ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් කර ගැනීමේ දී කැපී පෙනෙන අවස්ථා තුනක් හඳුනාගත හැකි ය.
1796 වර්ෂයේ දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම 1802 වර්ෂයේ දී එතෙක් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම යටතේ පාලනය වූ මෙරට මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් කිරීම 1815 වර්ෂයේ දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටත් කර ගැනීම
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
1789 වර්ෂයේ දී ප්‍රංශ විප්ලවය ඇති වීමෙන් පසු ව යුරෝපයේ උද්ගත වූ නව දේශපාලන වාතාවරණය යුරෝපීයයන්ගේ ආසියාතික යටත් විජිත කටයුතු කෙරෙහි ද බලපෑවේ ය. විප්ලවයෙන් පසු ව ප්‍රංශයේ බිහි වූ නව ආණ්ඩුවේ හමුදාවෝ 1794 වර්ෂයේ දී ඕලන්දය ආක්‍රමණය කළහ. මෙහි දී ඕලන්දයේ පාලකයා හෙවත් ස්ටැට්හෝල්ඩර්වරයා වූ පස්වන විලියම් රජු බි්රතාන්යයට පලා ගියේ ය. ලන්දේසීන්ගේ රට වූ ඕලන්දය ප්‍රංශ බලයට යටත් විය. මේ නිසා ලන්දේසීන් යටතේ පැවති මෙරට මුහුදුබඩ ප්‍රදේශ ප්‍රංශවරුන් යටතට පත් වීමේ අවදානමක් මතු විය. ශ්‍රී ලංකාවේ වැදගත්කම ගැන මනා අවබෝධයකින් පසු වූ ඉංග්‍රීසීහු මෙම අවස්ථාව දිවයිනේ තම බලය පිහිටුවීමට යොදා ගත්හ. ප්‍රංශ ආක්‍රමණය නිසා ඕලන්ද පාලකයා වූ ස්ටැට්හෝල්ඩ්වරයා බි්රතාන්යයේ රැකවරණ ලබා සිටි හෙයින් තමන්ට වාසිදායක ලිපියක් ඔහු ලවා මෙරට ලන්දේසි ආණ්ඩුකාරවරයා වෙත එවීමට ඉංග්‍රීසීන් කටයුතු සැලැස්වී ය.
ස්ටැට්හෝල්ඩ්වරයා එංගලන්තයේ කිව් මාලිගයේ සිට එවූ බැවින් එය කිව් ලිපිය වශයෙන් ද හැඳින්වේ. ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශ ප්‍රංශවරුන් අතට පත් වීම වලක්වා ගැනීම පිණිස එම ප්‍රදේශවලට ඉංග්‍රීසි හමුදාව ඇතුඵ කර ගත යුතු යැයි එම ලිපියේ සඳහන් විය. 1795 වර්ෂයේ පෙබරවාරි මස මෙරට ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙක් වෙත එකී ලිපිය ලැබුණි. එහෙත් ලිපියේ සඳහන් පරිදි තම බලකොටු තුළට ඉංග්‍රීසි හමුදාව ඇතු
ඵ කර ගැනීමට මෙම ලන්දේසි ආණ්ඩුකාරවරයා මැලි විය. මේ නිසා 1795 අගෝස්තු මාසයේ දී ඉංග්‍රීසින් විසින් ලන්දේසින් සතු වූ ත්‍රිකුණාමලයට පහර දෙන ලදි. ඉංග්‍රීසි ප්‍රහාර හමුවේ ලන්දේසීහු කොන්දේසි විරහිත ව යටත් වූහ.
ත්‍රිකුණාමලය ඉංග්‍රීසින් අතට පත් වීමෙන් පසු ව එවකට ලන්දේසීන් සතු ව තිබූ මඩකලපුව, මුලතිව්, පේදුරුතුඩුව, යාපනය, මන්නාරම ඇතු`ඵ බලකොටු රැසක් ම කෙටි කාලයකින් ඉංග්‍රීසීන්ට යටත් විය. 1796 පෙබරවාරි මාසය වන විට කොළඹ හා ගාල්ල බලකොටු ද ඉංග්‍රීසීන්ට යටත් වූ හෙයින් ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශ සියල්ල ඉංග්‍රීසීන් යටතට පත් විය. ලන්දේසීන්ට තව දුරටත් අලාභ නොලබා සාධාරණ කොන්දේසි මත සාමකාමී ව මෙරටින් ඉවත් ව යාමට මග සැලසෙන ගිවිසුමක් පෙබරවාරි 16 දින අත්සන් කෙරුණි. මේ සමඟ ලන්දේසීන් සතු වූ මෙරට මුහුදුබඩ පළාත් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා සමාගමේ පාලනයට නතු විය
ඉංග්‍රීසි වෙළෙඳ සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය
Responses