ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය

19 වන සියවස වන විට ලංකාව මෙන් ම ඉන්දියාව තුළත් බි්‍රතාන්‍ය බලය ව්‍යාප්ත වී තිබුණි. මෙසේ බි්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ඉන්දියාව තුළ 20 වන සියවස ආරම්භ වන විට ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ආරම්භ විය. වර්ෂ 1885 දී ඉන්දියානු නායකයෝ ශක්තිමත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ. මෙම උද්ඝෝෂණ නිසා 1918 වන විට ලංකාවට වඩා ඉදිරියට ගිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉන්දියාවට ලබා දීමට බිතාන්‍ය පාලකයෝ කටයුතු කළහ. සුරේන්ද්‍රනාත් බැනර්ජි, බාල් ගංගාධාර්, තිලක්, මහත්මා, ගාන්ධි, ජවහල්ලාල් ග්‍රේරු වැනි නායකයෝ බි්‍රතාන්‍යයන්ට විද්ධ උද්ඝෝෂණවලට ඉන්දියානු ජනතාව සහභාගි කරවා ගනිමින් “ස්වරාජ්‍ය” හෙවත් නිදහස දිනා ගැනීමේ ප්‍රබල සටන් ක්‍රියාත්මක කළහ. මහත්මා ගාන්ධි ජවහල්ලාල් නේරු වැනි නායකයන් ලංකාවට පැමිණ මෙරට ජනතාව ඇමතූහ. මහත්මා ගාන්ධිතුමා 1927 දී ලංකාවට පැමිණ දින කිහිපයක් ම මෙරට රැදී සිටියේ ය.

ඉන්දියානු නිදහස් සටනේ ආභාසය ලංකාවටත් ලැබුණි. බි්‍රතාන්‍යයට පෙත්සම් ඉදිරිපත් කිරීම හා යටත් විජිත භාර ලේකම් සමග සාකච්ඡා කිරීම වැනි ක්‍රියාමාර්ග වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට ප්‍රමාණවත් නොවන බව මේ නිසා මෙරට නායකයෝ තේරුම් ගත්හ. ඒ අනුව 1915 න් පසුව වඩා සංවිධානාත්මකව උද්ඝෝෂණ මෙහෙයවීමට මෙරට නායකයන් කටයුතු කළ බව පෙනේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *