Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

පෝෂණය (Nutrition)

ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබාගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වයි. ශරීරයේ සෛල වර්ධනය, ගෙවී ගිය කොටස් අලුත්වැඩියාව වැනි ජීවක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වේ. එම ශක්තිය ලබාගන්නේ පෝෂ්‍ය ද්‍රව්‍ය හරහා ය. ජීවීන් මෙම පෝෂ්‍ය ද්‍රව්‍ය නැතහොත් ආහාර තමන් විසින් ම නිපදවා ගැනීම ස්වයංපෝෂී පෝෂණය ලෙස හැඳින්වේ. ස්වයංපෝෂී පෝෂණය, ආහාර නිෂ්පාදනය සඳහා භාවිත වන ශක්තිය පදනම් කරගෙන කාණ්ඩ දෙකකට බෙදයි.

එනම් සූර්ය ශක්තිය භාවිත වන්නේ නම් ප්‍රභා ස්වයංපෝෂී ලෙස ද රසායනික ප්‍රතික්‍රියාවකින් ශක්තිය ලබාගන්නේ නම් රසායනික ස්වයංපෝෂී ලෙස ද හඳුන්වයි. බොහොමයක් ශාක ප්‍රභා ස්වයංපෝෂී වේ. බොහෝ බැක්ටීරියා රසායනික ස්වයංපෝෂී වේ. ශාක සෛලවල අඩංගු හරිතලව තුළ ඇති සුවිශේෂී කාබනික ද්‍රව්‍යයක් වන හරිතප්‍රද ආධාරයෙන් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභාසංශ්ලේෂණය ලෙස හැඳින්වේ.

ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සරල සමීකරණයකින් පහත දැක්වෙන ආකාරයට නිරූපණය කළ හැකි ය.

ශාක පත්‍රවල නිපදවන ආහාර ශාකයේ කඳ, මුල්, පත්‍ර හෝ ඵලවල ගබඩා කරනු ලැබේ. ශාක විසින් නිපදවන ලද ආහාර හෝ වෙනත් ජීවී සම්භවයක් ඇති කාබනික ආහාර ප්‍රයෝජනයට ගන්නා නිසා සතුන් විෂමපෝෂී කොටසට අයත් වේ.

පහත දැක්වෙන ආහාර ජාලය තුළ මෙම පෝෂණ ක්‍රම අතර සම්බන්ධතාවය නිරූපණය කර ඇත.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *