ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස

සාහිත්‍ය මූලාශ්‍රය මඟින් විස්තර කරන අතීත කාලයේ ආරම්භයට පෙර තිබූ යුගය පොදුවේ හැඳින්වෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය නමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට සංස්කෘතික අවධි දෙකක් අයත් ය. එයින් පළමුවැන්න දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගල් යුගය යි. දෙවන යුගයට අයත් වන්නේ ශාක ආහාර මත යැපීම වෙත වැඩි නැඹුරුවක් තිබූ සහ ලෝහ භාවිතය සහ ස්ථිරවාසි ජනාවාස ආරම්භ වන කාලපරිච්ඡේදය යි. මේ අතරින් ගල්යුගය හැඳින්වීමට ප්‍රාග් ඓතිහාසික යුගය යන ව්‍යවහාරයත් දෙවන අවධිය හැඳින්වීමට පූර්ව ඵෙතිහාසික යුගය යන යෙදුමත් භාවිත කෙරේ.

ජනාවාස ව්‍යාප්තිය – ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ ආදි කාලීන හෝමෝ සාපියන් මානවයා විසිනි. එකී මානවයා මෙ රට විවිධ දේශගුණික කලාපවලට අනුවර්තනය වෙ මින් පු`ඵල් භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්ත විය. දඩයමින් සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම ඔවුන්ගේ ප්‍රධාන යැපීම් උපාය මාර්ගය යි. හැඳින්වීම ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීටඅවු රුදු එක්ලක්ෂ විසිපන්දහසකට පමණ ඉහත කාලවකවානුවක දී ය. ඉන්දියානු සාගරය හරහා මෙහි පැමිණි නූතන මානවයා නමින් හැඳින්වෙන හෝමොසාපියන්වරු එසේ මෙරටට සංක්‍රමණය වූහ. එතැන් පටන් ඔවුහු මෙරට විවිධ ප්‍රදේශවලට පැතිර යමින් ඒ ඒ පළාත්වල තිබෙන පරිසර ස්වරූපවලට හැඩ ගැසුණහ. සැලකිය යුතු තරමේ දීර්ඝ කාලයක් ඔවුන් මේ රටේ ජීවත් වීම නිසා කාලානුරූපව ඔවුන්ගේ සංස්කෘතිය ද සකස් විය. සංස්කෘතියේ සිදු වූ එම වෙනස්කම් පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසය අවධි තුනකට බෙදා තිබේ. ඒ අවධි කෙබඳු ස්වරූපයේ ඒවා දැ යි යන කාරණයත් ඒ අදාළ කාලවකවානුවල දී ඔවුන් ජීවත් වූ ආකාරය ගැනත් මෙම පාඩමේ දී ඔබට විස්තර කර දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ගල්යුගයට අයත් සාක්ෂි හමුවන තැන් දෙකක් තිබේ. එයින් පළමුවැන්න රත්නපුර සහ එහි අවට ප්‍රදේශවල පිහිටි මැණික් පතල් ය. සාමාන්‍යයෙන් පොළව මට්ටමේ සිට අඩි 90 ක් පමණ ගැඹුරින් මෙම පතල්වල හමුවන ඉල්ලම් නමින් හැඳින්වෙන බොරලු මිශ්‍ර පස් තට්ටුවේ ඉතා ඈත යුගයක විසූ මිනිසුන් විසින් භාවිත කරන ලද ගල් මෙවලම් සහ වඳ වී ගිය ඇතැම් සතුන්ගේ ඇටකැබලි තැන්පත්ව තිබේ. ප්ලයිස්ටොසීන භූ අවධියේ දී පැවති අධික වර්ෂා සහිත කාලගුණය නිසා කඳුකර ප්‍රදේශ සෝදා යෑමෙන් හටගත් බොරලු තට්ටු මෙසේ පහත් බිම්වල තැන්පත් විය.

ශ්‍රී ලංකාවේ අර්ධශූෂ්ක කලාපයේ පොළවේ මැටි සහිත වැලි පසකින් වැසුණු බොරලු තට්ටුවක් තිබේ. පුරාවිද්‍යාඥයින් විසින් එය හඳුන්වා තිබෙන්නේ ඉරණමඩු සැකැස්ම යන නමිනි. ඉරණමඩු සැකැස්ම තැන්පත් වූයේ ප්ලයිස්ටොසීන යුගයේ පැවති කෙටි උණුසුම් කාලවල දී ය. මෙම බොරලු තට්ටුවෙන් ද මෙරට ගල්යුගයට අයත් මෙවලම් හමු වේ.

විවිධ දේශගුණික කලාපවල ජනාවාස ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර කලාප 8 ක ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වී තිබේ. මෙම පරිසර කලාප නම් (1) පහතරට ශූෂ්ක කලාපය (2) පහතරට අර්ධ-ශුෂ්ක කලාපය (3) පහතරට වියළි කලාපය (4) පහතරට අතරමැදි වියළි කලාපය (5) කඳුකර වියළි අතරමැදි කලාපය (6) පහතරට අතරමැදි තෙත් කලාපය (7) තෙත් කඳුකර කලාපය සහ (8) තෙත් උස් කඳුකර කලාපය යි.

මෙම පරිසර කලාප තීරණය කිරීමට ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම් ය. වර්ෂාපතනයේ වෙනස්කම් අදාළ ප්‍රදේශවල වාසය කරන සතුන්ටත් ශාක ප්‍රජාවටත් ඍජු බලපෑමක් ඇති කරයි. එහෙයින් එකිනෙකට වෙනස් පරිසර කලාපවලට අනුවර්තනය වූ ගල් යුගයේ වැසියන්ගේ ආහාර පරිභෝජනයේ සහ තාක්ෂණයේ යම් යම් විවිධතා ඇති විය. නිදසුනක් ලෙස පහතරට තෙත් කලාපයේ විසු ගල්යුගයේ ප්‍රජාව සිය ආහාරය සඳහා ගොඩබිම ජීවත් වන බෙල්ලන් වැඩි වශයෙන් යොදා ගත්හ. විවිධ බෙල්ලන් වර්ග

පහතරට තෙත් කලාපයේ සුලබ ය. එහෙත් මෙම තත්ත්වය සහතරට වියළි කලාපයේ දක්නට නැත. එම ප්‍රදේශවල දඩයම් කරන ලද්දේ මුවා, තලගොයා ආදී වියළි කලාපීය පරිසරයේ වැඩි වශයෙන් ජීවත් වන සතුන් ය. 2.1.2 කාලවකවානු ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පතිරාජවෙල නම් ප්‍රදේශයේ පොළව මතුපිට සිට අඩි 45 ක් ගැඹුරින් පිහිටි ඉරණමඩු සැකැස්මට අයත් බොරලු තට්ටුවෙන් ගල් යුගයට අයත් සාක්ෂි සොයා ගෙන තිබේ. මෙම බොරලු තට්ටුව ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා (Optically Stimulated Luminescence) ක්‍රමය න මින් හැඳින්වෙන විද්‍යාත්මක විශ්ලේෂණය මඟින් දින නිර්ණය කිරීමේ දී එය මින් පෙර වසර 125 000 ක් පැරණි බව තහවුරු වී තිබේ. එම දිස්ත්‍රික්කයට ම අයත් බූන්දල වැල්ලේගංගොඩ ප්‍රදේශයේ පොළව මතුපිට සිට අඩි 24 ක් යටින් පිහිටි ගල්මෙවලම් සහිත බොරලු තට්ටුව මින් පෙර වසර 80 000 ක කාලවකවානුවකට අයත් ය. ආසන්න වශයෙන් මෙයින් පෙර වසර 125 000 ක සිට අවම තරමින් ක්‍රිස්තු පූර්ව 1800 දක්වා මෙම ගල්යුගය අඛණ්ඩව පැවතිණි. ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකින් එම සංස්කෘතියේ දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කරන දින වකවානු ස්ථිර කොට තිබේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *