Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ව්‍යාපාරයක පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම

ඉහතින් සඳහන් කළ සෑම අභ්‍යන්තර හා බාහිර පරිසර සාධකයක් ම යහපත් හෝ අයහපත් බලපෑම් ව්‍යාපාරවලට ඇති කරයි. එම තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා ව්‍යාපාරිකයන් විසින් පරිසර අධ්‍යයනයක නිරත විය යුතු ය. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාරයේ ශක්ති හා දුර්වලතා හඳුනාගත හැකි ය. එම ශක්තීන් ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදාගත හැකි අතර දුර්වලතා අවම කර ගැනීමට කටයුතු කළයුතු වේ.

ව්‍යාපාරයක ශක්තීන් හා දුර්වලතා සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

ශක්ති
>
ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම
> කළමනාකරුවන්ගේ අත්දැකීම්
> සේවකයන්ගේ විශේෂිත දැනුම හා කැපවීම
> සුවිශේෂි නිෂ්පාදන ක්‍රම
> පිළිගත් සන්නම් නාමයක් තිබීම

දුර්වලතා
>
අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම
> පුහුණු සේවකයන්ගේ හිඟය
> තාක්ෂණ දැනුම යාවත්කාලීන නොවීම
> සේවකයන්ගේ අයහපත් ආකල්ප
> ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම නුසුදුසු වීම

ව්‍යාපාරයක බාහ ිර පරිසරය අධ්‍යයනය ක ිරීම ත ුළ ින ් එම ව්‍යාපාරයට ඇත ි අවස ්ථා හා තර්ජන හඳුනාගත හැක ි ය. එම අවස ්ථාවල ින ් ප ්‍රයො ්ජන ගැන ීමටත ්, තර්ජන සඳහා සාර්ථක ව මුහුණ දීමටත් ව්‍යාපාරිකයාට හැකි වේ.

ව්‍යාපාරයකට ඇති අවස්ථා හා තර්ජන සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
අවස්ථා
>
පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම
> රජය විසින් අඩු පොලී ණය ක්‍රම හඳුන්වා දීම
> ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම
> නව නගර නිර්මාණය
> අධිවේගී මාර්ග ඉදි කිරීම

තර්ජන
>
ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම
> තරගකරුවන් බිහි වීම
> ස්වභාවික ආපදා
> නව තාක්ෂණ ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම

දක්ෂ ව්‍යාපාරිකයෝ නිරන්තරයෙන් ම තම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය පිළිබඳ ව අවධානයෙන් පසුවෙති. ව්‍යාපාරයක් පරිසරයේ සිදු වන වෙනස්කම් නිසා ඇති වන ශක්ති හා අවස්ථා ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදා ගන්නා අතර දුර්වලතා හා තර්ජනවලට මුහුණ දෙමින් හෝ මැඩ පවත්වමින් ව්‍යාපාරයේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සුදුසු පියවර ගනියි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *