ගෝලීයකරණය යනු ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමයි. ගෝලීයකරණය නිසා දේශසීමා හා වෙනත් සම්බාධකවලින් තොර ව ලෝකයේ රටවල් අතර ව්‍යාපාර කටයුතු නිදහසේ කිරීමට හැකියාව ලැබී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ දියුණු වීම හේතුවෙන් අද මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් බවට පත් වී ඇත. දේශ සීමා හරහා මිනිසුන් අතර පැවති දුරස්ථ භාවය නැති වී ගොස් ඇති අතර භාණ්ඩ හා සේවා, ශ්‍රමය, ප්‍රාග්ධනය ආදිය බාධාවකින් තොර ව රටවල් අතර හුවමාරු වීම සිදු වේ. එබැවින් ගෝලීය පරිසරයේ ඇති විවිධ සාධකවල වෙනස්වීම් දේශීය ව්‍යාපාරවලට ද හිතකර හා අහිතකර ලෙස බලපායි.
දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම්
> නවීන තාක්‍ෂණය ලබාගත හැකි වීම
> ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම
> කාර්යක්‍ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම
> විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම
> දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපල ලබා ගත හැකි වීම
දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම්
> දැඩි තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වීම
> දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම
> දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම සඳහා
> දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇති වීම