Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ඒකතල සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාව

සැහැල්ලු තිරස් දණ්ඩක එල්ලා ඇති කෙසෙල් කැනක් 12.8 රූපයේ පෙන්වා ඇත. මෙහි දී දණ්ඩ, එය එල්ලා ඇති ලණු දෙක හා කෙසෙල් කැන එල්ලා ඇති ලණුව යන සියල්ල එක ම තලයක පිහිටයි. එසේම ලණු තුන දිගේ ක්‍රියාකරන බල සමාන්තර ව පිහිටයි. මෙය සමාන්තර ඒකතල බල තුනක් යටතේ සමතුලිත ව පවතින පද්ධතියකට උදාහරණයක් වේ. (දණ්ඩේ බර ද සමග මෙම පද්ධතියේ බල හතරක් පවතියි. නමුත් සැහැල්ලු දණ්ඩක් යන්නෙන් අදහස් කෙරෙන්නේ බර නොගිනිය හැකි තරම් කුඩා දණ්ඩක් නිසා මෙහි දී එම බලය නොසලකා හැරේ.)

එනම් සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත ව තිබීමට පහත අවශ්‍යතා සපුරාලිය යුතු ය.
(i) බල තුන ඒකතල විය යුතු ය.
(ii) එක් බලයක් අනෙක් බල දෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කළ යුතු ය.
(iii) බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතු ය.

ඔන්චිල්ලාවක හිඳගෙන සිටිින ළමයෙකු, සමාන්තර බල තුනක් යටතේ සමතුලිත තිබෙන පද්ධතියකට තවත් උදාහරණයකි. ළමයා ඔන්චිල්ලාවේ සමතුලිත ව සිටින්නේ 12.11 රූපයේ පෙන්වා ඇති ආකාරයට කඹ දෙකෙන් ඉහළට යෙදෙන f1 හා f2 බල දෙකේ එකතුව ළමයාගේ බරට (W) සමාන වන බැවිනි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *