Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson 2, Topic 6
In Progress

ප්‍රවේග – කාල ප්‍රස්තාර

Lesson Progress
0% Complete

කාලය සමග ප්‍රවේගය විචලනය වන ආකාරය නිරූපණය කිරීම සඳහා ප්‍රවේග – කාල ප්‍රස්තාර උපයෝගී කර ගනු ලැබේ. මෙහි දී ප්‍රවේගය y අක්ෂයේත් කාලය x අක්ෂයේත්ස ලකුණු කරනු ලැබේ. වස්තුවක කාලයත් සමග ප්‍රවේගය වෙනස් වීම පහත වගුවේ දක්වා ඇත.


මෙම දත්ත අනුව ප්‍රවේග – කාල ප්‍රස්තාරයක් අඳිම

මෙම ප්‍රස්තාරය සරල රේඛාවක් වීමට හේතුව සෑම තත්පරයක දී ම ප්‍රවේගය වෙනස් වී ඇත්තේ එක ම ප්‍රමාණයකින් වීමයි. එනම් මෙම චලිතය ඒකාකාර (නියත) ත්වරණයකින් සිදු වන චලිතයකි. මීට පෙර ද සඳහන් කළ පරිදි සරල රේඛාවේ අනුක්‍රමණය වන්නේ රේඛාව මත පිහිටි ඕනෑම ලක්ෂ්‍ය දෙකක y ඛණ්ඩාංක අතර වෙනස එම ලක්ෂ්‍ය දෙකෙහි x ඛණ්ඩාංක අතර වෙනසෙන් බෙදීමෙන් ලැබෙන අගයයි. ප්‍රවේග-කාල ප්‍රස්තාරයක x අක්ෂයෙන් නිරූපණය කරන්නේ කාලය නිසා x ඛණ්ඩාංක
දෙක අතර අන්තරය යනු කාල අන්තරයකි. අදාළ හ ඛණ්ඩාංක දෙක අතර අන්තරය වන්නේ එම කාල අන්තරය තුළ සිදු වූ ප්‍රවේග වෙනසයි. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදූ විට ලැබෙන්නේ ත්වරණයයි.

2.11 රූපයේ පෙන්වා ඇත්තේ 6 ms-1 ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේග – කාල ප්‍රස්තාරය යි. ඒකාකාර ප්‍රවේගයක් සහිත චලිතයක දී ප්‍රවේගය නොවෙනස්ව පවතින නිසා ලැබෙන ප්‍රස්තාරය x අක්ෂයට සමාන්තර සරල රේඛාවකි. මෙම ප්‍රස්තාරයෙන් දක්වන චලිතයේ ප්‍රවේගය 6 ms-1 නිසා 2.3 කොටසේ දී ඔබ ඉගෙන ගත් සූත්‍රය භාවිතයෙන් පහත දැක්වෙන පරිදි විස්ථාපනය ගණනය කළ හැකි ය.

2.11 රූපයේ පෙන්වා ඇති ප්‍රස්තාරයේ සරල රේඛාවට යටින් පිහිටා ඇති ඍජුකෝණාස්‍රාකාර ප්‍රදේශයේ වර්ගඵලය = 6 × 8 = 48 එම වර්ගඵලය ගණනය කරන්නේ ං අක්ෂය දිගේ දුර(කාලය) හ අක්ෂය දිගේ ඇති උසෙන් (විස්ථාපනයෙන්) ගුණ කිරීම මගිනි.

එනම්, ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ප්‍රවේග-කාල ප්‍රස්තාරයෙන් ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලයට සමාන වේ.

ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය, ප්‍රවේග – කාල ප්‍රස්තාර ඇසුරින් සොයන ආකාරය මිළඟට විමසා බලමු. නිශ්චලතාවෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් ඒකාකාර ත්වරණයකට භාජනය වී 4 s කාලයක් තුළ 12 ms-1 ප්‍රවේගයක් ලබා ගනියි. මෙම චලිතය සඳහා අඳින ලද ප්‍රවේග-කාල ප්‍රස්තාරයක් 2.12 රූපයේ පෙන්වා ඇත.

එනම්,ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය,ප්‍රවේග කාල ප්‍රස්තාරයෙන් ආවරණය වන වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමානවේ.

මෙලෙස ප්‍රස්තාරික ක්‍රමයෙන් ද වස්තුවක විස්ථාපනය සෙවිය හැකි ය.

Responses

Your email address will not be published. Required fields are marked *