Back to Course

Grade 10 - Business and Accounting

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ව්‍යාපාර පසුබිම
    2 Topics
  2. Chapter 2
    ව්‍යාපාර පරිසරය
    4 Topics
  3. Chapter 3
    ව්‍යාපාර සංවිධාන
    3 Topics
  4. Chapter 4
    ගිණුම්කරණය හැඳින්වීම
    4 Topics
  5. Chapter 5
    ගිණුම්කරණ සමීකරණය
    4 Topics
  6. Chapter 6
    ගනුදෙනුවල ද්විත්ව බලපෑම
    5 Topics
  7. Chapter 7
    මූලික සටහන් පොත්
    4 Topics
  8. Chapter 8
    මුදල් පොත සහ සුළු මුදල් පොත
    2 Topics
  9. Chapter 9
    බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය
    2 Topics
  10. Chapter 10
    ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය
    2 Topics
  11. Chapter 11
    ශේෂ පිරික්සුම
    4 Topics
  12. Chapter 12
    ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
    4 Topics
Lesson Progress
0% Complete

ව්‍යාපාරයක් සිය කටයුතු කරගෙන යාමේ දී එම ව්‍යාපාරය සතු සම්පත් විවිධ පාර්ශ්ව සමග හුවමාරු කරගැනීම සිදු වේ. නිදසුනක් ලෙස ව්‍යාපාරය විසින් අත්පිට මුදලට භාණ්ඩ ලබාගත් විට ව්‍යාපාරය සහ භාණ්ඩ සැපයුම්කරුවන් යන පාර්ශ්ව දෙක අතර මුදල් සහ භාණ්ඩ හුවමාරු වේ. මෙසේ ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හුවමාරු වීම ගනුදෙනුවක් ලෙස හඳුනාගත හැකි ය. ව්‍යාපාරයක විවිධ ස්වරූපයේ ගනුදෙනු තිබිය හැකි ය. මේවා අතරින් ගිණුම්කරණයේ දී සැලකිල්ලට ගනු ලබන්නේ වටිනාකම මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණි.

නිදසුන් ඃ-
රු. 100 000කට භාණ්ඩ තොගයක් විකිණීම
රු. 50 000ක් වූ මාසික වැටුප් ගෙවීම
රු. 300 000ක බැංකු ණයක් ලබා ගැනීම
රු. 5 000ක් විදුලි වියදම් සඳහා ගෙවීම

මෙම සම්පත් හුවමාරුවට අමතර ව ව්‍යාපාරය තුළ සිදු වූ ඇතැම් සිද්ධි ද ගිණුම්කරණයේ දී ගනුදෙනු ලෙස සැලකිල්ලට ගනු ලැබේ.
නිදසුන් ඃ-
රු. 10 000ක භාණ්ඩ තොගයක් විනාශ වීම
රු. 3 000ක ලැබිය යුතු ණය මුදලක් බොල් ණය බවට පත්වීම

ගිණුම්කරණයේ දී සැලකිල්ලට ගනු ලබන මෙවැනි සිදුවීම් ද පුළුල් අර්ථයෙන් ව්‍යාපාර ගනුදෙනු ලෙස ම සලකනු ලැබේ. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු අතරින් බොහොමයක් ගනුදෙනු භාණ්ඩ හා සේවා මිල දී ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු වේ. එවැනි ගනුදෙනු අත්පිට හෝ ණයට සිදුවිය හැකි ය. ගනුදෙනුවේ වටිනාකම ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී ම බේරුම් කෙරෙන්නේ නම් එය අත්පිට සිදුවන ගනුදෙනුවක් ලෙස හැඳින්වෙන අතර එහි වටිනාකම පසුව බේරුම් කිරීමට එකඟ වන්නේ නම් එය ණයට සිදු වූ ගනුදෙනුවක් ලෙස හඳුන්වනු ලැබේ.

Responses

Your email address will not be published. Required fields are marked *