Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාර නාමය පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
නිදසුන ඃ- ගයාල් පෙරේරාගේ ව්‍යාපාරය “ ගයාල් ” නමින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාමය ලියාපදිංචි කළයුතු වේ.
මෙහිදී සිදුවන්නේ ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම පමණකි. එමගින් ව්‍යාපාරය සඳහා නෛතික පුද්ගලභාවයක් හිමි නොවේ.

ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියා පදිංචි කිරීමේ නෛතික ක්‍රියා පටිපාටිය
ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාමය ලියා පදිංචි කළ යුතු වේ. ඒ අනුව ව්‍යාපාර නම ලියාපදිංචි කිරීමේ බලධරයා වනුයේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා ය. ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි ය. ලියා පදිංචි කිරීමට අදාළ ගාස්තු නියම කිරීම ඒ ඒ පළාත් සභාවලට පැවරී ඇති බලතල අනුව සිදු කෙරේ. එමෙන් ම ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුළත ව්‍යාපාර නාමය ලියාපදිංචිය සඳහා අයදුම්පත ඉදිරිපත් කළ යුතු වේ.

ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියා පදිංචිය සඳහා පහත දැක්වෙන ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු ය.

  1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම.

    මේ සඳහා පහත දැක්වෙන ඉල්ලුම් පත්‍ර දෙක ලබාගත යුතු ය.
    I. ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියා පදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය.
    II. ව්‍යාපාර නාම ලයාපදිංචි ක ිරීම සඳහා අවශ්‍ය වන ගම නලධාරී වාර්තාව ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය.
  2. ගම නිලධාරී සහතක කළ වාර්තාව සහ නිවැරදි ව සම්පර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ලියාපදිංචියට අවශ්‍ය ගාස්තුව ද සමග ප්‍රාදේශීය ලේකම් වෙත බාර දීම
  3. ප්‍රාදේශීය ලේකම් විසින් ඉහත ලේඛන සලකා බැලීමෙන් අනතුරු ව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම. මෙම සහතිකය ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු වේ.

ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන
ඒක පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම තුළින් පහත දැක්වෙන ප්‍රයෝජන අත්කර
ගත හැකි ය.
O අනන්‍යතාවක් ලැබීම
තම ව්‍යාපාරය වෙනත් ව්‍යාපාරවලින් වෙන්කොට හඳුනා ගැනීමේ වාසිය හිමි වීම

ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන
ඒක පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම තුළින් පහත දැක්වෙන ප්‍රයෝජන අත්කර ගත හැකි ය.

O අනන්‍යතාවක් ලැබීම
තම ව්‍යාපාරය වෙනත් ව්‍යාපාරවලින් වෙන්කොට හඳුනා ගැනීමේ වාසිය හිමි වීම

O ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම
මෙහි දී අයිතිකරුගේ නමට ලියාපදිංචි වන බැවින් ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම

O රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබාගැනීමට සුදුසුකමක් වීම
ව්‍යාපාර සඳහා රජය විසින් විවිධ පහසුකම් සපයයි. එම පහසුකම් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ව්‍යාපාරවලට වැඩි අවස්ථාවක් සැලසීම.

O ණය ලබා ගැනීමේ දී පහසුවක් ලැබීම
නාමය ලියාපදිංචි කළ ව්‍යාපාර පිළිබඳ විශ්වාසයක් ඇතිවන නිසා ණය සැපයුම්කරුවන් ණය සැපයීම සඳහා පෙළඹෙනු ඇත.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *