Back to Course

Grade 11 - History

0% Complete
0/0 Steps
  1. කාර්මික විප්ලවය
    2 Topics
  2. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
    4 Topics
  3. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය
    1 Topic
  4. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
    12 Topics
  5. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
    4 Topics
  6. ශ්‍රීලංකාවට නිදහස ලැබීම
    2 Topics
  7. ලෝකයේ කැපී පෙනෙන විප්ලව
    3 Topics
  8. ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්
    4 Topics
Lesson Progress
0% Complete

වර්ෂ 1915 සිංහල මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ යුධ නීතිය පැනවීම මගින් ආණ්ඩුව ජනතාව මර්ධනය කිරීම නිසා පාලන කටයුතුවල දී ලාංකිකයන්ට වැඩි බලතල ලබා ගැනීමේ අවශ්‍යතාව තදින් මතු විය. එහෙත් 1919 වන විටත් මෙරට දේශපාලන උද්ඝෝෂණ මෙහෙය වීමට පොදු සංවිධානයක් බිහිව නොතිබුණි. මේ වන විට කුඩා කුඩා සංවිධාන රැසක් තිබුණු නමුත් එමගින් ප්‍රබල හඬක් නැගිය නොහැකි විය. මේ නිසා ඒ වන විට පැවති සංවිධාන සියල්ල එකතු කොට 1919 දෙසැම්බර් මස ලංකා ජාතික සංගමය පිහිටුවනු ලැබීය. 1915 න් පසුව මෙරට දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරයේ කැපී පෙණුනු නායකයෙකු වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා වශයෙන් පත් විය. මේ වන විට දේශපාලන කටයුතු පිළිබඳ උනන්දු වූ සියලු සංවිධාන ජාතික සංගමය යටතේ ඒකාබද්ධ වී දේශපාලන බලතල ලාංකිකයන්ට ලබා ගැනීමට ශක්තිමත් උද්ඝෝෂණයක් මෙහෙයවීම ජාතික සංගමය පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් විය. පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සිංහල, දෙමළ මුස්ලිම් වැනි විවිධ ජන කොටස් නියෝජනය කළ සංවිධාන රැසක් ලංකා ජාතික සංගමය ලෙස එකම සංවිධානයක් තුළට එක්සත් වීම මෙරට ඉතිහාසයේ වැදගත් අවස්ථාවකි.

Responses

Your email address will not be published. Required fields are marked *