Back to Course

Grade 10 - Business and Accounting

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ව්‍යාපාර පසුබිම
    2 Topics
  2. Chapter 2
    ව්‍යාපාර පරිසරය
    4 Topics
  3. Chapter 3
    ව්‍යාපාර සංවිධාන
    3 Topics
  4. Chapter 4
    ගිණුම්කරණය හැඳින්වීම
    4 Topics
  5. Chapter 5
    ගිණුම්කරණ සමීකරණය
    4 Topics
  6. Chapter 6
    ගනුදෙනුවල ද්විත්ව බලපෑම
    5 Topics
  7. Chapter 7
    මූලික සටහන් පොත්
    4 Topics
  8. Chapter 8
    මුදල් පොත සහ සුළු මුදල් පොත
    2 Topics
  9. Chapter 9
    බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය
    2 Topics
  10. Chapter 10
    ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය
    2 Topics
  11. Chapter 11
    ශේෂ පිරික්සුම
    4 Topics
  12. Chapter 12
    ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
    4 Topics
Lesson 3, Topic 2
In Progress

යෝග්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීම

Lesson Progress
0% Complete

මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට සංවිධාන කළ හැකි විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන පිළිබඳ ව ඉහතින් සාකච්ඡා කර ඇත. ව්‍යාපාරිකයන් විසින් එවැනි ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමේ දී සැලකිල්ලට ගනු ලබන සාධක කිහිපයක් පහත දැක්වේ.
X අරමුණ අනුව
X පරිමාණය අනුව
X කළමනාකරණ කටයුතු සිදු කරනුයේ කවුරුන්ද යන්න අනුව


අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ගයක් තෝරා ගැනීම ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් පදනම් වේ.
X ලාභ ලැබීමේ අරමුණ
X සමාජ සුභ සාධන අරමුණ


ලාභ ලැබීමේ අරමුණ
බොහෝ ව්‍යාපාරිකයෝ ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ව්‍යපාර කටයුතු කරගෙන යති. ලාභය උපරිම කිරීම මෙම ව්‍යාපාරිකයන්ගේ අරමුණ වේ. ඉහත සඳහන් කළ ව්‍යාපාර සංවිධාන අතුරින් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් හා රාජ්‍ය සමාගම් ආදිය ආරම්භ කරන්නේ ලාභ අරමුණු කර ගෙන ය.

සමාජ සුභ සාධන අරමුණ
මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකරමින් සමාජ සුභ සාධනය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන ද ක්‍රියාත්මක වේ. එවැනි සංවිධාන සාමාජිකයන්ගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කිරීම, විපත් හා අසහනයට පත් වූ ජනතාවට සහන සැලසීම වැනි අරමුණු පාදක කරගනී. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ද මෙවැනි ව්‍යාපාර ක්‍රියාත්මක වේ.
නිදසුන් ඃ-
> ගොවි සමිති, ක්‍රීඩා සමිති, මරණාධාර සමිති වැනි සමිති ව්‍යාපාර
> සමූපකාර සමිති
> රාජ්‍ය දෙපාර්තමේන්තු

මේ අනුව ව්‍යාපාරිකයා තමා අපේක්ෂා කරන අරමුණ මත සුදුසු ව්‍යාපාර වර්ගය තෝරා ගත යුතු ය. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගයක් තෝරා ගැනීම ව්‍යාපාර වර්ගයක් තෝරා ගැනීමේ දී එහි පරිමාණය පිළිබඳ ව ද සලකා බැලිය යුතු ය. ව්‍යාපාරයක පරිමාණය තීරණය කිරීම සාධක කිහිපයක් මත රඳා පවතී. අයිතිකරුගේ මූල්‍ය ශක්තිය, කුසලතා හා පළපුරුද්ද සහ විවිධ සබඳතා ඒවා අතර ප්‍රධාන වේ. මීට අමතර ව ව්‍යාපාරය නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය, නිෂ්පාදනයට අදාළ වෙළඳපල කොටස ආදී සාධක ද ව්‍යාපාරයේ පරිමාණය තීරණය කිරීමේදී සලකා බැලිය යුතු ය. මේ අනුව ප්‍රධාන වශයෙන් පරිමාණය අනුව ව්‍යාපාර වර්ග දෙකක් හඳුනා ගත හැකි ය.

> සුළු පරිමාණ ව්‍යාපාර
> මහා පරිමාණ ව්‍යාපාර

සුළු පරිමාණ ව්‍යාපාර
බොහො ්විට ව්‍යාපාරයක ් ම ුල ින ් ම ආරම්භ කරන ුයෙ ් ස ුළු පරිමාණ ව්‍යාපාර වශයෙන ි. බොහො ් ස ුළු පරිමාණ ව්‍යාපාර එ ්ක ප ුද ්ගල ව්‍යාපාර වේ. ස ුළු ප ්‍රාග ්ධනයක ින ්, අවම න ීත ිමය බලපෑම් යටතෙ ් ආරම්භ කළ හැක ි වීම හා තමාගෙ ් දක ්ෂතා උපරිම ක ිරීමට හැකි වීම ආදිය තති පුද්ගල ව්‍යාපාරයක් තෝරා ගැනීමට හේතු වේ.

මහා පරිමාණ ව්‍යාපාර
මහා පරිමාණයේ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි වන්නේ ව්‍යාපාරිකයා සතු ව විශාල සම්පත් ප්‍රමාණයක් පැවතීම, වෙනත් ව්‍යාපාරවල සේවය කිරීමෙන් ලද පළපුරුද්ද, ව්‍යාපාර සඳහා දිරි ගැන්වීම් ලබා දෙන ජාල සබඳතා පැවැතීම හා රජයෙන් සැපයෙන යටිතල පහසුකම් හා වෙනත් දිරිගැන්වීම් ලබා දීම වැනි සාධක මත ය.

කළමනාකරණය සිදු කරනුයේ කවුරුන් ද යන්න අනුව ව්‍යාපාර සංවිධාන වර්ගයක් තෝරා ගැනීම
කළමනාකරණය යනු ව්‍යාපාරයක් සතු සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මග පෙන්වීම හා පාලනය කිරීම තුළින් ව්‍යාපාරයේ අරමුණු ඉටු කරගැනීම සඳහා කටයුතු කිරීමේ ක්‍රියාවලියකි.ඒක පුද්ගල ව්‍යාපාරයක බොහෝවිට අයිතිකරු විසින් ම කළමනාකරණ කටයුතු සිදු කරනු ලැබේ. ඔහුට ව්‍යාපාරයේ සියලු ම කටයුතු සඳහා නිදහසේ තීරණ ගැනීමේ හැකියාව ඇත. එමෙන් ම ඔහු ව්‍යාපාරයේ අයිතිකරු, නායකයා සහ කළමනාකරු ද වේ.

මෙහිදී අයිතිකරු ලෙස අරමුදල් සම්පාදනය හා ආයෝජනය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස පවතී. එසේ ම නායකයෙකු ලෙස සම්පත් මෙහෙයවීම පිළිබඳ ස්වාධීන තීරණ ගත හැකි වේ. ව්‍යාපාරයක කළමනාකරණ කටයුතු පුද්ගලයන් කිහිප දෙනෙකු මගින් සිදු කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් හවුල් ව්‍යාපාර සංවිධානයක් හෝ සංස්ථාපිත සමාගමක් තෝරා ගැනීම උචිත වේ. මෙහිදී හවුල්කරුවන් සියලු දෙනාගේ ම කැමැත්ත මත ව්‍යාපාරය සම්බන්ධ තීරණ ගැනීමට හැකියාව ලැබේ.

Responses

Your email address will not be published. Required fields are marked *