Grade 10 - Business and Accounting
-
Chapter 1
ව්‍යාපාර පසුබිම2 Topics -
Chapter 2ව්‍යාපාර පරිසරය4 Topics
-
Chapter 3ව්‍යාපාර සංවිධාන3 Topics
-
Chapter 4ගිණුම්කරණය හැඳින්වීම4 Topics
-
Chapter 5ගිණුම්කරණ සමීකරණය4 Topics
-
Chapter 6ගනුදෙනුවල ද්විත්ව බලපෑම5 Topics
-
Chapter 7මූලික සටහන් පොත්4 Topics
-
Chapter 8මුදල් පොත සහ සුළු මුදල් පොත2 Topics
-
Chapter 9බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය2 Topics
-
Chapter 10ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය2 Topics
-
Chapter 11ශේෂ පිරික්සුම4 Topics
-
Chapter 12ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම4 Topics
Quizzes
Participants 129
ව්‍යාපාරයක දෛනික ව ගනුදෙනු රාශියක් සිදු වේ. එම ගනුදෙනුවල ප්‍රතිඵල වශයෙන් ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම්වල අගය වෙනස් වේ. එම වෙනස් වීම ගනුදෙනුවක ද්විත්ව බලපෑම ලෙස ගිණුම්කරණයේ දී හඳුනා ගැනේ. සෑම ගනුදෙනුවකින් ම ගිණුම්කරණ සමීකරණයේ අයිතම දෙකක් වෙනස් වන බව ඉහත දී පැහැදිලි කරන ලදි. ඒ සෑම ගනුදෙනුවක් ම සමීකරණයේ අයිතම දෙකකට බලපායි. එය ගනුදෙනුවක ද්විත්ව බලපෑම ලෙස හඳුනාගත හැකි ය.
මෙසේ සෑම ගනුදෙනුවකින් ම සමීකරණයට ද්විත්ව බලපෑමක් සිදුවන නිසා සෑම ගනුදෙනුවක ම අගය ස්ථාන දෙකක ලිවිය යුතු ය. එනම් සෑම ගනුදෙනුවක් සඳහා ම සටහන් දෙකක් තැබිය යුතු ය. ව්‍යාපාරයක් ප්‍රසාරණය වන විට විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිදුවන බැවින් ඒවා ගිණුම්කරණ සමීකරණයක අනුසාරයෙන් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවිය හැකි ය. එසේ සටහන් කළ ද ව්‍යාපාරය පිළිබඳ පැහැදිලි තොරතුරු ලබා ගැනීම අපහසු වේ. මේ නිසා එම ගනුදෙනුවල ද්විත්ව බලපෑම ගිණුම්කරණයේ දී සාමාන්‍යයෙන් සටහන් කරනු ලබන්නේ ද්විත්ව සටහන් ක්‍රමය අනුව ය.
Responses