මෝටර් රථය, ගඩොල් කැටය, පාන් ගෙඩිය, සීනි තේ හැන්ද, බෙහෙත් පෙත්ත වැනි ද්‍රව්‍යවල ස්කන්ධය මැනීම සඳහා කිලෝග්රෑම්, ග්රෑම්, මිලිග්රෑම් වැනි ඒකක භාවිත කළහැකි ය. එහෙත් කාබන් ඩයොක්සයිඩ් අණුව, හීලියම් පරමාණුව වැනි ඉතාමත් කුඩා අංශුවල ස්කන්ධය කිලෝග්රෑම්, ග්රෑම් වැනි ඒකකවලින් ප්‍රකාශ කළ විට ලැබෙනුයේ අතිශය කුඩා අගයකි. පරමාණු හා අයනවල ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා කුඩාතම ස්කන්ධ ඒකකය වන අටෝග්රෑම් (ag) පවා විශාල වැඩි ය.
1 ag = 10-18 g
නිදසුනක් ලෙස සැලකුව හොත් සැහැල්ලු ම මූලද්‍රව්‍යයවන හයිඩ්රජන් (H) පරමාණුවක ස්කන්ධය 1.674 x 10-24 g කි. එනම් 0.000000000000000000000001674 ට වේ. තවත් පරමාණු කිහිපයක ස්කන්ධ පහත දැක්වේ.
කාබන් (C) පරමාණුවක ස්කන්ධය = 1.993 x 10-23 g
සෝඩියම් (Na) පරමාණුවක ස්කන්ධය = 3.819 x 10-23 g
ක්ලෝරීන් (Cl) පරමාණුවක ස්කන්ධය = 5.903 x 10-23 g
fපොටෑසියම් (K) පරමාණුවක ස්කන්ධය = 6.476 x 10-23 g
ගණනය කිරීම්වල දී මෙවැනි ඉතා කුඩා අගයන් යොදාගැනීම දුෂ්කර කටයුත්තකි. එ බැවින් තෝරාගත් යම් පරමාණුවක ස්කන්ධය ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඊට සාපේක්ෂ ව අනෙකුත් පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කරන ලදී. එසේ ප්‍රකාශ කරන ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනුවෙන් අදහස් කරනුයේ මූලද්‍රව්‍ය පරමාණුවක සැබෑ ස්කන්ධය නො වේ. අතීතයේ දී පරමාණුක ස්කන්ධ ඒකක ස්කන්ධය ලෙස සැහැල්ලු ම මූලද්‍රව්‍ය පරමාණුව වන හයිඩ්රජන් පරමාණුවක ස්කන්ධය භාවිත කරන ලදි.