ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය

හැඳින්වීම

ඕනෑ ම සමාජයක් සමතුලිතව පවතින්නේ දැනුම පාදක කොට ගෙන යි. මෙකී දැනුම එම සමාජය අයත් ස්වභාවික පරිසරයට සහ ඊට අනුකූලව ජීවත් වීමේ දී නිර්මාණය වන සංස්කෘතියට අදාළ වන පරිදි ගොඩ නැගේ. එහෙයින් ලෝක ව්‍යාප්ත සමාජවල එකිනෙකට වෙනස් දැනුම් පද්ධති දක්නට තිබේ. ඒ සෑම දැනුම් පද්ධතියක් ම එය අයත් සමාජයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ තිරසර පැවැත්ම තහවුරු කරයි. කිසියම් සමාජයක් මඟින් තනනු ලබන දැනුම පිළිබඳ ව්‍යුහයට විවිධාකාරයේ පැතිකඩ අයත් විය හැකි ය. සිය සමාජය සංවිධානය කර ගැනීමට අවශ්‍ය කරන ඇගයුම්, ආර්ථික හුවමාරුකම් විධිමත් කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික පියවර ඇගැයුම් හා විශ්වාස යන දෑ ඉන් සමහරකි. ඓතිහාසික සමාජයක් මගින් නිපදවන ලද එවැනි දැනුම් ව්‍යුහ වර්තමාන සමාජයකට වුව ද අත්දැකීමක් ලබා දෙයි. සංස්කෘතික උරුමය යනුවෙන් හැඳින්වෙන්නේ එය යි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතික උරුමයට අයත් තෝරා ගත් සංකල්ප හයක් පිළිබඳව ශිෂ්‍යයා තුළ සංවේදීතාවක් ඇති කිරීමෙන් ඓතිහාසික සවිඥානයක් තිබෙන පුරවැසියෙකු නිර්මාණය කිරීමේ මූලික පදනම සකස් කිරීමේ අපේක්ෂාවෙන් මෙම පාඩම ගොනු කොට තිබේ. ඒ සංකල්ප හයට ශ්‍රී ලංකාවේ පැරණි සමාජ සංවිධානය, නීතිය සහ සම්ප්‍රදාය, මුදල් සහ විනිමය, පරිසරය සුරැකීම, කාන්තා නියෝජනය සහ දේශීය ආහාර යන මාතෘකා ඇතුළත් වේග

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *