ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම්වල හිමිකාරිත්වය ගිණුම් වාර්තාවල පෙන්නුම් කරනු ලැබේ. සියලු වත්කම් කවර හෝ පාර්ශ්වයකට හිමිවිය යුතු ය. එම නිසා වත්කම් ලෙස පෙන්නුම් කරන අගය සහ සමස්ත හිමිකාරිත්වය ලෙස පෙන්නුම් කරන අගය එකිනෙකට සමාන වේ. මෙම සමානතාව පෙන්නුම් කිරීමට සමීකරණයක් භාවිත කෙරන අතර එය ගිණුම්කරණ සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ.