Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ගනුදෙනුවල ද්විත්ව බලපෑම

ව්‍යාපාරයක දෛනික ව ගනුදෙනු රාශියක් සිදු වේ. එම ගනුදෙනුවල ප්‍රතිඵල වශයෙන් ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම්වල අගය වෙනස් වේ. එම වෙනස් වීම ගනුදෙනුවක ද්විත්ව බලපෑම ලෙස ගිණුම්කරණයේ දී හඳුනා ගැනේ. සෑම ගනුදෙනුවකින් ම ගිණුම්කරණ සමීකරණයේ අයිතම දෙකක් වෙනස් වන බව ඉහත දී පැහැදිලි කරන ලදි. ඒ සෑම ගනුදෙනුවක් ම සමීකරණයේ අයිතම දෙකකට බලපායි. එය ගනුදෙනුවක ද්විත්ව බලපෑම ලෙස හඳුනාගත හැකි ය.

මෙසේ සෑම ගනුදෙනුවකින් ම සමීකරණයට ද්විත්ව බලපෑමක් සිදුවන නිසා සෑම ගනුදෙනුවක ම අගය ස්ථාන දෙකක ලිවිය යුතු ය. එනම් සෑම ගනුදෙනුවක් සඳහා ම සටහන් දෙකක් තැබිය යුතු ය. ව්‍යාපාරයක් ප්‍රසාරණය වන විට විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිදුවන බැවින් ඒවා ගිණුම්කරණ සමීකරණයක අනුසාරයෙන් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවිය හැකි ය. එසේ සටහන් කළ ද ව්‍යාපාරය පිළිබඳ පැහැදිලි තොරතුරු ලබා ගැනීම අපහසු වේ. මේ නිසා එම ගනුදෙනුවල ද්විත්ව බලපෑම ගිණුම්කරණයේ දී සාමාන්‍යයෙන් සටහන් කරනු ලබන්නේ ද්විත්ව සටහන් ක්‍රමය අනුව ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *