Back to Course

Grade 10 - History

0% Complete
0/0 Steps
  1. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
    3 Topics
  2. ශ්‍රී ලංකාව ජනාවාස වීම
    3 Topics
  3. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම
    2 Topics
  4. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය
    3 Topics
  5. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය
    2 Topics
  6. ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය
    6 Topics
  7. වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම
    3 Topics
  8. මහනුවර රාජධානිය
    4 Topics
  9. පුනරුදය
    2 Topics
  10. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය
    2 Topics
Lesson Progress
0% Complete

ඉතිහාසය යනු මූලාශ්‍රය අධ්‍යයනය සමඟ බැදී ඇති විෂයක් මෙන් ම කුතුහලයෙන් යුතුව හැදෑරිය හැකි විෂයකි. මේ නිසා ඉතිහාසය හදාරන්නා ස්වභාවයෙන් ම පොත්පත් කියවීමට පෙලඹෙයි. පොත්පත් කියවීමේ දී ඵෙතිහාසික සිදුවීම් පිළිබඳ විවිධ කරුණු, අදහස්, හා මතවාද හමුවන බැවින් කියවන්නා තුළ විචාර බුද්ධිය දියුණු වේ. මේ නිසා ඔහු සැම දෙයක් පිළිබඳව ම තර්කානුකූලව සිතීමට පෙලඹෙන අතර එමඟින් ගැටලු නිසි පරිදි තේරුම් ගැනීමට ද හැකියාව ලබයි. ගැටලු නිසි පරිදි තේරුම් ගත් විට ඒවාට නිර්මාණාත්මක පිළිතුරු සෙවීමට පෙලඹීමක් ඇති කරයි. මේ නිසා ඉතිහාසය ඉගෙනීමෙන් කෙනෙකුගේ පෞරුෂත්වය වර්ධනය වේ. මීට අමතරව ඉතිහාසය ඉගෙන ගැනීමෙන් පහත සඳහන් ප්‍රයෝජන අත් වේ.

  1. තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ යථාවබෝධය
  2. අතීත අත්දැකීම් මඟින් වර්තමානය තේරුම් ගෙන අනාගතය ගොඩනැගීම
  3. රටේ ජාතික අනන්‍යතාව හඳුනා ගැනීම
  4. මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනැගීම
  5. අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට පුරුදු වීම
  6. විවිධ මත ඉවසීමට හුරු වීම

Responses

Your email address will not be published. Required fields are marked *