Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය

එක ම දිශාවට ක්‍රියාකරන ඒක රේඛීය බලයන්හි සම්ප්‍රයුක්තය

මාලු දැල් ඇදීමේ දී වැඩි පිරිසක් එයට සහභාගි වී එකම දිශාවට ඇදීමෙන් එම කාර්යය පහසුවෙන් කළ හැකි ය. මෙහි දී සෑමදෙනා ම යොදන බල එක ම දිශාවට ක්‍රියාකරන බැවින් සාර්ථක ව මාලු දැල් ඇදීම කරගත හැකි ය. මෙහි දි බල සියල්ල යෙදෙන්නේ ඒක රේඛීය ව, එක ම දිශාවට ය.

දැන් අපි එක ම දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය සොයන ආකාරය විමසා බලමු.

■ විරුද්ධ දිශාවන්ට ක්‍රියාකරන ඒක රේඛීය බලයන්හි සම්ප්‍රයුක්තය

සිංහල අවුරුදු උත්සවවල දී කරනු ලබන ජාතික ක්‍රීඩාවක් වන කඹ ඇදීමේ තරගයක් ඔබ දැක තිබේ ද? මෙහි දී තරගයට සහභාගි වන පිරිස දෙකට බෙදී කඹය දෙපසට අදිති. එවිට වැඩි බලයේ දිශාවට කඹය ඇදී යන්නේ අදාළ සම්ප්‍රයුක්ත බලය වැඩි බලයේ දිශාවට වන නිසාය.

වස්තුවක් යම් දිශාවකට චලනය කළ යුතු අවස්ථාවක, එය මත ඒ දිශාවට ම බල කිහිපයක් යෙදෙන විට ඇති වන සාමූහික බලය හෙවත් සම්ප්‍රයුක්ත බලය එම බලවල එකතුවෙන් ලැබේ. විවිධ දිශාවන්ට බල යෙදීමෙන් සිදු වන්නේ බොහෝ විට බලය ඵලදායි ලෙස භාවිත නොවීම යි. වැඩි සාමූහික බලයක් ලබාගත හැකි වන්නේ, එකම අතට බල යෙදුනහොත් පමණි. බිම දිගේ බර වස්තුවක් ඇද ගෙන යන විට, එය වඩා පහසුවෙන් කළ හැක්කේ පිටුපස සිට තල්ලු කිරීමෙන් හා ඉදිරි අතට ඇදීමෙන් බව අපි අත්දැකීමෙන් දනිමු. කුඩා දරුවන් රැගෙන යාමට භාවිත කරන ගමන් කරත්තයක් (go cart) භාවිත කරන විට තල්ලු කිරීමෙන් හෝ ඉදිරි පස සිට ඇදීමෙන් හෝ එය කළ හැකි ය. දෙපසින් ම බල යෙදුවහොත් එය වඩාත්ම පහසු වන්නේ, බල දෙකේම සම්ප්‍රයුක්තය එවිට ක්‍රියාත්මක බැවිනි. දැන් අපි විරුද්ධ දිශාවන්ට එකම රේඛාවේ ක්‍රියාකරන බල දෙකක සම්ප්‍රයුක්තය සොයමු. ඒ සඳහා පහත ක්‍රියකාරකමෙහි යෙදෙමු.

පළමු අවස්ථාවේ දී ට්‍රොලිය චලනය නොවන බව ඔබට නිරීක්ෂණය වේ. මෙහි දී ට්‍රොලිය මත ප්‍රතිවිරුද්ධ දිශාවලට සමාන බල ක්‍රියා කරන අතර එම බල යටතේ ට්‍රොලිය සමතුලිතතාවේ ඇත. දෙවන අවස්ථාවේ දී ට්‍රොලිය B දුනු තරාදිය දෙසට චලනය වන බව පෙනේ. මෙහිදී ට්‍රොලිය මත ප්‍රතිවිරුද්ධ දිශාවලට අසමාන බල ක්‍රියාකරන අතර ට්‍රොලිය වැඩි බලයේ දිශාවට චලනය වේ. A දිශාවට වඩා B දිශාවට යෙදූ අමතර බලය වනුයේ 2 N ය. එනම් මෙම අවස්ථාවේ සම්ප්‍රයුක්තය වන්නේ B දිශාවට 2 N ය. තුන්වන අවස්ථාවේ දී ට්‍රොලිය චලනය නොවේ. මෙහි දී දෙපසට බල සමාන වී සම්ප්‍රයුක්තය ශූන්‍ය වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *