විටමින් යනු කාබනික සංයෝග වේ. මේවා ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගි වන අතර නීරෝගීබව පවත්වා ගැනීමට වැදගත් වේ. විටමින් වර්ග ජලයේ ද්‍රව්‍යතාව මත කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි ය. විටමින් B හා C ජලයේ ද්‍රාව්‍ය වන අතර විටමින් A,D,E හා K ජලයේ අද්‍රාව්‍ය වේ. නමුත් ඒවා මේදයේ දියවේ. මිනිසාගේ දේහ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විටමින් වර්ග ඒවායේ ප්‍රයෝජන හා ඌනතා ලක්ෂණ 1.7 වගුවෙහි දැක්වේ.