Back to Course

Grade 10 - Business and Accounting

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ව්‍යාපාර පසුබිම
    2 Topics
  2. Chapter 2
    ව්‍යාපාර පරිසරය
    4 Topics
  3. Chapter 3
    ව්‍යාපාර සංවිධාන
    3 Topics
  4. Chapter 4
    ගිණුම්කරණය හැඳින්වීම
    4 Topics
  5. Chapter 5
    ගිණුම්කරණ සමීකරණය
    4 Topics
  6. Chapter 6
    ගනුදෙනුවල ද්විත්ව බලපෑම
    5 Topics
  7. Chapter 7
    මූලික සටහන් පොත්
    4 Topics
  8. Chapter 8
    මුදල් පොත සහ සුළු මුදල් පොත
    2 Topics
  9. Chapter 9
    බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය
    2 Topics
  10. Chapter 10
    ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය
    2 Topics
  11. Chapter 11
    ශේෂ පිරික්සුම
    4 Topics
  12. Chapter 12
    ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
    4 Topics
Lesson 2, Topic 1
In Progress

ව්‍යාපාර පරිසරය හා ව්‍යාපාර කටයුත

Lesson Progress
0% Complete

ඕනෑ ම ව්‍යාපාරයකට ඒ හා සම්බන්ධ වටපිටාවක් ඇත. ව්‍යාපාරය තුළ හා එය ක්‍රියාත්මක වන වටපිටාවේ ඇති සාධක ව්‍යාපාරයේ පැවැත්මට ඍජු ව හෝ වක්‍ර ව බලපෑම් ඇති කරයි. ඒ අනුව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ දී ඊට බලපෑම් ඇතිකරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව ව්‍යාපාර පරිසරය ලෙස සරල ව හැඳින්විය හැකි ය. මෙම පරිසර බලවේග ශීඝ්‍රයෙන් වෙනස් වන්නා සේ ම, පරිසර බලවේගවලට අනුගත ව කටයුතු කළ යුතු නිසා ව්‍යාපාර ද නිරන්තරයෙන් ම වෙනස්වීම්වලට භාජනය වේ.

ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් ව්‍යාපාර පරිසරය පිළිබඳ ව නිරන්තරයෙන් අවධානය යොමු කර සිටීම වැදගත් වේ. පරිසර බලවේගවල හි සිදුවන විවිධ වෙනස්කම් සහ පරිසරයෙන් පැන නගින විවිධ ප්‍රවණතා හඳුනා ගැනීමෙන් නව ව්‍යාපාර අවස්ථා උදාකර ගත හැකි වේ. එබැවින් සාර්ථක ව්‍යාපාර නිරතුරු ව ම ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරමින් හා එයට අනුගත වෙමින් තම ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යයි.

ව්‍යාපාර පරිසරය වර්ග කිරීම

ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකි ය.
O අභ්‍යන්තර පරිසරය
O බාහිර පරිසරය
ව්‍යාපාරයක අභ්‍යන්තර හා බාහිර පරිසරය තුළ විවිධ පාර්ශ්ව හා බලවේග පවතින අතර මෙහි දී පහත දැක්වෙන පාර්ශ්ව හා බලවේග පිළිබඳ ව පමණක් අවධානය යොමු කරනු ලැබේ.

අභ්‍යන්තර පරිසරය
ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන, ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වන විවිධ පාර්ශ්ව සහ ව්‍යාපාරය තුළ පවතින අනෙකුත් සාධක අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්විය හැකි ය. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත්වන පාර්ශ්ව හා එම පාර්ශ්වයන්ගෙන් ව්‍යාපාරයට වන බලපෑම පහත දැක්වේ.

බාහිර පරිසරය
ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයෙන් පරිබාහිර ව ක්‍රියාත්මක වන පාර්ශ්ව සහ බලවේග බාහිර පරිසරය ලෙස හැඳින්විය හැකි ය. පහත දැක්වෙන්නේ බාහිර පරිසර සාධක ව්‍යාපාරයට බලපාන ආකාරය යි.

ගනුදෙනුකරුවෝ
ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා මිලදී ගන්නෝ ගනුදෙනුකරුවෝ වෙති. ව්‍යාපාරයක පැවැත්ම රඳා පවතින්නේ ගනුදෙනුකරුවන් මත ය. ඒ නිසා ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සහ වුවමනා හඳුනා ගනිමින් ඒවා නිසි පරිදි ඉටු කිරීමට ව්‍යාපාර ක්‍රියා කළ යුතු වේ. ගනුදෙනුකරුවන්ගේ මිල දී ගැනීමේ රටාවන්වල සිදුවන වෙනස්කම් ව්‍යාපාරයක කටයුතු කෙරෙහි ආසන්නතම බලපෑමක් ඇති කළ හැකි ය.

තරගකරුවෝ
යම් කිසි ව්‍යාපාරයක භාණ්ඩ හෝ සේවාවලට සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන ආයතන තරගකරුවන් ලෙස සැලකේ. තරගකරුවන් තම ව්‍යාපාර කටයුතු මෙහෙයවන ආකාරය, තරගකරුවන්ගේ නිෂ්පාදිතවල මිල හා ගුණාත්මක බව මෙන් ම අලෙවි උපක්‍රම ආදී කරුණු ව්‍යාපාරවලට ආසන්නතම බලපෑම් ඇති කරයි.

සැපයුම්කරුවෝ
ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී අවශ්‍ය වන අමුද්‍රව්‍ය හා ප්‍රවාහන පහසුකම් ආදී වෙනත් සේවා සපයන පාර්ශ්ව සැපයුම්කරුවන් ලෙස සැලකෙති. ඔවුන් විසින් සපයන අමුද්‍රව්‍ය හා අනෙකුත් සේවා අඛණ්ඩව කලට වේලාවට ලබා දීම හා ඒවායේ ගුණාත්මක බව ව්‍යාපාරයක කටයුතු අඛණ්ඩ ව පවත්වා ගෙන යාමට ඉතා වැදගත් වේ.

දේශපාලන පරිසරය
යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්ති ව්‍යාපාර සඳහා බලපෑම් ඇති කරයි. මෙම ප්‍රතිපත්ති පිළිබඳ සැලකිලිමත් වෙමින් ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුතු මෙහෙයවිය යුතු ය. රජයේ ප්‍රතිපත්තිවලට නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

නිදසුන් :-
යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති අයවැය ප්‍රතිපත්ත

නෛතික පරිසරය
පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහාත් දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරික ප්‍රජාව ආරක්‍ෂා කිරීම සඳහාත් පරිසරය ආරක්‍ෂා කිරීම සඳහාත් සම්මත අණපනත් හා නීතිරීති නෛතික පරිසරයට අයත් වේ. රජය පනවන මෙම අණපනත් හා නීතිරීති ව්‍යාපාරවලට විවිධ බලපෑම් ඇති කරයි. එසේ ම මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන, මණ්ඩල, කොමිෂන් සභා හා පුද්ගලයෝ ද රජය විසින් පත් කෙරෙති. මෙවැනි අණපනත්වලට නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

මෙවැනි නීතිරීති හා ආයතන නිසා ව්‍යාපාරිකයන්ට සිය අභිමතය පරිදි ව්‍යාපාරික කටයුතු කිරීමේ හැකියාව සීමා වේ. සෑම ව්‍යාපාරිකයෙකු ම රජය විසින් සම්මත කර ඇති තම ව්‍යාපාරවලට අදාළ වන අණපනත් හා නීතිරීති අනුගමනය කළ යුතු වේ.

Responses

Your email address will not be published. Required fields are marked *