Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

මූලික සටහන් පොත් හැඳින්වීම

ව්‍යාපාර ගනුදෙනු එක්වර ම ලෙජරයේ ගිණුම්වල සටහන් කිරීමේ දී ගැටලු ඇති විය හැකි ය. මේ නිසා ව්‍යාපාර ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීමට පෙර මුලික සටහන් පොත් නමින් හැඳින්වෙන පොත් කට්ටලයක ලියනු ලැබේ.

මේ අනුව ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක් ම ලෙජර ගිණුම්වල සටහන් කිරීමට ප්‍රථම එම ගනුදෙනු සිදු වූ අනුපිළිවෙළින් පොදුවේ පිළිගත් ක්‍රමයකට අනුව පළමුවෙන් ම සටහන් කරන පොත් මූලික සටහන් පොත් යනුවෙන් හැඳින්වේ.

උපයෝගී පොත්, ජ’නල්, දෛනික පොත් යනාදී නම්වලින් ද මේවා හඳුන්වනු ලැබේ. ව්‍යාපාරයක සිදුවන සියලු ම ගනුදෙනු එක ම මූලික සටහන් පොතක ලිවීම සුදුසු නොවේ. ගිණුම්කරණයේ දී ව්‍යාපාර ගනුදෙනු ඒවායෙහි ස්වභාවය සහ පොදු ලක්ෂණ අනුව වර්ග කර සටහන් කර ගැනීම අවශ්‍ය වේ. එබැවින් නැවත නැවත සිදුවන එක ම ස්වරූපයේ ගනුදෙනු වාර්තා කිරීමට වෙන වෙන ම මූලික සටහන් පොත් යොදා ගනු ලැබේ. පහත සඳහන් වගුවේ දක්වා ඇත්තේ එක් එක් ගනුදෙනු වර්ගය වෙනුවෙන් පිළියෙල කරන මූලික සටහන් පොත් ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *