Back to Course

Grade 10 - History

0% Complete
0/0 Steps
  1. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
    3 Topics
  2. ශ්‍රී ලංකාව ජනාවාස වීම
    3 Topics
  3. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම
    2 Topics
  4. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය
    3 Topics
  5. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය
    2 Topics
  6. ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය
    6 Topics
  7. වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම
    3 Topics
  8. මහනුවර රාජධානිය
    4 Topics
  9. පුනරුදය
    2 Topics
  10. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය
    2 Topics
Lesson 7 of 10
In Progress

වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම

Centennial Academy March 19, 2022

හැඳින්වීම

උතුරුමැද වියළි කලාපයට අයත්ව තිබූ පැරණි අනුරාධපුර නගරයත් දකුණු වියළි කලාපයට අයත් තිබූ මාගම නගරයත් දීර්ඝ කාලයක් තිස්සේ අසිරිමත් පුරවර ලෙස ක්‍රියාත්මකව පැවතිණි. එම නගර බිහිවීමට අදාළ පසුබිම ගැන ඓතිහාසික මූලාශ්‍රය විස්තර කර තිබේ. නිදසුනක් ලෙස දක්වන්නේ නම් අනුරාධ ග්‍රාමය ලෙස කලක් පැවති තැන අනුරාධපුරය නමින් හැඳින්වෙන නගරය බවට පරිවර්තනය කිරීමට පණ්ඩුකාභය රජු සමත් වූ බව මහාවංසය සඳහන් කරයි. කලින් පැවති ගමක් නගරයක් ලෙස වර්ධනය වීම ගැන ඓතිහාසික මූලාශ්‍රයවල දැක්වන්නේ ඉතා නිවැරදි අදහසකි. ඇත්ත වශයෙන් ම නගරයක් ලෙස වර්ධනය වන්නේ ග්‍රාමීය ජනාවාසයකි.

ග්‍රාමීය ජනාවාසයක් නාගරික ජනාවාසයක් දක්වා වර්ධනය වීම ඉතා දීර්ඝකාලීන වූත් ක්‍රමානුකූල වූත් ක්‍රියාවලියකි. එහි දී සිදු වන්නේ මිනිසුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයක සිට නාගරික ස්වරූපයක් තෙක් වෙනස්වීම්වලට ලක් වීම යි. එසේ සිදුවීම දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එක් අතකින් එම ක්‍රියාවලිය සඳහා රට අභ්‍යන්තරයේ ඇතිවන ආර්ථික දියුණුව සෘජුව ම බලපවත්වයි. අනෙක් අතින් විදේශ රටවල් සමඟ ඇති කර ගන්නා වෙළෙඳ සබඳතා ද එම ක්‍රියාවලිය සඳහා තීරණාත්මක බලපෑමක් ඇති කරයි. මෙම පාඩම මගින් ශ්‍රී ලංකාවේ පැරණි නගර බිහිවීම සහ ඒවා අවනතියට යාම පිළිබඳ කරුණු විස්තර කරනු ඇත.

Responses

Your email address will not be published. Required fields are marked *