හැඳින්වීම
1948 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීම මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. ඒ සමඟ ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණුඩුක්‍රමය ලැබුණු බැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මගින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්ථාව ලාංකිකයන්ට හිමි විය. 1972 හා 1978 යන වසරවල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීම මගින් දේශපාලන ක්ෂේත්‍රයේ තවත් වෙනස්කම් රැසක් සිදු විය. නිදහසෙන් පසුව ගෙවුණු දශක තුන තුළ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ මෙන් ම ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවල සිදු වූ වර්ධනයන් පිළිබඳව වැඩි දුර තොරතුරු මෙම පාඩමෙන් අවධානයට ලක් කෙරේ