1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

මෙම ප්‍රතිසංස්කරණයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පිරිස 49 දක්වා වැඩි කෙරිණි. එම පිරිස නිලලත් 12 ක් හා නිලනොලත් 37 ක් වශයෙන් පත් කිරීමට නියමිත විය. නිල නොලත් 37 න් 8 දෙනෙකු ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් පත් කළ අතර 29 දෙනෙකු ඡන්ද බලයෙන් පත් කිරීම වැදගත් කරුණකි. නිලනොලත් 12 දෙනා හා ආණ්ඩුකාරවරයා පත් කළ 8 දෙනා එකතු වුව ද ඡන්ද බලයෙන් පත් වූ 29 දෙනෙකු සිටි බැවින් මහජන ඡන්දයෙන් පත්වූ පිරිස එම සභාවේ බහුතරය වීම මෙම ප්‍රතිසංස්කරණයේ ඉතා වැදගත් ලක්ෂණයකි. ආණ්ඩුව පවත්වාගෙන යාමේ වගකීම තවදුරටත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී තිබුණ ද ව්‍යවස්ථාදායක සභාවේ පක්ෂපාත තීරණාත්මක බහුතර ඡන්දයක් ඔහුට නොතිබීම නිසා එහි බලය මහජන නියෝජිතයින්ට පැවරී තිබුණි. මේ නිසා මෙම ආණ්ඩුක්‍රමය බලය හා වගකීම වෙන් කළ ආණ්ඩුක්‍රමයක් බවට පත් වූ අතර ආණ්ඩුව පවත්වාගෙන යාමේ දී ද දුෂ්කරතා මතු විය. විලියම් මැනිංට පසුව මෙරට ආණ්ඩුකාරධූයට පත්ව ආ හියු ක්ලිපර්ඩ් ආණ්ඩුකාරවරයා මෙම තත්ත්වය යටත් විජිත කාර්යාලයට දැන්වූ හෙයින් ලංකාවට පැමිණ මෙරට තත්ත්වය සොයා බලා ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා ඩොනමෝර් කොමිසම පත් කෙරිණි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *