Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ව්‍යාපාරයක පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම

රටක ජනගහනය වර්ධනය වීමත් සමග භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීමේ කටයුතු ද පුළුල් වී ඇත. මේ නිසා මිනිසාගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන බිහි වී ඇත. මෙසේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ඒකරාශී වීම ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ.

විවිධ පාර්ශ්ව ව්‍යාපාර සඳහා අරමුදල් යොදවයි. එසේ අරමුදල් යොදවමින් අවදානම් බාර ගන්නා පුද්ගලයෝ ව්‍යාපාර හිමිකරුවෝ නැතිනම් අයිතිකරුවෝ වෙති. හිමිකාරිත්වය පදනම් කරගෙන පෞද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත් ව්‍යාපාර සංවිධාන වර්ග කිහිපයක් හඳුනා ගත හැකි ය. එසේ ම ව්‍යාපාරිකයෝ විවිධ වූ අරමුණු සපුරා ගැනීම සඳහා ව්‍යාපාර පත්වාගෙන යති. ඒ අනුව ඇතැම් ව්‍යාපාර ලාභ ලැබීමේ අරමුණින් පවත්වා ගෙන යන අතර සමාජ සුභ සාධන අරමුණු පදනම් කරගත් ව්‍යාපාර ද දක්නට ඇත. ව්‍යාපාරිකයාට සපයා ගත හැකි සම්පත් ප්‍රමාණය අනුව ඔහුට සුළු පරිමාණ හෝ මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කළ හැකි ය. මෙම ව්‍යාපාර සංවිධාන වර්ග අතරින් තමාට සුදුසු ව්‍යාපාරයක් තෝරා ගැනීමට ව්‍යාපාරිකයා දක්ෂ විය යුතු ය.

ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම
ව්‍යාපාර විවිධ ආකාරයට සංවිධාන වී ඇත. මෙම විවිධ ස්වරූපවල ව්‍යාපාර සංවිධාන වර්ග විවිධ නිර්ණායක මත පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකි ය.
X හිමිකාරිත්වය අනුව
X අරමුණ අනුව
X පරිමාණය අනුව

හිමිකාරිත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම
ව්‍යාපාරවලට අවශ්‍ය අරමුදල් යොදවමින් එහි අවදානම දරන පුද්ගලයෝ හිමිකරුවන් ලෙස හැඳින්වෙති. ව්‍යාපාරයක් උපයන ලාභ භූක්ති විඳන්නේත් පාඩු විඳ දරාගන්නේත් ව්‍යාපාරයේ අයිතිකරුවෝ ය. ඒ අනුව හිමිකාරිත්වය මත ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැකි ය.
X පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන
X රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන

හිමිකාරිත්වය යටතේ ව්‍යාපාර සංවිධාන වර්ග වී ඇති ආකාරය පහත දැක්වේ.

පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන
ව්‍යාපාරයක හිමිකාරිත්වය පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් සතුවන ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස හැඳින්වෙයි. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර සමිති හා සමිති සංවිධාන ආදී ලෙස තවදුරටත් වර්ග කළ හැකි වේ.

රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන
රජය විසින් ප්‍රාග්ධනය සපයා ඇති, හිමිකාරිත්වය රජය සතු වූ ව්‍යාපාර රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන වේ. මේ යටතේ රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයත් ව්‍යාපාර හඳුනාගත හැකි ය.

අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම
විවිධ අරමුණු සපුරා ගැනීම සඳහා විවිධ සංවිධාන පවත්වාගෙන යනු ලැබේ. ව්‍යාපාරයක හිමිකරුවෝ ද මෙසේ යම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර පවත්වා ගෙන යති. පවත්වා ගෙන යන අරමුණු අනුව ව්‍යාපාර පහත දැක්වෙන ආකාරයට වර්ග කළ හැකි ය.
O ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන
O ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන

පහත දැක්වෙන රූප සටහනෙන් එය පැහැදිලි වේ.

ලාභ අරමුණු කරගත් ව්‍යාපාර
ලාභ ඉපැයීිම ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ලෙස හැඳින්වේ. මෙවැනි ව්‍යාපාර සංවිධාන වර්ග පෞද්ගලික අංශයේ මෙන් ම රාජ්‍ය අංශය තුළ ද ක්‍රියාත්මක වේ.

ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර
මෙවැනි ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ වන්නේ සාමාජිකයන්ගේ සහ සමාජයීය සුභ සාධනය යි. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර පෞද්ගලික අංශයේ මෙන් ම රාජ්‍ය අංශයේ ද ක්‍රියාත්මක වේ.

පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම
ව්‍යාපාර සංවිධානයක පරිමාණය විවිධ නිර්ණායක මත තීරණය කරනු ලැබේ. එසේ සලකනු ලබන ප්‍රමාණාත්මක නිර්ණායක කිහිපයක් පහත දැක්වේ.
O ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය
O සේවක සංඛ්‍යාව
O භාවිත කරන බල ශක්ති ප්‍රමාණය
O ව්‍යාපාරයට ඇති වෙළඳපල කොටස

ව්‍යාපාර සංවිධාන පරිමාණය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය.
O සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
O මහා පරිමාණ ව්‍යාපාර

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන
විවිධ ආයතන සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර වර්ගීකරණය සඳහා විවිධ නිර්ණායක හඳුනා ගෙන ඇත. ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාරවලට සාපේක්ෂ ව සලකා බැලීමේ දී කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර ඇති, අඩු සේවක සංඛ්‍යාවක් සිටින, වෙළඳපල කොටස කුඩා වූ ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස හැඳින්විය හැකි ය.

නිදසුන් ඃ-
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හඳුන්වාදෙන පරිදි සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර

මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන
වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කර ඇති විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන විශාල වෙළෙඳපල කොටසක් හිමි වූ, අදාළ කර්මාන්තය තුළ විශාල බලපෑමක්කළ හැකි ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර ලෙස සරල ව හැඳින්විය හැකි ය.
නිදසුන් ඃ-
විශාල සේවකයන් ප්‍රමාණයක් සේවය කරන කර්මාන්ත ශාලාවක්

මීළඟට ඉහත දැක් වූ ව්‍යාපාර සංවිධාන වර්ග පිළිබඳ ව පුඵල් ව සලකා බලමු.

ඒක පුද්ගල ව්‍යාපාර
හ ිමික ාරිත ්වය එක ් ප ුද ්ගලයෙක ු සත ු ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස හැඳින්විය හැකි ය. ලොව සෑම රටක ම වාගේ බහුල ව පවතින ව්‍යාපාර සංවිධාන වර්ගය ද මෙය වේ. පහසුවෙන් ආරම්භ කළ හැකි වීමත් කුඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය වීමත් ස්වාධීන ව තීරණ ගතහැකි වීමත් නිසා මෙම ව්‍යාපාර සංවිධාන වර්ගය බහුල ව දක්නට ලැබේ. හිමිකරුගේ දක්ෂතාව හා කැපවීම මත මෙවැනි ව්‍යාපාරයක කටයුතුවල සාර්ථක බව රඳා පවතී.

ඒක පුද්ගල ව්‍යාපාරවල පහත දැක්වෙන ලක්ෂණ දක්නට ඇත.
O ප්‍රාග්ධනය අයිතිකරු වන තනි පුද්ගලයෙකු විසින් යෙදවීම
ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය අයිතිකරුවන් විසින් තනි ව සපයා ගත යුතු වේ. අයිතිකරුගේ ඉතිරිකිරීම් හෝ ණය මුදල් ප්‍රාග්ධනය ලෙස යෙදවිය හැකි ය.

O ලාභ හෝ අලාභ තනි ව භුක්ති විඳීම
ඒක පුද්ගල ව්‍යාපාරය උපයන සියලු ම ලාභ අයිතිකරු සතු වේ. එසේ ම අලාභයක් ඇති වුවහොත් එය ද අයිතිකරුට තනි ව විඳ දරා ගැනීමට සිදු වේ.

O අයිතිකරුගේ වගකීම අසීමිත වීම
එ ්ක ප ුද ්ගල ව්‍යාපාරයක අය ිත ිකරුගෙ ් වගක ීම අස ීමිත වේ. මේ අන ුව වගකීම, යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමා නොවේ. ඔහු සතු වෙනත් දේපල පවා ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා කැප කිරීමට සිදුවිය හැකි අතර එසේ කැප කළ යුතු ප්‍රමාණයට නිශ්චිත සීමාවක් නැත.

O නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම
ඒක පුද්ගල ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතුවල යෙදිය නොහැකි ය. එසේ කළ හැක්කේ ව්‍යාපාරිකයාගේ පෞද්ගලික නමින් පමණි. නිදසුන් ලෙස ගිවිසුම්වලට එළැඹීම, වාහන මිල දී ගැනීම, බැංකු ණය ලබා ගැනීම, නඩු පැවරීම, ව්‍යාපාර නාමයෙන් නොව තමාගේ පෞද්ගලික නමින් කළ යුතු ය.

O අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරු මිය යාම හෝ උමතු වීම වැනි හේතු නිසා එම ව්‍යාපාරය අවසන් විය හැකි ය.

O ලියාපදිංචිය අනිවාර්ය නොවීම
සාමාන්‍යයෙන් ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය නොවේ. එහෙත් ව්‍යාපාරය අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වා ගෙන යන්නේ නම්, අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතු ය.

ඉහත සඳහන් කළ ලක්ෂණවලට අමතර ව තනි ව තීරණ ගතහැකි වීම, පාලනය අයිතිකරු විසින් සිදු කිරීම සහ ඕනෑ ම විටක දී අයිතිකරුගේ කැමැත්ත පරිදි ව්‍යාපාරය අවසන් කළ හැකි වීම යනා දී ලක්ෂණ ද ඒක පුද්ගල ව්‍යාපාරයක දක්නට හැකි වේ.

ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි
අනෙකුත් ව්‍යාපාර සංවිධාන වර්ගවලට සාපේක්ෂ ව ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ පවත්නා ප්‍රධාන වාසි පහත දැක්වෙන ආකාරයට පැහැදිලි කළ හැකි ය.

X පහසුවෙන් ආරම්භ කළ හැකි වීම
අනෙකුත් ව්‍යාපාරවලට සාපේක්ෂ ව බලපාන නීති-රීති අවම වීම, ආරම්භ කිරීමේ පිරිවැය අඩු වීම යනාදී කරුණු නිසා ඒක පුද්ගල ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කළ හැකි ය.
X සියලු ම ලාභ අයිතිකරු සතු වීම
උපයනු ලබන සියලු ම ලාභ අයිතිකරු විසින් තනි ව භුක්ති විඳිනු ලැබේ.

X ව්‍යාපාරික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වීම
ඒක පුද්ගල ව්‍යාපාරයක සියලු ම කළමනාකරණ හා පරිපාලන කටයුතු බොහෝ විට අයිතිකරු විසින් ම සිදු කරන බැවින් ව්‍යාපාරික තොරතුරු බාහිර පාර්ශ්වවලට ගලා යාම අවම වේ.

X තම දක්ෂතා උපරිම ව යෙදිය හැකි වීම
සියලු ප්‍රතිලාභ තමාට හිමිවන බැවින් දක්ෂතා හා කැපවීම උපරිම ව යෙදවීම තුළින් ව්‍යාපාරය දියුණු කර ගැනීමට අවස්ථාව උදා වේ.

X තීරණ ගැනීමේ ස්වාධීන බව
ව්‍යාපාරය පිළිබඳ ව සියලු තීරණ අයිතිකරු විසින් ගනු ලබන බැවින් අවශ්‍ය ක්ෂණික තීරණ ගැනීමට හැකි ය. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානවල අවාසි අනෙකුත් ව්‍යාපාර සංවිධාන වර්ගවලට සාපේක්ෂ ව ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ පවත්නා ප්‍රධාන අවාසි පහත දැක්වෙන ආකාරයට පැහැදිලි කළ හැකි ය.

X අයිතිකරුගේ වගකීම අසීමිත වීම
ව්‍යාපාරය ලබාගන්නා සියලු ම ණය සඳහා අයිතිකරු පෞද්ගලික ව වගකිව යුතු වේ. ව්‍යාපාරය සතු සම්පත්වල වටිනාකමට වඩා ණය ප්‍රමාණය වැඩි වුවහොත් එය පියවීමට අයිතිකරුගේ අනෙකුත් පෞද්ගලික දේපල පවා කැප කළ යුතු ය.

X ප්‍රාග්ධනය රැස්කරගැනීමේ දුෂ්කරතා පැවතීම
තනි පුද්ගලයෙකු සතු මූල්‍ය ශක්තිය සීමා වේ. එමෙන් ම ඒක පුද්ගල ව්‍යාපාරවල පවතින ඉහළ අවදානමත් අයිතිකරුගේ අසීමිත වගකීමත් නිසා බැංකු වැනි බාහිර පාර්ශ්වයන්ගෙන් ද ප්‍රාග්ධනය රැස්කරගැනීම අපහසු වේ.

X අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
අයතිකරු මිය යෑම, උමතු වීම වැන හේතු නිසා ව්‍යාපාර කටයුතු අවසන් විය හැකි ය.

X ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හිමි නොවීම
ඒක පුද්ගල ව්‍යාපාරයකට නීතිමය පුද්ගල භාවයක් නොමැත. මේ නිසා ව්‍යාපාරයේ සෑම නීතිමය කටයුත්තක් ම අයිතිකරුගේ පෞද්ගලික නමින් සිදු කළ යුතු ය.

X අයිතිකරු තනි ව ගන්නා තීරණ ඇතැම් විට අසාර්ථක විය හැකි වීම
සාමුහික ව ගනනා තීරණවලට සාපේක්ෂ ව තනි පද්ගලයෙකු විසින් ඔහු සතු දැනුම හා පළපුරුද්ද අනුව ගන්නා තීරණ සමහරවිට අසාර්ථක විය හැකි ය.

හවුල් ව්‍යාපාර
ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි ය. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත හවුල් ව්‍යාපාර සඳහා බලපායි. ගණකාධිකාරීවරුන්, නීතිඥයන්, බදු නිලධාරීන් සහ වෛද්‍යවරුන් වැනි වෘත්තීන්වල යෙදී සිටින අය ද හවුල් ව්‍යාපාර පවත්වාගෙන යනු දැකිය හැකි ය.
නිදසුන ඃ-
වරලත් ගණකාධිකාරීවරුන් කිහිප දෙනෙකු විසින් විගණන ආයතනයක් පවත්වාගෙන යාම.

හවුල් ව්‍යාපාරවල ලක්ෂණ
අනෙකුත් ව්‍යාපාර සංවිධානවලට සාපේක්ෂ ව හවුල් ව්‍යාපාරවල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

O සාමාජික සංඛ්‍යාව
හවල ව්‍යාපාරයක ඇරඹීම සඳහා අවම වශයෙන සාමාජිකයන දෙදෙනෙක වත් සිටිය යුතු අතර උපරිමය සාමාජිකයන් 20ක් සිටිය යුතු බව 2007 අංක 07 දරන සමාගම් පනත අනුව තීරණය කර ඇත.

O හවුල් ගිවිසුම
හවුල් ව්‍යාපාරයක් ඇති වන්නේ හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවක් මත ය. එම එකඟතාව හවුල් ගිවිසුම ලෙස හැඳින්වේ. මෙය ලිඛිත ව, වාචික ව හෝ ව්‍යංගයෙන් ඇති විය හැකි ය. වංචා වැලැක්වීමේ ආඥාපනතට අනුව හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රු 1000ක් හෝ ඊට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතු වේ. මෙම ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව නමින් හැඳින්වේ.

O හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම
හවුල්කරුවන් ව්‍යාපාරයේ ණයතුරුස් සම්බන්ධ ව අසීමිත ව වගකිව යුතු ය. ව්‍යාපාරයේ ණය ගෙවීමට එහි වත්කම් ප්‍රමාණවත් නොවේ නම් හවුල්කරුවන් ඔවුන්ගේ පෞද්ගලික දේපළ පවා යොදවමින් හෝ ණය බේරුම් කළ යුතුය.

O හවුල් ව්‍යාපාරයක සියලු හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම්වලින් පවත්වාගෙන
යන්නේ නම් ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ. එහෙත් හවුල්කරුවන්ගේ නම්වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නෙ නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතු ය.

O නෛතික පුද්ගල භාවයක් නොමැති වීම
හවුල් ව්‍යාපාරයක් නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස නොසැලකේ. මේ නිසා හවුල් ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතුවලට එළැඹිය නොහැකි ය. නදසුන් ලෙස ගිවිසුම්වලට එළැඹීම, වාහන මිල දී ගැනීම, බැංකු ණය ලබා ගැනීම, නඩු පැවරීම, ව්‍යාපාර නාමයෙන් නොව තම තමන්ගේ පෞද්ගලික නමින් කළ යුතු ය.

O අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
හවුල්කරුවෙකු මිය යාම, උමතු වීම, වැනි හේතු නිසා ද ඔවුන් කරගෙන යන හවුල් ව්‍යාපාරයේ පැවැත්මට බාධා ඇති විය හැකි ය. හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි අනෙකුත් ව්‍යාපාර සංවිධාන වර්ගවලට සාපේක්ෂ ව හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමය පහත දැක්වෙන වාසි දැකිය හැකි ය.

O පහසුවෙන් ආරම්භ කළහැකි වීම
ඒක පුද්ගල ව්‍යාපාරය මෙන් ම හවුල් ව්‍යාපාර ද ආරම්භ කිරීම පහසු ය. හවුල් ව්‍යාපාර ඇරඹීමේ දී මෙන් ම පවත්වාගෙන යාමේ දී බලපාන නීති රීති සාපේක්ෂ
ලෙස අවම මට්ටමක පවතී.
O වැඩි ප්‍රාග්ධනයක් රැස්කරගත හැකි වීම
දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හවුල් ව්‍යාපාරයට සහභාගී වන බැවින් ඒක පුද්ගල ව්‍යාපාරවලට සාපේක්ෂ ව වැඩි ප්‍රාග්ධන ප්‍රමාණයක් රැස්කරගැනීමට අවස්ථාව පවතී.

O හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගතහැකි වීම
හවුල් ව්‍යාපාරය සඳහා විවිධ පුද්ගලයන් සහභාගී වන බැවින් ඒ ඒ හවුල්කරුවන් සතු විශේෂ දක්ෂතා යොදා ගැනීමට හැකි වේ. වෘත්තීය ව්‍යාපාර සඳහා හවුල් ව්‍යාපාර ක්‍රමය -වඩාත් යෝග්‍ය වන්නේ මේ හේතුවෙනි.

O වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම
ව්‍යාපාරික කටයුතු තුළින් පැන නගින වගකීම් එම හවුල්කරුවන් අතර බෙදී යයි.

O සාමුහික තීරණ ගතහැකි වීම
හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සියලු දෙනාගේ ම අදහස් විමසමින් සාමුහික ව වඩාත නිවැරදි තීරණවලට එළැඹිය හැකි වේ. හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ අවාසි

O අසීමිත වගකීම
හවලකරුවන ව්‍යාපාරයෙ ණයතුරුස සම්බනධ ව අසීමිත ව වගකිව යුතු වේ. මේ නසා හව ුල ්කරුවන ් යොදවන ම ුදලට වඩා ව්‍යාපාරයෙ ණයතරුස වැඩි නම් එම ණය පයවීම සඳහා හවලකරුවනගේ පෞද්ගලික දේපල පවා කැපකළ යුතු වේ.

O ලාභය හවුල්කරුවන් අතර බෙදී යාම
ඒක පුද්ගල ව්‍යාපාරයක උපයන ලාභ සියල්ල ම එහි අයිතිකරු සතු වුව ද හවුල් ව්‍යාපාරයක උපයන ලාභය හවුල්කරුවන් අතර බෙදී යයි.

O හවුල් කරුවන් අතර මතභේද ඇතිවිය හැකි වීම
ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී හවුල්කරුවන් විසින් ගනු ලබන තීරණවල විවිධ මතභේද පැන නැගිය හැකි ය. එවැනි මතභේද ව්‍යාපාරයක අසාර්ථකත්වයට හේතු වේ.

O අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
හවුල්කරුවකුගේ මිය යාම, උමතු වීම වැනි හේතු නිසා හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීමට ද සිදු විය හැකි ය.

O නෛතික පුද්ගලභාවයක් නොමැති වීම
හවුල් ව්‍යාපාරය නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස පිළිනොගන්නා නිසා ව්‍යාපාරයේ නීතිමය කටයුතුවල දී හවුල්කරුවන් ඔවුන්ගේ පෞද්ගලික නම්වලින් ඒ සඳහා පෙනී සිටිය යුතු ය.

සංස්ථාපිත සමාගම්

2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු, නෛතික පුද්ගලභාවයක් සහිත, කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයාගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමිත වන්නා වූ සමාගම් සංස්ථාපිත සමාගම් ලෙස හැඳින්විය හැකි ය. මෙම සමාගම්වල අයිතිකරුවන් වන්නේ කොටස් මිලදී ගත් කොටස්කරුවන් ය. ඔවුන් මිලදී ගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් ඔවුන්ගේ වගකීම සීමා වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *