ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය

හැඳින්වීම

විද්‍යාව යනු ස්වභාවධර්මයේ ක්‍රියාකාරීත්වයට බලපවත්වන මූලධර්ම තේරුම් ගැනීම සහ එය අර්ථ දක්වා ගැනීම යි. එය අත්දැකීම මූල් කොට ගත් ක්‍රියාවලියකි. විද්‍යාව යන අර්ථයෙන් සාකච්ඡා නොවූවත් පුරාණ සමාජ බොහෝමයක ස්වභාවධර්මයේ මූලධර්ම තේරුම් ගෙන ඒවා සිය එදිනෙදා ජීවිතයේ භාවිතයට යොදා ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික සමාජය තුළ ද විද්‍යාත්මක අදහස් භාවිතයේ පැවතිණි. මෙම පාඩමේ දී එවැනි අදහස්වල ස්වරූපය සහ ඒවා ව්‍යවහාරික ලෙස භාවිත කළ ආකාරය ගැන පැහැදිලි කිරීමත් එමඟින් අපගේ ඓතිහාසික උරුමයේ පවතින විද්‍යාත්මක ස්වරූපය අවධාරණය කිරීමත් අපේක්ෂා කරයි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *