වර්ෂ 1815 න් පසුව බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් ලංකාවේ පාලන කටයුතු ගෙනයාමේ දී රජයේ ආදායමට වඩා වියදම් පක්ෂය ඉහල ගියේ ය. මේ නිසා ලංකාවේ ආණ්ඩුකාරවරුන්ට මෙරට වියදම පියවා ගැනීමට වරින් වර බි්‍රතාන්‍ය ආණ්ඩුවේ මුදල් ඉල්ලා සිටීමට සිදු විය. යටත් විජිත වල කටයුතු වලට මව් ආණ්ඩුවෙන් දිගින් දිගටම මුදල් වැය කිරීම බි්‍රතාන්‍ය ප්‍රතිපත්තිය නොවීය. එබැවින් ලංකාවට පැමිණ මෙරට තත්වය සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස යටත් විජිත ලේකම් විසින් ඩබ්.එච්.ජී.කෝල්බෲක් (විලියම්, මැක්බින් ජෝර්ජ් කෝල්බෲක්) නැමැත්තා පත් කර එවන ලදි. වර්ෂ 1829 දී කෝල්බෲක් ලංකාවට පැමිණි අතර, මෙරට දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ සොයා බැලීම ඔහුට පැවරී තිබුණි. ලංකාවේ එවකට පැවති අධිකරණ හා නීතිමය තත්ත්වය පිරික්සා නිර්දේශ ඉදිරිපත් කිරීමට යටත් විජිත ලේකම් විසින් චාල්ස් හේ කැමරන් නැමැත්තා පත් කරන ලදි. ඒ අනුව කැමරන් 1830 දී මෙරටට පැමිණියේ ය. කෝල්බෲක් කොමිසමේ නිර්දේශ පදනම් කරගත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් වර්ෂ 1833 දී බි්‍රතාන්‍යයන් විසින් මෙරටට හඳුන්වා දෙන ලදි. එය කෝල්බෲක් ප්‍රතිසංස්කරණය ලෙස හැඳින්වේ. ප්‍රතිසංස්කරණවල කැපී පෙනෙන ලක්ෂණ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ මෙරට දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ පු`ඵල් වෙනස්කම් ඇති කරන ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වාදෙන ලදි.
ඒ අතර කැපී පෙනෙන ප්‍රතිසංස්කරණ කිහිපයක් පහත දැක්වේ.
- ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටු වීම.
- උඩරට හා පහතරට පළාත් ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම.
- දිවයින පළාත් පහකට බෙදීම.
- අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම.
- රජයේ වෙළෙඳ ඒකාධිකාරය අහෝසි කිරීම.
කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක සභාවක් හා විධායක සභාවක් පිහිටු වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. කෝල්බෲක් කොමිසම මෙරටට පැමිණි අවධියේ ලංකාවේ ආණ්ඩුකාරවරයාට අසීමිත බලතල පැවරී තිබුණි. එය මහජන නිදහසට බාධාවක් ලෙස සැලකූ කොමිසම ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම පිණිස මෙකී සභා පිහිටුවීම යෝජනා කළේ ය.
වර්ෂ 1833 දී පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුළත් විය. ඔවුන්ගෙන් 09 දෙනෙකු නිලලත් සාමාජිකයන් හෙවත් නිල බලයෙන් පත් වූවෝ වෙති. ඉතිරි 06 දෙනා නිලනොලත් සාමාජිකයෝ වූහ. යුරෝපීයන් වෙනුවෙන් තිදෙනෙක් සිංහල, දෙමළ, බර්ගර් යන ජනකොටස් වෙනුවෙන් එක් අයෙකු බැගින් එම 06 දෙනා තෝරා පත් කෙරිණි. නිල නොලත් සාමාජිකයන් එම සභාවට පත් කිරීමේ බලය ද ආණ්ඩුකාරවරයා වෙත පැවරී තිබුණි.
ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජිකයන් පත් කිරීමේ දී ජන වර්ග අනුව නියෝජිතයන් පත් කිරීම වාර්ගික නියෝජන ක්‍රමය ලෙස සැලකේ. එකී වාර්ගික නියෝජනය අනාගත වශයෙන් ලංකාවට අහිතකර ප්‍රතිඵල ඇති කිරීමට හේතු විය. ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් පිරිසට වඩා නිලලත් පිරිස බහුතරය වීම නිසා මහජනතාව නියෝජනය කළ නිල නොලත් පිරිසට එම සභාවේ බලයක් නොතිබුණි. නිල නොලත් සාමාජිකයන් පත් කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට පැවරී තිබූ බැවින් තමන්ට හිතවත් පිරිසක් එයට පත් කිරීමට ඔහුට හැකිවිය. මේ නිසා ව්‍යවස්ථාදායක සභාව ආණ්ඩුකාරවරයාට පක්ෂපාති සභාවක ස්වරූපය ගත්තේ ය.
1833 පිහිට වූ විධායක සභාවට විජිත ලේකම්, භාණ්ඩාගාරික, ගණකාධිකාරී, මිනුම්පති, කොළඹ රේගු අයකැමි වැනි පිරිස් ඇතුළත් විය යුතු යැයි කෝල්බෲක් නිර්දේශ කර තිබුණි. මෙම සභාව පිහිටු වීම මගින් මුදල් කටයුතු පිළිබඳ ආණ්ඩුකාරවරයාට තිබූ අසීමිත බලය සීමා කිරීමට අපේක්ෂා කෙරිණ. ඒ අනුව ආදායම් හා වියදම් පිළිබඳ තීරණ ගැනීමේ දී විධායක සභාව සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුකාරවරයාට නියම කෙරුණි. එම සභාවේ තීරණ පිළිගැනීමට ආණ්ඩුකාරවරයා බැඳී නොසිටිය නමුත් විධායක සභාවේ උපදෙස් පිළිනොගන්නා විට ආණ්ඩුකාරවයා යටත් විජිත භාර ලේකම්ගෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය.
Responses