Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ජීවීන් නාමකරණය

සෑම භාෂාවකම වචන යොදා යමක් නම් කිරිම සිදු කෙරේ. ජීවීන් හැඳින්වීමට ද විවිධ නාම යොදා ගැනේ. එහෙත් එම නම් භාෂාව අනුව, රට අනුව, ප්‍රදේශය අනුව වෙනස් වේ. තවද ජීවීන් අතර ඇති බන්ධුතා එමගින් ඉස්මතු නොවේ. මෙම තත්ත්වය මඟ හැර උචිත පොදු නමකින් ජීවීන් හැඳින්වීම සඳහා විද්‍යාඥයෝ උත්සාහ දැරූහ.

  • ද්විපද නාමකරණය (Binomial nomenclature)

ජීවීන් සඳහා සාර්ථක නාමකරණයක් ඉදිරිපත් කරන ලද්දේ 1753 දී ස්විස් ජාතික ස්වාභාවික විද්‍යාඥයකු වූ කැරොලස් ලීනියස් (Caroleus Linnaeus) විසිනි. එම නාමකරණ ක්‍රමයට අනුව ජීවියකු නම් කරන විට නාමය පද දෙකකින් සමන්විත වන නිසා එය ‘ද්විපද නාමකරණය’ ලෙස හැඳින්වේ. ද්විපද නාමකරණයට අනුව ජීවියකු නම් කිරීමේ ක්‍රමවේදය ෂක්‍ඊභ ICBN (International Commission on Botanical Nomenclature) and ICZN (International Commission on Zoological Nomenclature) යන ආයතන විසින් නියාමනය කෙරේ.

  • ද්විපද නාමකරණයේ සම්මතයන්

0 ජීවී විශේෂයක ජීව විද්‍යාත්මක නාමය (Scientific name) හෙවත් විශේෂ නාමය පද දෙකකින් සමන්විත වේ.
0 පළමු පදය ගණ නාමය (generic name) f ලෙස ද, දෙවන පදය සුළු නාමය හෙවත් විශේෂණ පදය (specific epithet) ලෙස ද හැඳින්වේ.
0 ජීව විද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් යොදයි.
0 ජීව විද්‍යාත්මක නාමය ඉංග්‍රීසි (රෝමන්) අක්ෂරවලින් ලියා දක්වයි.
0 ගණ නාමයේ මුල් අකුර කැපිටල්වලින් (Capital letter) ද, අනෙක් අකුරු සියල්ල සිම්පල්වලින් ද (Simple letter), ලියා දක්වයි. හ නාමය අත් අකුරින් ලියන විට පද දෙකට යටින් ඉරක් :ඹබාැරකසබැ ඇඳිය යුතු ය. නාමය මුද්‍රණය කරන විට ඇල අකුරින් (Italics) මුද්‍රණය කළ යුතු ය.
නිදසුන් :- Mangifera indica

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *