1910 ප්‍රතිසංස්කරණ හා පසුබිම

ලාංකික මධ්‍යම පංතියේ ඉල්ලීම්
කෝල්බෲක් ප්‍රතිසංස්කරණ නිසා 19 වන සියවස තුළ මෙරට ආර්ථිකමය හා සාමාජිය වශයෙන් පු`ඵල් පරිවර්තනයක් සිදු විය. එහි ප්‍රතිඵල වශයෙන් 20 වන සියවස ආරම්භ වන විට පැරණි ප්‍රභූ පන්තිය අභාවයට ගොස් නව ලාංකික මධ්‍යම පන්තියක් බිහි විය. වර්ෂ 1833 සිට ගත වූ වසර 70 ක පමණ කාලයේ දී රට තුළ ඇති වූ ආර්ථික හා සමාජ වෙනස්වීම් වලට සාපේක්ෂව දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු ව නොතිබුණි.

ලාංකික මධ්‍යම පන්තිය මේ ගැන අසතුටෙන් පසු වූ බැවින් 1908 – 1909 කාලයේ දී ඔවුහු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් මෙරටට අවශ්‍ය බවට ඉල්ලීම් ඉදිරිපත් කළ හ. වර්ෂ 1908 දෙසැම්බර් මාසයේ දී ජේමිස් පීරිස් මහතා විසින් ලංකාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට විධිමත් පෙත්සමක් මුල් වරට යටත් විජිත භාර ලේකම් වෙත ඉදිරිපත් කරන ලදි. අනතුරුව තවත් සංවිධාන කිහිපයක් මෙබදු පෙත්සම් ඉදිරිපත් කර ඇත. පහත රට නිෂ්පාදන සංගමය, හලාවත සංගමය හා යාපන සංගමය එබඳු සංගම් වලට උදාහරණ වේ. එම පෙත්සම් මගින් ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මෙසේ ය.

  • ™ ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජික පිරිස ඉහල දැමීම.
  • ™ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීම.
  • ™ පළාත් බද නියෝජන ක්‍රමය අනුව ඒ ඒ පළාත් වෙනුවෙන් ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩ සැලසීම.
  • ™ ව්‍යවස්ථාදායක සභාවේ බලතල වැඩි කිරීම.

එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මැකලම් ලාංකිකයන්ගේ ඉල්ලීම් පිළිබඳ විරුද්ධ විය. පෙත්සම් ඉදිරිපත් කළ පුද්ගලයන් හා සංවිධාන පොදු ජනතාව නියෝජනය නොකරන බවට ඔහු තර්ක කළේ ය. එහෙත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය බවට මතුවෙමින් පැවති තර්කානුකූල අදහස් නොසලකා හැරීම යටත් විජිත කාර්යාලයට හැකියාවක් නොතිබුණි. කෝල්බෲක් ආණ්ඩුක්‍රමය මේ වන විට වසර 75 කට වැඩි කලක් ආයු ගෙවා තිබූ බැවින් නව ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව යටත් විජිත නිලධාරින් පවා පිළිගත් බව පෙනේ. මේ අනුව වර්ෂ 1910 නොවැම්බර් මස දී නව ප්‍රතිසංස්කරණයක් ලබා දෙන බව යටත් විජිත ලේකම් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එවකට මෙරට ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මැකලම්ගේ නිර්දේශ පදනම් කරගෙන යටත් විජිත ලේකම් කෲව් සාමිවරයා සැලසුම් කළ එම ආණ්ඩුක්‍රමය කෲව් මැකලම් ආණ්ඩුක්‍රමය ලෙස හැඳින්වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *