Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාව

ගිණුම්කරණය අවශ්‍යවන්නේ ව්‍යාපාර ඒකක කෙරෙහි ඇල්මැති පාර්ශ්වවලට තීරණ ගැනීමේ දී ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම සඳහා ය. එවැනි පාර්ශ්ව ගණනාවක් ඇත. හිමිකරුවන්, ණය හිමියන්, ගනුදෙනුකරුවන් සහ රජය වැනි පාර්ශ්ව ඒ අතර වැදගත් වේ. ඒ සැම පාර්ශ්වයක් ම විවිධ ස්වරූපයේ තීරණ ගන්නා අතර ඔවුන්ට ඒ සඳහා විවිධ තොරතුරු අවශ්‍ය වේ. ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ වන්නේ එම පාර්ශ්වවලට අවශ්‍ය විවිධ තොරතුරු සැපයීමයි. එම ප්‍රධාන අරමුණ මත පදනම් ව තවත් අරමුණු ගණනාවක් හඳුනාගත හැකි අතර ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

O ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේ ද යන්න දැන ගැනීම
O ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායක ද යන්න දැන ගැනීම
O නීතිමය අවශ්‍යතා ඉටුකිරීම (සමහර ව්‍යාපාර සඳහා ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම නීතියෙන් අනිවාර්ය කර ඇත)
O ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ආදිය තුළින් සිදුවිය හැකි අවාසි අවම කර ගැනීම හා මූල්‍ය කටයුතු ක්‍රමවත් කිරීම

මෙම අරමුණු ඉටුකර ගැනීම පිණිස ගිණුම්කරණය මගින් විවිධ ස්වරූපයේ වාර්තා ඇල්මැති පාර්ශ්ව වෙත සපයනු ලැබේ. මෙම වාර්තා මූල්‍ය ප්‍රකාශ ලෙස හැඳින්වේ. මෙම වාර්තාවලට පදනම වන්නේ ව්‍යාපාර ගනුදෙනු ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *