සෝල්බරි ආණ්ඩුක්‍රමය

ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා බලා ඇමති මණ්ඩලයේ ව්‍යවස්ථා කෙටුම්පත ද සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට වර්ෂ 1944 දී සෝල්බරි කොමිසම පත් කෙරිණි. 1945 දී සෝල්බරි කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් වූ අතර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයන් එමගින් යෝජනා කර තිබුණි. සෝල්බරි ආණ්ඩුක්‍රමය බොහෝ දුරට අමාත්‍ය මණ්ඩලය සැකසූ කෙටුම්පත හා සමාන විය. 1945 නොවැම්බර් මස දී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සෝල්බරි ආණ්ඩුක්‍රමය අනුමත කිරීම වැදගත් කරුණකි. සෝල්බරි ආණ්ඩුක්‍රමයේ ස්වභාවය හා ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පිළිබඳව හයවන පාඩමේ දී ඔබට වැඩිපුර ඉගෙනීමට ලැබේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *