Back to Course

Grade 11 - History

0% Complete
0/0 Steps
  1. කාර්මික විප්ලවය
    2 Topics
  2. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
    4 Topics
  3. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය
    1 Topic
  4. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
    12 Topics
  5. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
    4 Topics
  6. ශ්‍රීලංකාවට නිදහස ලැබීම
    2 Topics
  7. ලෝකයේ කැපී පෙනෙන විප්ලව
    3 Topics
  8. ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්
    4 Topics
Lesson Progress
0% Complete

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සමාජ, ආර්ථික ක්‍රමයට හා සංස්කෘතියට පදනම සකස් වූයේ අනුරාධපුර රාජ්‍ය සමය තරම් ඈත කාලයක දී ය. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිට බුදු දහමේ ආභාසය මත ගොඩනැගුණු එකී සමාජ ආර්ථික රටාවේ වෙනස්කම් ඇති වීම ආරම්භ වූයේ 16 වන සියවසේ පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසුව ය. පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශවල බලය ගොඩනගාගෙන සිටි කාලයේ වෙළෙඳාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා ඔවුන් යටතේ පැවති ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු තරමක් අඩපණ විය. මෙරට මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය පැවති සමයේ ලන්දේසීහු අපනයනය ඉලක්ක කරගෙන, කුරුඳු, ගම්මිරිස් ආදිය වගා කිරීමේ ක්‍රමයක් අනුගමනය කළහ. එසේ ම ලන්දේසීන් සුඵ කර්මාන්ත කිහිපයක් ආරම්භ කළ හෙයින් නිම කරන වැඩ කොටස් අනුව ගෙවීම් කිරීම, වැටුපට සේවය කරන කම්කරු පිරිසක් සුඵ වශයෙන් හෝ බිහිවීම ආදිය ද දක්නට ලැබේ. එහෙත් පෘතුගීසීන් හා ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව තම බලය ගොඩනගා ගෙන සිටි සමයේ දිවයිනේ විශාල ප්‍රදේශයක උඩරට රජධානියේ බලය ව්‍යාප්තව පැවති හෙයින් සාම්ප්‍රදායික සමාජ ආර්ථික රටාවේ පුඵල් වෙනසක් ඇති කිරීමට එකී යුරෝපීයන්ට හැකියාව නො ලැබුණි.

බි්‍රතාන්‍යයන් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා විට සාම්ප්‍රදායික සමාජ ආර්ථික ක්‍රමය ඇසුරෙන් ගොඩනැගුණු සමාජ ක්‍රමයක් මෙරට පැවතුණි. එම සමාජය තුළ ප්‍රභූ පන්තියක් සිටි අතර එම පිරිස රටේ ජනගහනයෙන් ඉතාසුඵ පිරිසකි. ප්‍රභූ පන්තිය බොහෝ විට රටේ පරිපාලන කටයුතු මෙහෙයවා ඇත. රටේ අතිබහුතර ජනතාව සාමාන්‍ය ජනයා වූ අතර ඔවුන් කෘෂිකර්මාන්තය මත යැපුණි.

මෙරට සාම්ප්‍රදායික ජන ජීවිතය ගම මූලික කරගෙන බිහිව තිබුණි. ගමේ ජනතාවට අවශ්‍ය ආහාර පාන ගම තුළ ම නිෂ්පාදනය කළ හෙයින් එය ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි ය. අන්‍යෝන්‍ය සහයෝගය හා සහජීවනය සමාජයේ පැවතුණි. එකල සමාජයේ වැටුපට වැඩ කිරීමේ ක්‍රමයක් දක්නට නො ලැබිණි. තමන්ගේ ගොවිතැන් කටයුතුවලට ශ්‍රමය වැය කළ එක් එක් අයගේ ගොවිතැන් කටයුතු සඳහා අදාළ දින ගණන් වලට සරිලන සේ තම ශ්‍රමය ලබා දීම හෙවත් අත්තම් ක්‍රමය යටතේ කෘෂිකාර්මික කටයුතු සිදු විය. මේ නිසා සමාජයේ මුදල් භාවිතය අවම වී තිබුණි.

ගම් වැසියන්ගේ සුඵ සුඵ ආරවුල් හා සුඵ පැමිණිලි විභාග කරන ලද්දේ ගම් සභාව විසිනි. උඩරට රාජධානි සමයට පෙර ගමේ ඇළ වේලි සැකසීම, වැව් අමුණු නඩත්තුව, පාරවල් හා වෙහෙර විහාර තැනවීම වැනි පොදු කටයුතු මෙහෙයවීමේ දී ගම් සභාවට වැදගත් තැනක් ලැබුණි. සාම්ප්‍රදායික රාජකාරී ශ්‍රම ක්‍රමය යටතේ ගම් සභාවට අවශ්‍ය ශ්‍රමය ලබා ගත හැකි විය. උඩරට රාජධානී සමය වන විට ගම් සභාව ගමේ සුඵ අධිකරණ කටයුතු විසඳන ආයතනයක්ව පැවතුණි.

1815 වර්ෂයට පෙර පැවති පරිපාලන ක්‍රමය යටතේ රජයට අවශ්‍ය ශ්‍රමය ලබා ගත්තේ රාජකාරී ශ්‍රම ක්‍රමය මගිනි. එකල ඉඩම් භූක්ති රාජකාරී ක්‍රමය හා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය වශයෙන් ශ්‍රමය සැපයීමේ ක්‍රම දෙකක් තිබුණි.

අතීතයේ රජුට අවශ්‍ය සේවා සපයන නිලධාරීන්ට යැපීම සඳහා ඉඩ කඩම් ලබා දී තිබිණ. සේවා පරවේණි ඉඩම් ලෙස හඳුන්වන ලද එකී ඉඩම් වගා කළ අය රජුට අවශ්‍ය සේවය සැපයූහ. නිලධාරීන්ට ලැබුණු මෙම ඉඩම් වගා කිරීම සාමාන්‍ය ජනතාවට ලබා දී තිබුණු අතර එකී ඉඩම් වගා කිරීම වෙනුවෙන් සේවය මගින් ශ්‍රමය සැපයීමට එම වගාකරුවන්ට සිදු විය. එය ඉඩම් භුක්ති රාජකාරිය ලෙස හැඳින්වේ. 

රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා ම වසරකට නියමිත දින ගණනක් කිසිදු ගෙවීමකින් තොරව රජුට අවශ්‍ය ශ්‍රමය සැපයිය යුතු විය. ගම් ප්‍රධානීන් හා ගම්සභාව යටතේ එම ශ්‍රම ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි. බොහෝ විට ගමේ පොදු වැඩවලට අවශ්‍ය ශ්‍රමය ලැබුණේ මෙම අනිවාර්ය සේවා රාජකාරිය මගිනි

™ කෝල්බෲක් කොමිසමේ ආර්ථික ප්‍රතිසංස්කරණ
ඉංග්‍රීසීන් මෙරට පාලනය කිරීමේ දී රජයේ ආදායමට වඩා වියදම වැඩි වීම කෝල්බෲක් කොමිසම එවීමට තුඩු දුන් ප්‍රධාන හේතුව විය. එය ආර්ථික කරුණක් වූ බැවින් ඉංග්‍රීසීන්ගේ අරමුණුවලට ගැළපෙන ආර්ථික ක්‍රමයක් මෙරට බිහි වන ආකාරයේ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට කෝල්බෲක් පියවර ගත් බව පෙනේ. එවකට රජය මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට නම් ආර්ථික ප්‍රතිලාභ අත් වන අංශ කෙරේ ධනය ආයෝජනය කළ යුතුව තිබිණ. එහෙත් රජයට ඒ සඳහා මුදල් නොතිබූ බැවින් පෞද්ගලික ව්‍යවසායකයන්ට ධනය ආයෝජනය කළ හැකි පසුබිමක් මෙරට ගොඩනැගීම කෝල්බෲක් කොමිසමේ අරමුණ වී තිබිණ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික ඉඩම් භූක්ති ක්‍රමය පෞද්ගලික ව්‍යවසායේ දියුණුවට බාධාවක් වූ බැවින් රජය ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු යැයි කෝල්බෲක් නිර්දේශ කළේ ය. මේ අනුව විදේශිකයන්ට මෙන් ස්වදේශකයන්ට ද කැමැති ප්‍රමාණයක් ඉඩම් මිල දී ගැනීමට අවස්ථාව ලැබිණි. මෙරට සිටි සිවිල් නිලධාරීන්ට වතු වගාවට අවසර දිය යුතුයැයි කෝල්බෲක් නිර්දේශ කළ නිසා රජයේ ඉඩම් මිලදී ගැනීමේ අවස්ථාව ඔවුන්ට ද ලැබුනි.

ඉඩම් මිල දී ගත් ව්‍යාපාරිකයන් ඒවා වගා කරවීමට ශ්‍රමය අවශ්‍ය වේ. සාම්ප්‍රදායිකව පැවති අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අනුව රජයේ කටයුතුවලට ශ්‍රමය ලබාගත්තේ මුදල් ගෙවීමකින් තොරව ය. එය පෞද්ගලික නිදහසට බාධාවක් වූවා මෙන් ම පෞද්ගලික ව්‍යවසාය ක්‍රමයට නො ගැළපෙන බව ද කෝල්බෲක් දුටුවේ ය. මේ නිසා අනිවාර්ය සේවා රාජකාරි ශ්‍රම ක්‍රමය අහෝසි කිරීමට කෝල්බෲක් යෝජනා කළේ ය. ඒ අනුව ශ්‍රමය යනු කිසියම් මුදලකට මිල දී ගත හැකි දෙයක් බවට පත් වූයෙන් වැටුපට සේවය කරන ශ්‍රමිකයන් බිහි වීමට අවශ්‍ය පසුබිම ගොඩනැගිණ.

කෝල්බෲක් මෙරටට පැමිණෙන විට පැවති ආර්ථික ක්‍රමය අනුව කුරුඳු හා ලුණු වෙළෙඳාම රජයේ ඒකාධිකාරයක් වශයෙන් පැවතුණි. මෙසේ රාජ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යාම පෞද්ගලික ව්‍යවසාය ක්‍රමය සමග නො ගැළපේ. මේ නිසා කුරුඳු හා ලුණු ඒකාධිකාරය අහෝසි කොට පෞද්ගලික අංශයටත් එම ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතුවලට යෙදීමට ඉඩ සැලසීමට යෝජනා කෙරිණ. එකල රජයේ ආදායම් මාර්ග වූ මාඵ බද්ද, ඉඩම් බද්ද, මත්පැන් බද්ද ආදිය සෘජු වශයෙන් අය කළ බදු වර්ග විය. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් අල්ලන ලද මාඵවලින් කොටසක් බදු වශයෙන් ගෙවීමට සිදු තිබුණි. ඒ ඒ ප්‍රදේශයේ බදු අය කිරීමේ අයිතිය වෙන්දේසි කර තිබූ අතර වෙන්දේසියෙන් එම අයිතිය මිල දී ගත් පිරිසට මා`ඵවලින් කොටසක් බදු වශයෙන් ලබා දීමට ධීවරයන්ට සිදු විය. මෙසේ අල්ලන ලද මාළුවලින් කොටසක් බදු වශයෙන් ලබා ගැනීම වෙනුවට බෝට්ටුවලට බලපත්‍ර නිකුත් කිරීමෙන් එම බද්ද වක්‍රව අය කිරීමට යෝජනා කෙරිණි. ඉඩම් බද්ද ද සෘජු බද්දක් ලෙස පැවතුණි. බදු එකතු කිරීමේ අයිතිය රජය වෙන්දේසියේ විකුණා තිබූ අතර එම අයිතිය මිල දී ගත් පිරිස් ඉඩම්වල නිෂ්පාදන ද්‍රව්‍යවලින් බදු අය කළහ. එය අහෝසි කොට සියලු ඉඩම්වලින් සමාන බද්දක් මුදලින් අය කිරීමට කෝල්බෲක් නිර්දේශ කළේ ය.

දිවයිනේ ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටුවිය යුතු බව කෝල්බෲක්ගේ තවත් යෝජනාවකි. වතු වගා කටයුතුවලට ධනය ආයෝජනය කරන ව්‍යාපාරිකයන්ට සාධාරණ පොළියකට මුදල් ලබා ගැනීමට ඉඩ සලසා දීම එහි අරමුණ විය.

වතු වගාවේ දියුණුව

කෝල්බෲක් කොමිසමේ නිර්දේශ 1833 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමත් සමග මෙරට පු`ඵල් ආර්ථික පරිවර්තනයකට මග සැලසිණ. පෞද්ගලික ව්‍යවසාය දිරිමත් කිරීම කෝල්බෲක්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණවල අරමුණ වූවත් ඒ වන විට විශාල වශයෙන් ධනය ආයෝජනය කළ හැකි ධනවතුන් පිරිසක් මෙරට නොසිටි හෙයින් විදේශීය ධන ආයෝජකයන්ට අක්කර දහස් ගනනින් ඉඩම් මිල දී ගැනීමට හැකියාව ලැබුණි. මේ තත්ත්වය කෝල්බෲක් පවා දැන සිටියේ ය. ලංකාවට පැමිණි විදේශිකයන් ධනය ආයෝජනය කළේ විදේශීය වෙළෙඳාමෙන් ලාභ ලැබිය හැකි ව්‍යාපාරික කෘෂිකර්මාන්තය කෙරෙහි ය. මේ නිසා 19 වන සියවස තුළ වතු වගාවේ ශීඝ්‍ර දියුණුවක් ඇති විය.

කෝපි වගාව

ලන්දේසීන්ගේ පාලන කාලයේ දී මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක සු`ඵ වශයෙන් කෝපි වැවීම ආරම්භ වුවත් එකල කුරුඳු වගාවට ප්‍රමුඛත්වය ලැබුණු නිසා කෝපි වගාව දියුණු නො වීය. ඉංග්‍රීසීන් උඩරටට පැමිණෙන විට ස්ථාන කිහිපයක ගෙවතු වගාවක් ලෙස කෝපි වවා තිබුණි. කෝපි වගාව වතු වගාවක් ලෙස දියුණු වූයේ බි්‍රිතාන්‍ය පාලන සමයේ දී ය. 19 වන සියවසේ කෝපි වගාවේ උන්නතියක් ඇති වීමට තුඩු දුන් හේතු කිහිපයක් පවතී.

කෝපි වගාව දියුණු වීමට බලපෑ හේතු කිහිපයක්

  • 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් පසුව විදේශිකයන් වැඩි වැඩියෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම
  • යුරෝපා වෙළෙඳපොළේ කෝපිවලට ඇති ඉල්ලුම ඉහළ යාම
  • කෝපි වගාවෙන් විශාල වශයෙන් ලාභ ලැබිය හැකි වීම.
  • ඉන්දියානු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා වතු වගාවට ලාභදායි ලෙස ශ්‍රමය ලබා ගත හැකි වීම.

එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී (වර්ෂ 1824- – 1831) කෝපි වලට අය කළ අපනයන බද්ද අඩු කිරීම, වතු වගා කටයුතුවලට ශ්‍රමය සැපයූ කම්කරුවන් අනිවාර්ය සේවා රාජකාරියෙන් නිදහස් කිරීම ආදිය කෝපි වගාවේ උන්නතියට හේතුවක් විය.

වර්ෂ 1837 – -1847 කාලයේ උඩරට ප්‍රදේශවල කෝපි වගාව වේගයෙන් පැතිරිණි. මේ කාලයේ දී කෝපි වගාවෙන් විශාල වශයෙන් ලාභ ලැබිය හැකි වූ බැවින් රජයේ නිලධාරීහු පවා කෝපි වගා කළහ. 145 වර්ෂය වන විට උඩරට ප්‍රදේශවල කෝපි වතු 500ක් තරම් පැවති බව වාර්තා වේ. මේ නිසා දුම්බර මිටියාවත, ගම්පොළ, පේරාදෙණිය, මාතලේ, බදුල්ල හා මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවල සාර්ථකව කෝපි වගාව සිදු විය. 1834 දී අපනයනය කළ කෝපි හොන්ඩර ප්‍රමාණණය මෙන් පස් ගුණයක් පමණ 1844 වන විට අපනයනය කළ හැකි විය. එහෙත් 1844න් පසුව බි්‍රතාන්‍ය අනුගමනය කළ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය නිසා ලන්ඩන් වෙළෙඳපොළේ මෙරට කෝපි වලට දැඩි තරගයකට මුහුණ දීමට සිදු විය. එසේ ම 1848 දී පමණ ඇති වූ ලෝක ආර්ථික පරිහානිය ද මෙරට කෝපි වගාවට අහිතකර ලෙස බලපෑවේය. මෙබදු හේතු නිසා කෝපිවලට ඇති ඉල්ලුම අඩු වී 1848 පමණ වන විට කෝපි වතුවල වටිනාකම පහළ ගියේ ය. එහෙත් 1850න් පසුව කාර්යක්ෂම වතු පාලනය නිසා නිෂ්පාදන මිල අඩු කර ගැනීමට හැකි වීමත් යුරෝපයේ කෝපිවලට තිබූ ඉල්ලුම යළි ඉහළ යාමත් නිසා එම වගාව යථා තත්ත්වයට පත් විය. මෙරට කෝපි වගාව පරිහානියට පත් වීමට ප්‍රධාන හේතුවක් වූයේ 1869 සිට කෝපි කොළ රෝගයක් පැතිර යාම යි. හෙමලියා වෙස්ටර්ටි්‍රක්ස් (Hemilia Vestatrix) නම් එකී දිලීර රෝගය ශීඝ්‍රයෙන් පැතිරයාම නිසා කෝපි වගාව පිරිහුණි.

සිංකෝනා හා කොකෝවා

මෙරට කෝපි වගාව පරිහානියට පත් වෙමින් පැවති සමයේ ඇතැම් වගා කරුවෝ සිංකෝනා වගාවට හා කොකෝවා වගාවට යොමු වූහ. එහෙත් සිංකෝනා වගාව සාර්ථකව කළ හැකි වූයේ වඩා උස් බිම්වල පමණි. සිංකෝනා යනු ක්විනික් නැමැති ඖෂධය නිපදවීමට යොදා ගත් බෙහෙත් පැළෑටියක් වූ හෙයින් ඒ සඳහා පැවති ඉල්ලුම ද සීමිත විය. මේ නිසා කෝපි වගාවට විකල්පයක් වශයෙන් සිංකෝනා වගාව සාර්ථක නො වී ය. කෝපි වගාව පරිහානියට ගිය අවධියේ කොකෝවා වගාවට රජයෙන් අනුග්‍රහය ලැබුණි. කොකෝවා සාර්ථකව වගා කිරීමට සෙවන අවශ්‍ය වූ නිසා ඒ සඳහා අමතර වියදමක් දැරීමට වගා කරුවන්ට සිදු විය. කොකෝවා වඩා හොඳින් වගා කළ හැකි වූයේ ද මාතලේ දිස්ත්‍රික්කයේ පමණි. කොකෝවා වගාව වඩාත් සාර්ථකව පැවති කාලයේ පවා එය අක්කර 12000කට වැඩි ප්‍රදේශයක පැතිර නො තිබුණි. මේ නිසා කෝපිවලට විකල්පයක් ලෙස කොකෝවා වගාව ද සාර්ථක නො වූ බව පෙනේ

තේ වගාව

ලෝක වෙළෙඳපොළේ කෝපි මිල වරින්වර ඉහළ පහළ යාම නිසා උඩරට ප්‍රදේශවල වගාවට සුදුසු වෙනත් භෝග පිළිබඳව ද අත්හදාබැලීම් සිදු කෙරුණි. තේ වගා කිරීම පිළිබඳව ද එබඳු පර්යේෂණ කිහිපයක් සිදු විය. 1867 වර්ෂයේ දී වැවිලිකරුවන්ගේ සංගමය වතුකරුවන් පිරිසක් ඇසෑමයට යවා තේ වගාව ගැන වැඩිදුර හැදෑරීමක් සිදු කර ඇත. මේ අතර ජේම්ස් ටේලර් ලුල්කඳුර වත්තේ අක්කර කිහිපයක තේ වගා කරමින් තවත් අත්හදාබැලීමක් සිදු කළේ ය. මෙම අත්හදා බැලීම්වල ප්‍රතිඵල වශයෙන් 1875 වර්ෂය වන විට අක්කර 500ක පමණ තේ වගාව ව්‍යාප්ත විය. කෝපි වගාවේ පිරිහීමත් සමග වග ාකරුවන් බොහෝ දෙනෙක් තේ වගාවට යොමු වූ හෙයින් එම වගාව ශීඝ්‍රයෙන් පැතුරිණි. 1894 වර්ෂය පමණ වන විට මෙරට තේ වගා බිම් ප්‍රමාණය අක්කර ලක්ෂ 4ක් පමණ වීමෙන් එය පැහැදිලි වේ. දිවයිනේ වියළි කලාපය හැරුණු විට අඩි 6000 දක්වා උස ඕනෑ ම ප්‍රදේශ තේ වගා කළ හැකි බැවින් මධ්‍යම ඌව හා සබරගමු පළාත් තුළ එම වගාව පැතිරුණි. පසුව දකුණු හා බස්නාහිර පළාත්වලත් තේ වගා කෙරිණ. 1930 වර්ෂය පමණ වන විට මධ්‍යම ප්‍රමාණයේ හා විශාල තේ වතු 1200ක් පමණ මෙරට පැවති බව වාර්තා වේ.

මෙසේ වගාවේ ව්‍යාප්තියත් සමඟ තේ මෙරට ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් බවට පත් විය. පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව විශාල වශයෙන් තේ තොග වෙළෙඳපොළට පැමිණීමත් 1929 ඇති වූ ලෝක ආර්ථික පරිහානියත් වැනි හේතු නිසා ඒ ඒ අවධිවල තේවලින් ලැබුණු ආදායම තාවකාලිකව අඩු වුවත් පසුව එය යථා තත්ත්වයට පත් විය.

තේ වගාවේ උන්නතියට බලපෑ හේතු කිහිපයක

  • ™ ලංකාවේ තේ සඳහා ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් පැවතීම
  • ™ වියළි කලාපය හැර සෙසු ප්‍රදේශ බොහොමයක තේ වගාවට උචිත පරිසරයක් පැවතීම
  • ™ නවීන කර්මාන්තශාලා හා යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ තේ නිපදවීමට මෙරට සමත් වීම
  • ™ මාර්ග පහසුකම් දියුණු වීම නිසා ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වීම.
  • ™ දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙන ඒම නිසා ලාබදායි ශ්‍රමය ලබා ගත හැකි වීම.

පොල් වගාව

පොල් යනු අතීත කාලයේ සිට මෙරට පැවති ගෙවතු වගාවකි. 1850 වර්ෂය පමණ වන විට කෝපි මිල පහළ යාම නිසා පොල් වගාව පිළිබඳ උනන්දුවක් ඇති විය. යුරෝපීයයන්ට වඩා ස්වදේශිකයන් පොල් වගාවට යොමු වීම කැපී පෙනෙන ලක්ෂණයකි. 1880 වර්ෂය පමණ වන විට පොල් වතු හිමියන්ගෙන් 65%ක් පමණ ලාංකිකයෝ වූහ.

පොල් වගාව ව්‍යාප්ත වූයේ ද කඳුකර ප්‍රදේශවලට වඩා විශාල තැනිතලා සහිත ප්‍රදේශවල ය. කුරුණෑගල, හලාවත හා ගම්පහ වැනි ප්‍රදේශ ඒ අතරින් කැපී පෙනේ. 1920 වන විට මෙරට විදේශ විනිමය ඉපැයීම්වලින් 27%ක් පමණ පොල් නිෂ්පාදනවලින් ලැබුණි. පොල් වගාව ව්‍යාප්ත වන විට ලුණුවිල පොල් පර්යේෂණාගාරයක් පිහිටුවා වගාව දියුණු කිරීමට කටයුතු කෙරිණ. මෙරට පොල් නිෂ්පාදනයෙන් අඩක් පමණ දේශීය පරිභෝජනයට යොදා ගත් හෙයින් එය වෙනත් වතු වගා මෙන් අපනයනය ඉලක්ක කර ගෙන සිදු කළ වගාවක් නො වන බව පෙනේ. කෝපි හා තේ වගාව නිසා කඳුකර ප්‍රදේශවල මහා මාර්ග හා දුම්රිය මාර්ග දියුණු වූවා මෙන් පොල් වගාව නිසා එකී වගාව පැවති ප්‍රදේශවල ද මාර්ග දියුණුවක් ඇති විය.

රබර් වගාව

1877 වර්ෂය පමණ වන විට රබර් ගස මෙරටට හඳුන්වා දෙනු ලැබූවත් එම කාලයේ වැවිලිකරුවන් තේ වගාවට යොමු වීම නිසා රබර් වගාව වේගයෙන් ව්‍යාප්ත නො වී ය. 20 වන සියවස ආරම්භ වන විට මෝටර් රථ කර්මාන්තය දියුණු වී රබර් මිල ඉහළ යාමත් ශ්‍රී ලංකාවට ගැළපෙන රබර් වර්ග සොයා ගැනීම හා නිෂ්පාදන ශිල්ප ක්‍රම වැඩි දියුණු වීමත්, කෙටි කාලීනව තේ මිල පහළ යාමත් රබර් වගාව ව්‍යාප්ත වීමට හේතු වූ බව පෙනේ. මුල් කාලයේ දී ක`ඵතර දිස්ත්‍රික්කයට සීමා වූ රබර් වගාව පසුව බස්නාහිර, සබරගමුව, දකුණ යන පළාත්වල හා මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවලත් පැතිරිණි. 1920 වර්ෂය පමණ වන විට මෙරට අපනයන ආදායමෙන් 30ක් පමණ රබර් නිෂ්පාදනවලින් ලැබුණි. පසුව අගලවත්ත ප්‍රදේශයේ රබර් පර්යේෂණ ආයතනයක් පිහිටුවා රබර් වගාව දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනිණ.

Responses

Your email address will not be published. Required fields are marked *