Back to Course

Grade 11 - History

0% Complete
0/0 Steps
  1. කාර්මික විප්ලවය
    2 Topics
  2. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
    4 Topics
  3. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය
    1 Topic
  4. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
    12 Topics
  5. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
    4 Topics
  6. ශ්‍රීලංකාවට නිදහස ලැබීම
    2 Topics
  7. ලෝකයේ කැපී පෙනෙන විප්ලව
    3 Topics
  8. ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්
    4 Topics
Lesson Progress
0% Complete

කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල යම් යම් අංශ සංශෝධනය කර ගැනීමේ උද්ඝෝෂණයක් මුල් වරට ආරම්භ කරන ලද්දේ මෙරට සිටි යුරෝපීය ව්‍යාපාරිකයන් විසිනි. ලංකාවේ සිටි යුරෝපීයන් නියෝජනයක් කිරීමට ව්‍යස්ථාදායකයට නිල නොලත් සාමාජිකයන් තිදෙනෙකු පත් කර තිබුණි. මෙරට වතු වගා කටයුතුවල නිරත වූ එකී යුරෝපීයන්ට අවශ්‍ය වූයේ වතුවගාවට අවශ්‍ය මහාමාර්ග, දුම්රිය මාර්ග හා වෙනත් යටිතල පහසුකම් දියුණු කර ගැනීමටය. එහෙත් මුල් කාලයේ ව්‍යවස්ථාදායක සභාවට පාලන බලය පවරා නොදුන් බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරවා ගැනීම දුෂ්කර විය.

එසේ ම ව්‍යවස්ථාදායකයේ නිල නොලත් පිරිස සු`ඵතරය වීම ගැන ද ඔවුහු අසතුටු වූහ. නිල නොලත් පිරිස ඡන්ද බලයෙන් පත් නොකර ආණ්ඩුකාරවරයා නම් කිරීම පිළිබඳවත් ඔවුන් තුළ අසතුටක් තිබුණි. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා යුරෝපීය ව්‍යාපාරිකයෝ සීමිත උද්ඝෝෂණයක් ආරම්භ කළහ. එහි දී ව්‍යවස්ථාදායක තුළ ප්‍රශ්න ඇසීම, යෝජනා ඉදිරිපත් කිරීම, පුවත්පත් වලට ලිපි සැපයීම, උද්ෂෝෂණ මෙහෙයවීමට සංවිධාන පිහිටුවීම ආදිය ඔවුන්ගේ උද්ඝෝෂණ ක්‍රම විය. ජෝර්ජ් වෝල් ගේ නායකත්වයෙන් යුතුව වර්ෂ 1865 දී ලංකා සංගමය පිහිටුවීම යුරෝපීයයන් පිහිට වූ සංවිධානවලට උදාහරණයකි. මෙම උද්ඝෝෂණ නිසා වර්ෂ 1889 දී ව්‍යවස්ථාදායකයේ නිල නොලත් සංඛ්‍යාව 08 ක් දක්වා වැඩි කෙරිණ. මුස්ලිම් ජනතාව වෙනුවෙන් හා උඩරට සිංහලයන් වෙනුවෙන් නව නියෝජිතයන් දෙදෙනා තෝරා ගැනුණි. යුරෝපීයන්ගේ උද්ඝෝෂණවල අරමුණ, පාලන බලතල ලාංකිකයන් අතට පත් කරවා ගැනීම නොවූවත් ලාංකිකයන්ට ආදර්ශ ලබා ගැනීමට එම උද්ඝෝෂණ ප්‍රයෝජනවත් විය.

Responses

Your email address will not be published. Required fields are marked *