ජල අණුවක ඇති ඉතා කුඩා ධන ආරෝපණයක් දරන හයිඩ්‍රජන් පරමාණු යාබද ජල අණුවක ඉතා කුඩා ඍණ ආරෝපණයක් දරන ඔක්සිජන් පරමාණු සමග ආකර්ෂණ බල ඇති කර ගනී. අණු අතර ඇති වන මෙවැනි ආකර්ෂණ, අන්තර් – අණුක ආකර්ෂණ බල නොහොත් අන්තර් – අණුක බන්ධන ලෙස හැඳින්විය හැකි ය.
මෙම අන්තර් – අණුක ආකර්ෂණ බල ජල අණුවේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් පරමාණු අතර ඇති සහසංයුජ බන්ධන තරම් ප්‍රබල නොවේ. එහෙත් සුවිශේෂ ගුණ රැසක් මෙම අන්තර්- අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇත. මෙම අන්තර් – අණුක ආකර්ෂණ බල නිසා කාමර උෂ්ණත්වයේ දී ජලය ද්‍රවයක් ලෙස පවතී. ජල අණු අතර අන්තර් – අණුක බන්ධන නොතිබිණි නම් කාමර උෂ්ණත්වයේදී ජලය පවතිනුයේ වායුවක් ලෙසයි.
ජල අණු අතර පවතින අන්තර් – අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති සුවිශේෂ ගුණ කිහිපයක් පහත දැක්වේ.
0 ජලයෙහි තාපාංකය ඉහළ අගයක් ගැනීම
0 ජලයට ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම
0 අයිස්වලට වඩා ඉහළ ඝනත්වයක් ජලය සතු වීම