Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

මූලාශ්‍ර ලේඛන

ව්‍යාපාර ගනුදෙනු සිදු වූ විට එම ගනුදෙනුවට මුල් වී ක්‍රියාකරන අංශය විසින් ගනුදෙනුව පිළිබඳ සියලු විස්තර අන්තර්ගත කොට වගකිවයුතු නිලධාරියකු විසින් අත්සන්කර පිළියෙල කරන ලියවිලි මූලාශ්‍ර ලේඛන වේ.

ව්‍යාපාර පිළියෙල කරන සෑම මූලාශ්‍ර ලේඛනයකට ම අනුක්‍රමික අංක යොදනු ලැබේ. මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කිරීමේදී පදනමක් ලෙස මූලාශ්‍ර ලේඛන යොදා ගැනේ.

මූලාශ්‍ර ලේඛනවල සාමාන්‍යයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත වේ.

  • ව්‍යාපාරයේ නම හා ලිපිනය
  • අනුක්‍රමික අංකය
  • ගනුදෙනුව සිදුවූ දිනය
  • ගනුදෙනුවට සම්බන්ධ අනෙක් පාර්ශ්වය
  • ගනුදෙනුවට සම්බන්ධ විස්තර
  • ගනුදෙනුවේ මූල්‍යමය වටිනාකම
  • ගනුදෙනුව පිළිබඳ වගකීම භාර ගන්නා නිලධාරියාගේ අත්සන

පහත සඳහන් වගුවේ එක් එක් මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේ දී යොදාගන්නා මූලාශ්‍ර ලේඛනවලට නිදසුන් දැක් වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *