පුනරුදය

හැඳින්වීම

පුනරුදය යන වචනයේ තේරුම යළි ඉපදීම යන්න යි. ක්‍රිස්තු වර්ෂ දාහතරවන සියවසේ සිට දාසයවන සියවස දක්වා යුරෝපයේ කලාත්මක හා විද්‍යාත්මක ක්ෂේත්‍රවල සිදු වූ පු`ඵල් පරිවර්තනය හැඳින්වීම සඳහා ඉතිහාසඥයෝ පුනරුදය යන වචනය යොදති.

පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාර පැවති සමය යුරෝපා ඉතිහාසයේ පුරාතන යුගය ලෙස සැලකේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු ගතවූ වසර දහසක පමණ කාලය යුරෝපයේ මධ්‍යතන යුගය ලෙස හැදින්වෙයි. මධ්‍යතන යුගය අවසාන කාලයේ දී පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල පැවති සාහිත්‍ය, කලාව හා දර්ශනය පිළිබඳ නැවත සොයා බැලීමේ ප්‍රබල උනන්දුවක් යුරෝපය තුළ ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල පැවති පැරණි කලා ශෛලීන් නැවත භාවිතයට ගැනීමත්, සාහිත්‍ය හා දර්ශනය ගැඹුරින් හැදෑරීමට යුරෝපීයන් පෙලඹීමත් නිසා යුරෝපා සමාජයේ පු`ඵල් පරිවර්තනයක් සිදුවි ය. එමගින් ඉහත කී පැරණි ශිෂ්ටාචාර නැවත පණ ලැබුවේය යන අර්ථයෙන් පුනරුදය යන වචනය භාවිත කෙරේ. පුනරුද සමයේ යුරෝපයේ සෑම ක්ෂේත්‍රයකට පාහේ ඇති වූ වෙනස්කම් නිසා මධ්‍යතන යුගය අභාවයට යාමටත් යුරෝපා ඉතිහාසයේ නූතන යුගය ආරම්භ වීමටත් කරුණු සැලසුණි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *