Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

මවුලය (Mole)

විවිධ කටයුතුවලදී ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමට අවශ්‍ය වේ. දුසිම ඉන් එකකි. පොත් දුසිමක් යනු පොත් 12කි. මේ අන්දමට කඩදාසි ප්‍රමාණය මැනීම සඳහා රීම භාවිත වේ. අන්තර්ජාතික ඒකක ක්‍රමයේ ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා භාවිත කරන ඒකකය වනුයේ මවුලයයි. C – 12 සමස්ථානිකයේ හරියට ම කිරා ගත් 12.00 ටක් තුළ අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යක මූලික තැනුම් ඒකක (පරමාණු, අණු, අයන) සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය එකී ද්‍රව්‍යයේ මවුලයක් ලෙස අර්ථ දැක්වේ. යම් ද්‍රව්‍ය මවුලයක අන්තර්ගත මූලික ඒකක සංඛ්‍යාව නියතයක් වන අතර එය 6.022 x 10(23)

හෙවත් ඇවගාඩ්රෝ නියතයට සමාන වේ. මේ අනුව ඕනෑ ම මූලද්‍රව්‍යයක සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්රෑම්වලින් ගත් කළ එහි පරමාණු මවුලයක් එනම් පරමාණු 6.022 x 10(23) ක් අඩංගු වේ. ඕනෑ ම ද්‍රව්‍යයක එහි සාපේක්‍ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්රෑම්වලින් ගත් කළ එහි අණු මවුලයක්, එනම් අණු 6.022 x 10(23) ක් අඩංගු ය. මවුලය, ඉතා විශාල ප්‍රමාණයක් දැක්වෙන ඒකකයක් බැවින් එදිනෙදා ජීවිතයේ හමු වන බොහෝ ද්‍රව්‍යවල ප්‍රමාණය මැනීම සඳහා එය නො ගැළපේ. එබැවින් මවුලය යන ඒකකය ප්‍රායෝගික වශයෙන් භාවිත වන්නේ ඉතා විශාල සංඛ්‍යාවලින් පවතින ද්‍රව්‍ය වන පරමාණු, අණු, අයන ආදියේ ප්‍රමාණය මැනීම සඳහා ය. මවුලය යන සංඛ්‍යාවේ විශාලත්වය පහත නිදසුනෙන් පැහැදිලි වේ.

ලෝකයේ ළමයි මිලියන 1000ක් ඇත්තේ යැයි සිතමු. මෙය දහයේ බලවලින් ලියූ විට, මිලියන 1000 = 1000 x 106 = 10(9) කි. සීනි බෝල මවුලයක් මෙම ළමයි අතර සම සේ බෙදුවහොත්

මවුලයකට අයත් ඒකක සංඛ්‍යාව ඉතා විශාල බැවින් ගණන් කිරීම ද කළ නොහැක්කකි. එබැවින් මවුලය මැනීම සඳහා වෙනත් ක්‍රම භාවිත කරනු ලැබේ. එක් ක්‍රමයක් නම්, යම් මූලද්‍රව්‍යයක පරමාණු මවුලයක් ගැනීමට එහි සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම්වලින් කිරා ගැනීමයි. නිදසුනක් ලෙස සෝඩියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23කි.
එනම්, සෝඩියම් පරමාණු 1 mol = සෝඩියම් 23 g
යම් සංයෝගයක අණු මවුලයක් ගැනීමට නම් එහි සාපේක්ෂ අණුක ස්කන්ධය ග්රූම්වලින් කිරා ගත යුතු යි. නිදසුනක් ලෙස ග්ලූකෝස්වල (C6H12O6) සාපේක්ෂ අණුක ස්කන්ධය 180කි.
එනම් ග්ලූකෝස් අණු 1 mol = ග්ලූකෝස් 180 g

■ මවුලික ස්කන්ධය (molar mass)

මවුලික ස්කන්ධය යනු ඕනෑම ද්‍රව්‍යයක මවුලයක ස්කන්ධයයි. සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධයට හෝ සාපේක්‍ෂ අණුක ස්කන්ධයට ඒකක නොමැති නමුත් මවුලික ස්කන්ධයේ ඒකක මවුලයට ග්රෑම් (g mol-1) ලෙස හෝ මවුලයට කිලෝ ග්රෑම් (kg mol-1) ලෙස හෝ සඳහන් කරනු ලැබේ.

ඕනෑ ම ද්‍රව්‍යයක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය මවුලවලින් සෙවීම සඳහා පහත සඳහන් සම්බන්ධතාව යොදා ගත හැකි ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *