18 වන සියවස අග භාගයේ දී බ්‍රිතාන්‍යයයේ කාර්මික විප්ලවය ආරම්භ විය. එතැන් සිට තවත් අඩ සියවසක් පමණ යනතුරු කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයට සීමා වී තිබුණි. එහෙත් 19 වන සියවස වන විට යුරෝපයේ සෙසු රටවලට හා ලෝකයේ වෙනත් රටවලට ද කාර්මික විප්ලවයේ බලපෑම පැතිරුණි.
කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව වෙළෙඳාම යි. 18 වන ශතවර්ෂය වන විට යුරෝපයේ තත්ත්වය විමසා බැලුවහොත් බ්‍රිතාන්‍යය හැරුණු විට ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය වැනි රටවල් ද යටත් විජිත පිහිටුවාගෙන බහුල වශයෙන් වෙළෙඳ කටයුතුවල නිරත වූ බව පෙනේ. එසේ තිබිය දී කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයයේ ආරම්භ වූයේ කවර හේතු නිසා ද යන්න විමසා බැලීම වැදගත් වේ.
- කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයයේ ආරම්භ වීමට හේතු
16 වන සියවසේ සිට යුරෝපයේ වෙළෙඳ හා වාණිජ්‍ය කටයුතු දියුණු වූ අතර 18 වන ශතවර්ෂය පමණ වන විට යුරෝපා රටවල් අතුරින් ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා ඕලන්දය වැනි රටවල්වලට වඩා එංගලන්තය ඉදිරියට පැමිණ තිබිණි. මේ නිසා කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කළ හැකි ධනවතුන් පිරිසක් එරට බිහි විය. මේ අතර 18 වන සියවස වන විට බ්‍රිතාන්‍යයයේ ජනගහන වර්ධනය අධික වීම නිසා භාණ්ඩ සඳහා වූ ඉල්ලුම වැඩි වූ අතර ඊට ප්‍රමාණවත් ලෙස භාණ්ඩ නිෂ්පාදනය කිරීම අභියෝගයක් ව පැවතුණි. එය කාර්මික ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වීමට බලපෑවේ ය. එසේ ම 14 හා 15 වන සියවස්වල දී යුරෝපයේ ඇති වූ පුනරුදය නිසා විද්‍යාත්මක දැනුමේ පු`ඵල් වීමක් දැකිය හැකි ය. යන්ත්‍ර සූත්‍ර නිපදවීම සඳහා එම දැනුම යොදා ගැනීමට හැකියාව ලැබුණි. එසේම යන්ත්‍ර සූත්‍ර තැනවීමට අවශ්‍ය යකඩ හා වානේ වැනි ඛනිජ සම්පත් ද බ්‍රිතාන්‍යය සතුව තිබුණි. එපමණක් නොව බලශක්තිය සඳහා අවශ්‍ය ගල් අඟු-රු ආදිය සපයා ගැනීමත් එරට ට පහසු විය.
සමකාලීනව ප්‍රංශය වැනි රටවල ද විශාල ජනගහනයක් සිටි නමුත් අදූරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්ති නිසා බ්‍රිතාන්‍යයට සාපේක්ෂ ව එම රටවල වෙළෙඳ දියුණුව ඉතා සීමිත වී තිබුණි. එහෙත් බි්‍රතාන්‍යය විවිධ වාණිජ නීති මඟින් සිය යටත් විජිතවලට බාහිර රටවල් සමඟ වෙළෙඳ සබඳතා පවත්වා ගැනීමට තිබූ ඉඩකඩ බොහෝ දුරට අහුරා තිබුණි. මේ නිසා බි්‍රතාන්‍යය යටත් විජිතවලට අවශ්‍ය භාණ්ඩ බ්‍රිතාන්‍යයයේන් ආනයනය කිරීමට සිදු වීමෙන් එරට භාණ්ඩවලට යටත් විජිතවලින් හොඳ ඉල්ලුමක් ඇති විය. බ්‍රිතාන්‍යයයේ වෙළෙඳපළවලින් වැඩි ඉල්ලුමක් ඇති වූ ඇතැම් භාණ්ඩ යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කිරීමට යෝග්‍ය වූ ඒවා විය. බි්‍රතාන්‍ය කපු රෙදිවලට ඉන්දියාවෙන් තිබූ ඉහළ ඉල්ලුම එයට හොඳ නිදර්ශනයකි. බ්‍රිතාන්‍ය කපු රෙදිවලට යටත් විජිතවලින් ඉහළ ඉල්ලුමක් පැවති නමුත් එතෙක් පැවති නිෂ්පාදන ක්‍රම අනුව කෙටි කාලීනව රෙදිපිළි නිෂ්පාදනය ඉහළ දැමීමට හැකියාවක් නොතිබිණ. මෙසේ බි්‍රතාන්‍ය නිෂ්පාදනවලට පැවති අධික ඉල්ලුම නිසා කෙටි කාලීනව නිෂ්පාදනය වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු විය. එරට කාර්මික ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වූයේ මෙම අභියෝගයට විසඳුම් වශයෙනි.
සමකාලීනව බි්‍රතාන්‍යයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ද වෙනස්වීම් ගණනාවක් සිදු විය. එහි දී ඉඩම් හිමියන් විසින් සු`ඵ ගොවියන් සතුව තිබූ කුඩා ඉඩම් කැබලි එකතු කර විශාල ගොවිපළවල් සකස් කර ගන්නා ලදි. මෙය ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය නමින් හැඳින්වේ. මේ නිසා ඉඩම් අහිමි වූ ගම්බද ගොවීහු රැකියා සොයා නගරවලට සංක්‍රමණය වූහ. තව ද කුරුස යුද්ධය අවසන් වූ පසුව ඉඩම් වගා කළ ප්‍රවේණි දාසයෝ ගොවිපළට නොගොස් නගරවල පදිංචි වූහ. මේ නිසා බිහි වූ අතිරික්ත ශ්‍රමය, කාර්මික දියුණුවට යොදා ගත හැකි විය. සෙසු රටවලට මෙන් නොව බි්‍රතාන්‍යයේ සමාජ තරාතිරම කුමක් වුවත් හැකියාව ඇති පුද්ගලයන්ට ධනය උපයාගත හැකි පසුබිමක් තිබුණි. ආකල්පමය වශයෙන් එරට පැවති මෙබඳු නිදහස් සමාජ පසුබිම නව අදහස් ප්‍රචලිත වීමට හේතු වූ අතර එය කාර්මික ක්ෂේත්‍රයේ දියුණුවට ද හිතකර විය. එසේ ම ආර්ථික ක්ෂේත්‍රයේ සිදු වන වර්ධනයට සාපේක්ෂව කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සපයන දියුණු බැංකු හා මූල්‍ය ආයතන බිහිවීමක් දක්නට ලැබිණි.
බි්‍රතාන්‍යයේ පැවති දේශපාලන ස්ථාවරත්වය ද කාර්මික විප්ලවය සඳහා උපකාරි විය. ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යාපාරික කටයුතුවල යෙදීමට නිදහස, උපකාරය හා බදු සහන ආදිය පාර්ලිමේන්තුව මගින් ලැබිණි. යුරෝපයේ අනෙක් රටවල් හා සසඳන විට බි්‍රතාන්‍යය තුළ කාර්මික විප්ලවය සඳහා සුදුසු පසුබිමක් පැවැතිණි. කුඩා දිවයිනක් වීම, අභ්‍යන්තර වශයෙන් රටපුරා විහිදුණු පොදු වෙළෙඳපොළක් ගොඩනගා ගැනීමට හැකි වීම, තීරුබදු නොමැතිකම, නිෂ්පාදන භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලබා ගත හැකි වීම හා ලන්ඩන් නගරය අමුද්‍රව්‍ය, ප්‍රාග්ධනය, නිෂ්පාදන ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක් වීම යන සාධක රැසක් ද බ්‍රිතාන්‍යයයේ පැවතීම නිසා සෙසු රටවලට වඩා කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණීමට බ්‍රිතාන්‍යයට හැකි විය.
Responses