Back to Course

Grade 10 - History

0% Complete
0/0 Steps
  1. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
    3 Topics
  2. ශ්‍රී ලංකාව ජනාවාස වීම
    3 Topics
  3. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම
    2 Topics
  4. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය
    3 Topics
  5. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය
    2 Topics
  6. ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය
    6 Topics
  7. වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම
    3 Topics
  8. මහනුවර රාජධානිය
    4 Topics
  9. පුනරුදය
    2 Topics
  10. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය
    2 Topics
Lesson 3 of 10
In Progress

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම

Centennial Academy March 19, 2022

හැඳින්වීම

පැරණි කාලයේ දී රජවරුන් බොහෝ දෙනෙකු විසින් ද රැජිනන් කිහිපදෙනෙකු විසින් ද මෙරට පාලනය කරන ලද බව ඓතිහාසික මූලාශ්‍රය පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මෙහි පැමිණි විජය කුමරු මෙරට පාලනය කළ පළමුවන රජු ලෙස එම මූලාශ්‍රයවල විස්තර කර තිබේ. ඔහු මෙරටට පැමිණියේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී ය.

විජය කුමරු මෙහි පැමිණීමට පෙර මෙරට ජනාවාස පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී තිබේ. ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයක සිට මෙරට කෘෂිකාර්මික සමාජයක් දියුණු වෙමින් පැවති බව බෙරගල, හල්දුම්මුල්ල ආදි ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙන පැරණි සොහොන් බිම්වලින් තහවුරු වී ඇත. එවැනි සමාජයකට අවුල් වියවුල්වලින් තොරව පැවතීමට නම් ඒ සමාජය පාලනය වීමට කිසියම් ක්‍රමයක් තිබිය යුතු ය. එහෙයින් මෙරට සමාජයේ දේශපාලන බලය දියුණු වීමේ ඉතිහාසය විජය කුමරුන්ගේ පැමිණිමට පෙර වකවානුවකට අයත් ය.

රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රැජිනකට පවරා දෙනු ලබන්නේ එරටේ වෙසෙන මහජනයා විසිනි. කවරෙකුට වුව රටක් පාලනය කිරීමට පොදු මහජනතාවගේ කැමැත්ත අවශ්‍ය ය. මහජනයාගේ අප්‍රසාදය මත පාලන බලය හිමි කර ගන්නා පාලකයින්ට වැඩි කලක් එසේ රට පාලනය කිරිමට අවස්ථාවක් නොලැබුණු බව ඉතිහාසය අප වෙත පෙන්වා දෙයි. වැඩිදෙනෙකුගේ එකඟතාවෙන් පාලකයකු රට පාලනය කිරීමේ අයිතිය ලබා ගන්නා නිසා එවැනි පාලකයකු හැඳින්වීමට ‘මහාසම්මත’ යන වචනය පැරණි කාලයේ පෙරදිග රටවල භාවිත කර තිබේ. එසේ ජනසම්මතයෙන් පාලන බලය හිමි කර ගන්නා රජෙකු හෝ රැජිනක් විසින් පාලනය කරන භූමිප්‍රදේශයත්, එම පාලනයට සහභාගි වන විවිධාකාර නිලධාරි පිරිසත්, ජනතාවත් රාජ්‍යය යන නමින් හැඳින් වේ.

Responses

Your email address will not be published. Required fields are marked *