට පසු ව යෙදෙන බැවින් ‘ං’ (බින්දුව) ‘අනුස්වාරය’ නමින් ද, උච්චාරණයේ දී හුස්ම වේගයෙන් පිට වන නිසා ‘ඃ’ යන ශබ්දය ‘විසර්ගය’ නමින් ද හඳුන්වනු ලැබේ.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-10.25.49.png)
★ සිංහල අක්ෂර මාලාවේ අවසාන අකුර ලෙස ඇති ‘ෆ’ ශබ්දයෙන් ඉංග්‍රීසි හා අරාබි භාෂාවන්හි දැක්වෙන ‘ෆ්’ ශබ්දය නිරූපණය වෙයි. ඉංග්‍රීසි, අරාබි භාෂාවලින් සිංහල භාෂාවට පැමිණ ඇති තත්සම වචනවල මේ අක්ෂරය යෙදේ. ෆාමසි, ෆිල්ටරය, ෆැන්ටසි, ෆාතිමා, ෆවුසි, ඉර්ෆාන්
O. ඝෝෂ, අඝෝෂ අක්ෂර
භාෂාවෙහි ශබ්ද උච්චාරණය සම්බන්ධ එක් ප්‍රභේදයක් ඝෝෂ -අඝෝෂ භේදය යන්නෙන් හැඳින්වේ. මෙය ප්‍රධාන වශයෙන් ම අල්පප්‍රාණ හා මහාප්‍රාණ උච්චාරණය හා සම්බන්ධ ය. වර්ගාක්ෂරවල පළමුවන හා තෙවන ශබ්ද අල්පප්‍රාණ ද දෙවන හා සිවුවන ශබ්ද මහාප්‍රාණ ද වන බව අපි දනිමු.
ක, ච, ට, ත, ප යන මුල් අල්පප්‍රාණ ශබ්ද පහ හා ඊට සමාන්තර ඛ, ඡ, ඨ, ථ, ඵ යන මහාප්‍රාණ ශබ්ද පහත් අඝෝෂ ශබ්ද යි.
ග, ජ, ඩ, ද, බ යන අල්පප්‍රාණ ශබ්ද පහ හා ඊට සමාන්තර ඝ, ඣ, ඪ, ධ, භ යන මහාප්‍රාණ ශබ්ද පහ ඝෝෂ යි.
‘ශ-ෂ-ස’ යන ඌෂ්මන් ශබ්ද හා විසර්ගයත් ((අ) ඃ), සිංහල අක්ෂර මාලාවට අලුතින් එක් කොට ඇති ෆ ශබ්දයත් අඝෝෂ වේ. ඉහත දක්වන ලද ග, ජ, ඩ, ද, බ යන ඝෝෂ අල්පප්‍රාණ ශබ්ද පහ හා ඝ, ඣ, ඪ, ධ, භ ඝෝෂ මහාප්‍රාණ ශබ්ද පහට අමතර ව සියලු ම ස්වර ශබ්ද ද ය, ර, ල, ළ, ව, හ් යන ශබ්ද ද ඝෝෂ ගණයට අයත් ය.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-10.28.39-1024x400.png)
O. අක්ෂර උත්පත්ති ස්ථාන
ශබ්ද උච්චාරණයේ දී මුවෙහි ඇති දිව, යටි දත් හෝ යටි තොල යන ඉන්ද්රියයන් උගුර, තල්ල, මුදුන, උඩුදත්, උඩුතොල් ආදි චලනය නොවන ඉන්ද්රියයන් වෙත ස්පර්ශ වීම සිදු වේ. ඒවා අක්ෂර උපදින ස්ථාන යි. අක්ෂර උපදින ස්ථාන අනුව සිංහල අක්ෂර වර්ග කළ හැකි ය.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-10.31.37-1024x977.png)
ඉහත දක්වා ඇත්තේ සිංහල අක්ෂර මාලාව වර්ගීකරණයට ලක් කළ හැකි විවිධ ආකාරයන් ය. එම වර්ගීකරණ පහත දැක්වෙන ආකාරයේ සටහනකින් ඉදිරිපත් කළ හැකි ය.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/05/Screenshot-2022-05-24-at-10.32.38-1024x781.png)
Responses