Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

හිමිකම වෙනස්වන අවස්ථා

ඉහත දක්වන ලද කරුණු අධ්‍යයනය කිරීමෙන් ඔබ ව්‍යාපාරය අයිතිකරුගේ හිමිකම අඩු වැඩි වීමට බලපාන ගනුදෙනු හඳුනා ගන්නට ඇත. ව්‍යාපාරයක හිමිකම වෙනස් වීමට පහත සඳහන් ගනුදෙනු බලපායි.

  • අමතර ප්‍රාග්ධනය යෙදීම
  • ගැනිලි
  • අදායම්
  • වියදම්

ව්‍යාපාරය කරගෙන යන අතරතුර දී ව්‍යාපාරයේ අවශ්‍යතාව අනුව මුදල් හෝ වෙනත් වත්කම් අයිතිකරු විසින් යෙදවිය හැකි ය. මෙය හිමිකම වැඩි වීමට බලපායි. ව්‍යාපාරයේ හිමිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් මුදල් හෝ වෙනත් වත්කම් ඉවත් කර ගත හැකි ය. මේවා ගැනිලි වශයෙන් හඳුන්වන අතර මේ මගින් අයිතිකරුගේ හිමිකම අඩු වේ. ව්‍යාපාරයට අදායම් ලැබීම හිමිකම වැඩි වීමට බලපාන අතර වියදම් හිමිකම අඩු වීමට බලපායි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *