Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ව්‍යාපාර පිළිබද මූලික පදනම

මිනිසාගේ පැවැත්ම සමාජයීය වශයෙන් දියුණු වන විට ඔහුගේ අවශ්‍යතා හා වුවමනා කෙමෙන් පුළුල් විය. එවිට ඔවුන්ට අවශ්‍ය සියලු ම දෑ තනි ව නිෂ්පාදනය කර ගැනීම අපහසු කාර්යයක් බවට පත් විය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස විවිධ පුද්ගලයෝ තමන්ගේ දක්ෂතාවය සහ තමන් සතු සම්පත් උපයෝගී කරගෙන තමන්ට වඩාත් හොඳින් නිපදවිය හැකි භාණ්ඩ පමණක් විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කළහ. එම නිසා භාණ්ඩ අතිරික්තයක් බිහි විය. පසු ව මෙම භාණ්ඩ අතිරික්තය අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කර ගනිමින් ඔවුන්ට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබා ගත්හ. මෙය භාණ්ඩ හුවමාරු ක්‍රමය හෙවත් බාටර් ක්‍රමය (Bartar system) ලෙස හැඳින්වෙයි.

වර්තමානයේ දී ද කිසිවෙක් තමාට අවශ්‍ය සියලු ම දෑ නිෂ්පාදනය කර නොගනීි. ගොවියා සහල් නිපදවයි, වඩුවා ලී බඩු සාදයි, ගුරුවරයා උගන්වයි. මොවුහු වරෙක නිෂ්පාදකයෝ මෙන් ම තවත් වරෙක පාරිභෝගිකයෝ ද වෙති. එවැනි නිෂ්පාදකයෝ ද, පාරිභෝගිකයෝ ද තම භාණ්ඩ හා සේවා විකිණීමේ හා ලබා ගැනීමේ අවශ්‍යතා ව්‍යාපාර තුළින් ඉටු කර ගනිති. එම නිසා ව්‍යාපාර සඳහා වර්තමාන සමාජයේ සුවිශේෂි වැදගත්කමක් හිමි වී ඇත

  • ව්‍යාපාර සංකල්පය

උපතේ සිට මරණය දක්වා මිනිසාට නොයෙකුත් භාණ්ඩ හා සේවා අවශ්‍ය වේ. මෙම අවශ්‍යතා හා වුවමනා සපුරාලනු ලබන්නේ ව්‍යාපාර විසිනි. ව්‍යාපාරිකයෝ අවශ්‍යතා හා වුවමනාවලට සරිලන විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර බෙදා හරිති. වර්තමානයේ ව්‍යාපාර විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර බෙදා හරින ආකාරයත්, මිනිසා විසින් සිය අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්නා ආකාරයත් විවිධ හා සංකීර්ණ වී ඇත. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් වුව ද ඇතැම් ව්‍යාපාර ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් තොර ව ද කටයුතු කරයි. විශේෂයෙන් රාජ්‍ය අංශයේ බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ සමාජ සුභසාධන අපේක්ෂාවෙන් මිස ලාභ ඉපයීමේ අරමුණින් ම නොවේ. පෞද්ගලික අංශයේ බොහෝ ව්‍යාපාර ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ ද ඇතැම් පෞද්ගලික අංශයේ ව්‍යාපාර ද සමාජ සුභසාධන අරමුණින් කටයුතු කරනු දැකිය හැකි ය.

අතීතයේ අත්හුරු ක්‍රමයට පවත්වාගෙන ගෙන ගිය නිෂ්පාදන කටයුතු අද බොහොමයක් සිදු වන්නේ නව තාක්ෂණය උපයෝගී කරගෙන ය. බොහෝ ව්‍යාපාර ගනුදෙනු සිදු කරනුයේ විද්‍යුත් මාධ්‍ය හරහා ය. එම නිසා වර්තමානයේ දී භාණ්ඩ ඇණවුම් කිරීම, මුදල් ගෙවීම, ප්‍රචාරණය ආදී ඕනෑ ම ව්‍යාපාරික කටයුත්තක් විද්‍යුත් මාධ්‍ය හරහා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකි වී තිබේ. මේ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයයෙ ් වේගවත ් වර්ධනය ත ුළ ින ් ඇත ි ව ූ විද්‍ය ුත ් මාධ්‍ය මග ින ් අද ම ුළු ලො ්කය ම විශ්ව ගම්මානයක් බවට පත් වී ඇත. සෑම රටක ම ජීවත් වන පුද්ගලයන් තමන්ගේ අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනීමේ දී විවිධ රටවල නිපදවන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම අද බහුල ව සිදුවේ. ඔබේ දෛනික ජීවිතය කොතරම් දුරට ගෝලීය වෙළඳපල හා සම්බන්ධ වී ඇති දැයි පහත දැක්වෙන ක්‍රියාකාරකම තුළින් අවබෝධ කරගත හැකි ය.

  • ව්‍යාපාර අරමුණු

පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අරමුණ වනුයේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදිතයක් සාධාරණ මිලකට ලබා ගැනීම වේ. පාරිභෝගිකයාට මෙන් ම ව්‍යාපාරවලට සම්බන්ධ විවිධ පාර්ශ්වවලට ද ඔවුනොවුන්ට සුවිශේෂී වූ විවිධ අරමුණු පවතී. සෑම ව්‍යාපාරයක් ම කටයුතු කරන්නේ යම් සුවිශේෂි අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කරගැනීමේ අපේක්ෂාවෙනි. එයට හේතුව වනුයේ ව්‍යාපාරයක අයිතිකරුවන් මෙන් ම ඊට සම්බන්ධ කළමනාකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන්, රජය, ප්‍රජාව ආදී පාර්ශ්ව විවිධ ප්‍රතිලාභ ව්‍යාපාරයකින් බලාපොරොත්තු වීම ය.

පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු කිහිපයක් පහත දැක්වේ.

  1. ලාභ ඉපැයීම

    ව්‍යාපාරයකට ලාභ ඉපයීම වැදගත් වනුයේ එහි අයිතිකරුවන් යෙදවූ මුදලට සරිලන ප්‍රතිලාභයක් ලබා දීම අවශ්‍ය වන නිසා ය.

  2. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම

    ව්‍යාපාරයක රඳා පැවැත්ම තීරණය වනුයේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා කොතරම් සාර්ථක ව සපුරාලන්නේ ද යන කරුණ මත ය. මෙම අරමුණු ඉටු කර ගැනීමේ දී ව්‍යාපාරයකට විවිධ ඉලක්කයන්, එසේත් නැත්නම් උප

    අරමුණු අවශ්‍ය වේ. එවැනි ඉලක්කයන් කිහිපයක් අප මෙහි දී සාකච්ඡා කරමු.

    (i) භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම
    ව්‍යාපාරයක් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා නිසි පරිදි සපුරාලීමට මෙන් ම සාධාරණ මිලකට ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීමට කටයුතු කරයි.
    (ii) රැකියා උත්පාදනය
    කම්කරුවාගේ සිට ඉහළ කළමනාකරුවන් දක්වා විවිධ රැකියා අවස්ථා ව්‍යාපාර විසින් බිහි කෙරෙයි. පුද්ගලයන් සතු විවිධ වූ දක්ෂතා තුළින් ප්‍රයෝජන ගැනීමට මෙම රැකියා අවස්ථා වැදගත් වේ.
    ආහාර පාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් හා වෛද්‍ය පහසුකම් ආදිය ව්‍යාපාරයක් විස ින ් සෙ ්වක ස ුභ සාධනය වෙනුවෙන් ලබාදෙන විවිධ පහසුකම් අතර වේ.

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා

අවශ්‍යතා
ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන් ම සපුරා ගතයුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. ආහාර, ඇඳුම් හා නිවාස මූලික මිනිස් අවශ්‍යතා ලෙස පිළිගන්නා අතර, සමාජය සංකීර්ණවත් ම අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, ප්‍රවාහනය, සන්නිවේදනය, විනෝදය වැනි දෑ ද මිනිස් අවශ්‍යතා ලෙස පිළිගෙන තිබේ. මෙවැනි මිනිස් අවශ්‍යතාවල පහත සඳහන් ලක්ෂණ දැකිය හැකි වේ.

අවශ්‍යතාවල ලක්ෂණ

වුවමනා

මිනිස් අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හැඳින්වේ. එකම අවශ්‍යතාව සපුරාගත හැකි විවිධ ආකාර තිබේ.

මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා විවිධ භාණ්ඩ හා සේවා ව්‍යාපාරිකයන් විසින් නිෂ්පාදනය කර පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කෙරෙයි. මෙම වුවමනාවල පහත සඳහන් ලක්ෂණ දැකිය හැකි ය.

වුවමනාවල ලක්ෂණ

  • නිෂ්පාදන ව්‍යාපාර

නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර පහත සඳහන් ලෙස වර්ග කර දැක්විය හැකි ය.
0 භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර
0 සේවා සැපයීමේ ව්‍යාපාර

  • භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර

    මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දෑ භාණ්ඩ ලෙස හඳුන්වනු ලබන අතර එම භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වේ. එකම අවශ්‍යතාව සප ුරා ගැනීම සඳහා වුව ද යොදා ගත හැකි විවිධ භාණ්ඩ, නිෂ්පාදන ව්‍යාපාර වෙළඳපලට ඉදිරිපත් කරයි. පාරිභෝගිකයන්ගේ රුචිකත්වය, ආදායම් මට්ටම, සමාජ තත්ත්වය ආදී කරුණු සලකා බලා ව්‍යාපාර විවිධ භාණ්ඩ වෙළඳපලට ඉදිරිපත් කරමින් මිනිසාගේ ජීවන රටාව පහසු කරවා ගැනීමට දායක වේ. ව්‍යාපාර විසින් නිපදවෙන විවිධ භාණ්ඩවලට නිදසුන් කිහිපයක් පහත දැක්වේ

නිදසුන් ඃ- සකස් කළ ආහාර පාන, මෝටර් රථ, විදුලි උදුන්, ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ගෘහ භාණ්ඩ

  • සේවා සැපයීමේ ව්‍යාපාර

    ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා ලෙස හැඳින්විය හැකි ය. මෙම කාර්ය ඉටුකරනු ලබන ආයතන සේවා නිෂ්පාදන ව්‍යාපාර නම් වේ.

    නිදසුන් ඃ-
    තොග වෙළඳ ආයතන සිල්ලර වෙළඳ ආයතන රක්ෂණ ආයතන බැංකු ආයතන රූපලාවණ්‍ය ආයතන අධ්‍යාපන ආයත
  • නිෂ්පාදන සාධක

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට විවිධ සම්පත් අවශ්‍ය වේ. මෙසේ අවශ්‍ය වන සම්පත් නිෂ්පාදන සාධක ලෙස හැඳින්වෙයි. නිෂ්පාදන සාධක මූලික වශයෙන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය ලෙස වර්ග කර දැක්විය හැකි ය.

භූමිය
ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් භූමිය යනුවෙන් හැඳින්වේ. මෙයට භූමිය මතුපිට මෙන් ම අභ්‍යන්තරයේ පවත්නා සම්පත් ද අයත් වේ.
නිදසුන් ඃ- ඛනිජ සම්පත්, වන සම්පත්, පස

ශ්‍රමය
ව්‍යාපාරය සඳහා යෙදවෙන කායික හා මානසික දායකත්වය ශ්‍රමය ලෙස සරල ව හැඳින්විය හැකි ය.
නිදසුන් ඃ- කය වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ — පතල් සේවකයෝ සනීපාරක්ෂක කම්කරුවෝ
මනස වෙහෙසා වැඩ කරන පුද්ගලයෝ — ගණකාධිකාරීවරු කළමනාකරුවෝ

ප්‍රාග්ධනය
නිෂ්පාදනයේ දී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දෑ ප්‍රාග්ධනය ලෙස හැඳින්විය හැකි ය.
නිදසුන් ඃ- යන්ත්‍රසූත්‍ර, ගොඩනැගිලි, රථ වාහන, මුදල්

ව්‍යවසාය
නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධාන කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වා ගෙන යාමේ කාර්යය ව්‍යවසාය ලෙස හැඳින්වෙයි. ව්‍යවසායකයා ව්‍යාපාර අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගනියි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *