අප වේගය ගණනය කරන්නේ දුර ආශ්‍රයෙන් නිසා වේගය ගණනය කිරීමේ දී, වස්තුවක් ගමන් කළ දිශාව නොසැලකේ. ඒ නිසා වේගය අදිශ රාශියක් බව මේ වන විට ඔබට පැහැදිලි විය යුතු ය. නමුත් ප්‍රවේගය (velocity) අර්ථ දැක්වෙන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස ය. ඒ නිසා ප්‍රවේගය දෛශිකයක් වේ. එනම් ප්‍රවේගයට විශාලත්වයක් මෙන් ම දිශාවක් ද ඇත.
යම් වස්තුවක විස්ථාපනය, කාලයෙන් බෙදීමෙන් ප්‍රවේගය ලැබේ.
සමහර අවස්ථාවල වස්තු ඒකාකාර වේග සහිත ව ගමන් කළ හැකි බවත් සමහර අවස්ථාවල ඒවා ඒකාකාර නොවන වේග සහිත ව ගමන් කළ හැකි බවත් මීට පෙර අපි ඉගෙන ගත්තෙමු. මෙලෙස ම, වස්තුවක ප්‍රවේගය ද සමහර අවස්ථාවල ඒකාකාර විය හැකි අතර තවත් සමහර අවස්ථාවල ප්‍රවේගය ඒකාකාර නොවිය හැකි ය.
පහත වගුවේ දැක්වෙන්නේ එකම දිශාවකට ගමන් කළ වස්තුවක ආරම්භක ස්ථානයේ සිට මනින ලද විස්ථාපනයේ එක් එක් තත්පරය අවසානයේ දී අගය වේ.
සෑම තත්පරයක් තුළ දී ම වස්තුවේ විස්ථාපනය වැඩි වී ඇත්තේ 3m ප්‍රමාණයකින් නිසා එම චලිතය සිදු වී ඇත්තේ නියත ප්‍රවේගයෙන් හෙවත් ඒකාකාර ප්‍රවේගයෙනි (constant velocity).
නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය මෙන් ම දිශාව ද වෙනස් නොවේ.
සරල රේඛීය මාර්ගයක් දිගේ වස්තුවක් 6 s-1 ක නියත ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නම් සෑම තත්පරයක් පාසා ම එහි විස්ථාපනය වෙනස් වන්නේ 6m බැගිනි. එම චලිතයේ දිශාව ද නොවෙනස් ව පවතියි. එම නියත ප්‍රවේගයෙන් තත්පර 5ක් ගමන් කළහොත්,
වස්තුවේ විස්ථාපනය = 6 ms-1 ඥා 5 s 30 m
එනම්, නියත ප්‍රවේගයකින් චලනය වන වස්තුවක ප්‍රවේගය, අදාළ කාලයෙන් ගුණ කිරීමෙන් වස්තුවේ විස්ථාපනය ලැබේ.
විස්ථාපනය = ප්‍රවේගය × කාලය
පහත වගුවේ දැක්වෙන්නේ සරල රේඛීය මාර්ගයක් දිගේ ගමන් කළ වෙනත් වස්තුවක එක් එක් තත්පරයේ දී මනින ලද විස්ථාපනයයි.
මෙම වස්තුවේ විස්ථාපනය පළමු තත්පරය තළ 4 m ප්‍රමාණයකින් ද, දෙවන තත්පරය තුළ 3 m ප්‍රමාණයකින් ද, තුන්වන තත්පරය තුළ 2 m ප්‍රමාණයකින් ද ආදී වශයෙන් වැඩි වී ඇත. මෙහි සෑම තත්පරයක දී ම සිදු වී ඇති විස්ථාපන වෙනස එක ම නොවන නිසා වස්තුවේ ප්‍රවේගය ඒකාකාර නොවේ. එබඳු අවස්ථාවල අපට මධ්‍යක ප්‍රවේගය ගණනය කළ හැකි ය.
එනම් 3 ms-1 ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර 4 ක දී ඉහත දුර ගෙවා යා හැකි බව කිය වේ. නමුත් වස්තුව සත්‍ය වශයෙන් චලිතයේ විවිධ මොහොතවල විවිධ ප්‍රවේගවලින් චලිත වී ඇත.