Back to Course

Grade 10 - Business and Accounting

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ව්‍යාපාර පසුබිම
    2 Topics
  2. Chapter 2
    ව්‍යාපාර පරිසරය
    4 Topics
  3. Chapter 3
    ව්‍යාපාර සංවිධාන
    3 Topics
  4. Chapter 4
    ගිණුම්කරණය හැඳින්වීම
    4 Topics
  5. Chapter 5
    ගිණුම්කරණ සමීකරණය
    4 Topics
  6. Chapter 6
    ගනුදෙනුවල ද්විත්ව බලපෑම
    5 Topics
  7. Chapter 7
    මූලික සටහන් පොත්
    4 Topics
  8. Chapter 8
    මුදල් පොත සහ සුළු මුදල් පොත
    2 Topics
  9. Chapter 9
    බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය
    2 Topics
  10. Chapter 10
    ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය
    2 Topics
  11. Chapter 11
    ශේෂ පිරික්සුම
    4 Topics
  12. Chapter 12
    ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
    4 Topics
Lesson Progress
0% Complete

සුළු මුදල් පොත පිළියෙල කිරීම
සුළු මුදල් ගෙවීම් ලෙජරයට පිටපත් කිරීම පහසු වීම සඳහා ඒ ඒ ගෙවීම් වර්ගය වෙනුවෙන් තීරු සහිත ව එය පිළියෙල කිරීම සිදු කෙරේ. ඒ ඒ වර්ගයේ ගනුදෙනුවල එකතුව අදාළ ගිණුමට පිටපත් කළ හැකි වන සේ එක සමාන වර්ගයේ වියදම් පිටපත් කිරීම සඳහා වෙන වෙන ම තීරු තබා ගනී. එම තීරු විශ්ලේෂණ තීරු ලෙස හැඳින් වේ.

නිදසුන් ඃ- මුද්දර ගාස්තු, ලිපි ලියාපදිංචි කිරීමේ ගාස්තු, ලියුම් කවර මිලදී ගැනීමේ වියදම් යනා දී සමාන වර්ගයේ වියදම් හඳුනාගෙන ඒවා තැපැල් වියදම් නමින් වූ විශ්ලේෂණ තීරුවට ඇතුළත් කිරීම.

එසේ විශ්ලේෂණ තීරුවකට ඇතුළත් කළ නොහැකි විවිධ වර්ගවල සුළු වටිනාකම්වලින් යුතු ගෙවීම් සටහන් කිරීම සඳහා ඒවා විවිධ නැමැති විශ්ලේෂණ තීරුවකට ඇතුළත් කළ හැකි ය. අනෙකුත් විශ්ලේෂණ තීරුවල සටහන් කළ නොහැකි නමුත් වෙන වෙනම අදාළ ගිණුම්වලට පිටපත් කළ යුතු අගයන් වෙනත් ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කරනු ලැබේ.

නිදසුන් ඃ- ණය හිමියන්ට ගෙවීම්, සුළු වටිනාකම් සහිත වත්කම් මිලට ගැනීම පහත දැක්වෙන ආකෘතිය නිරීක්‍ෂණය කරන්න.

මුදල් පොත මෙන් ම සුළු මුදල් පොත ද ද්විත්ව කාර්යයක් ඉටු කරයි. ඒ අනුව මූලික සටහන් පොතකින් ඉටුවන කාර්යය සහ ගිණුමකින් ඉටුවන කාර්යය යන දෙක ම සුළු මුදල් පොත තුළින් ඉටු වේ

Responses

Your email address will not be published. Required fields are marked *