Back to Course

Grade 11 - History

0% Complete
0/0 Steps
  1. කාර්මික විප්ලවය
    2 Topics
  2. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
    4 Topics
  3. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය
    1 Topic
  4. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
    12 Topics
  5. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
    4 Topics
  6. ශ්‍රීලංකාවට නිදහස ලැබීම
    2 Topics
  7. ලෝකයේ කැපී පෙනෙන විප්ලව
    3 Topics
  8. ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්
    4 Topics
Lesson Progress
0% Complete

කෲව් මැකලම් ආණ්ඩුක්‍රමය ගැන සෑහීමට පත් නොවී ලාංකිකයන් විසින් දිගින් දිගටම මෙහෙයවන ලද උද්ඝෝෂණ නිසා 1920 දී මෙම ප්‍රතිසංස්කරණ ලැබුණ මේ ප්‍රතිසංස්කරණය අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 37 දක්වා වැඩි කෙරිණි. එම පිරිසෙන් 14 දෙනෙක් නිලලත් අය වූ අතර 23 දෙනෙකු නිල නොලත් නියෝජිතයෝ වූහ. නිල නොලත් පිරිසෙන් 7 දෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් නාමකරණයෙන් පත් කරන ලදි. ඉතිරි 16 දෙනා පලාත් බද නියෝජන ක්‍රමය අනුව සීමිත ඡන්ද බලයෙන් තෝරා ගත්හ. නිල නොලත් පිරිස ව්‍යවස්ථාදායකයේ බහුතරය වුවත් තීරණාත්මක අවස්ථාවක දී ආණ්ඩුකාරවයා නම් කළ 7 දෙනා ද නිලලත් 14 දෙනා සමග එකතු වීමේ පසුබිමක් පැවති හෙයින් ව්‍යවස්ථාදායකයේ ආණ්ඩුකාරවරයාට පක්ෂපාත බහුතර ඡන්දයක් තිබුණි.

Responses

Your email address will not be published. Required fields are marked *