Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීම

ගිණුම්වල සටහන් කෙරෙන්නේ වත්කමක, හිමිකමක, වගකීමක, ආදායමක, හෝ වියදමක වැඩි වීම හෝ අඩු වීම ය. කෙසේ වුව ද ගිණුමකට හර කරන්නේ වැඩිවීමක් පෙන්නුම් කිරීම සඳහා ම නොවේ. සමහර ගිණුම්වල වැඩි වීමක් පෙන්නුම් කිරීම සඳහා හර කරනු ලබන අතර සමහර ගිණුම්වල අඩු වීමක් පෙන්නුම් කිරීම සඳහා ද හර කරනු ලැබේ. බැර කිරීම සම්බන්ධයෙන් ද තත්ත්වය මෙසේ ම ය. ඒ අනුව වැඩි වීම හෝ අඩු වීම පෙන්නුම් කිරීම සඳහා ගිණුමක හර හෝ බැර කරන්නේ කෙසේ ද යන ගැටලුව පැන නගියි. මෙම ගැටලුවට විසඳුම් ලෙස පොදුවේ පිළිගත් රීති සමූහයක් ඇත. ද්විත්ව සටහන් රීතීන් හෙවත් ද්විත්ව සටහන් මූලධර්ම ලෙස හැඳින්වෙන්නේ මේවා ය. ගිණුම් වර්ග පහක් සඳහා ද්විත්ව සටහන් රීතී පහක් තිබේ. ඒවා පහත වගුවේ දක්වා ඇත.

ව්‍යාපාරයක එක් එක් වත්කම් වර්ගය වෙනුවෙන් වෙන වෙන ම ගිණුම බැගින් පවත්වාගෙන යා යුතුය. ඒ අනුව මෝටර් රථ ගිණුම, ලී බඩු ගිණුම, මුදල් ගිණුම යනාදී වශයෙන් වත්කම් ගිණුම් ගණනාවක් ම තිබිය හැකි ය. මේ ආකාරයට හිමිකම්, වගකීම්, ආදායම් හා වියදම් යනාදිය සඳහා ද ගිණුම් ගණනාවක් තිබිය හැකි ය. මෙම ගිණුම් සියල්ලෙහි ම එකතුව ලෙජරය ලෙස හඳුන්වනු ලැබේ. මේ නිසා ව්‍යාපාර ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීම ඒවා ලෙජරයෙහි සටහන් කිරීම ලෙස ද හැඳින්විය හැකි ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *