ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය

හැඳින්වීම

ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන සහස්‍රක වර්ෂයේ මුල් භාගයේ පටන් දකුණු යුරෝපය කේන්ද්‍රකොට ගෙන ඇති වන නව වෙළෙඳ ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය ජාතීහු විශේෂයෙන් ම නැගෙනහිර රටවල්වලට සිය අවධානය යොමු කළහ. ඊට පසුබිම් වූයේ එම රටවල තිබෙන විවිධ සම්පත් වෙළෙඳාමට ලබා ගැනීම යි.

ඉන්දියානු සාගරයේ වෙළෙඳාමට සම්බන්ධවීමට අදාළ දීර්ඝ ඉතිහාසයක් සතු වූ ශ්‍රී ලංකාව යුරෝපීය ජාතීන් සමඟ කටයුතු කළ ආකාරය තුළ යම් යම් විශේෂතා දැකිය හැකි ය. වෙළෙඳ අරමුණු අබිබවා දේශපාලනික අරමුණු ඉස්මතු වීම නිසා මෙම යුගයේ දී ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය අතර පැවති සබඳතාවල කැපී පෙනෙන ප්‍රතිවිරෝධතා මාලාවක් දැකිය හැකි ය. විදේශිකයාගේ ආධිපත්‍යයත් ඊට එරෙහිව නැගුණු ස්වදේශිකයාගේ ප්‍රතිවිරෝධතාත් අතර පැවති ප්‍රතික්‍රියා මාලාවක් මෙම යුගයේ දී දක්නට තිබේ. මෙම පාඩමෙන් එම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *