යකඩවලින් නිර්මිත භාණ්ඩ වාතයට නිරාවරණය කළ විට මල බැඳේ. කපුරු බෝල වාතයට නිරාවරණය කර තැබූ විට ප්‍රමාණයෙන් කුඩා වේ. අයිස් දිය වී ද්‍රව ජලය බවට පත් වේ. පදාර්ථවල සිදු වන මෙවැනි විවිධ වෙනස්වීම් අපි දැක ඇත්තෙමු. ඒවා පිළිබඳ ව තව දුරටත් කරුණු අධ්‍යයනය කරනු පිණිස 16.1 ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.
ඉහත ක්‍රියාකාරකම්වල නියැලීමෙන් ඔබ ලබාගත් නීරීක්ෂණ පහත සඳහන් නිරීක්ෂණ සමග ගැළපේ දැ යි බලන්න.
ඉහත 16.1 ක්‍රියාකාරකමේ (i) අවස්ථාවේ, දී ඝන කපුරු ද්‍රව වී පසුව වාෂ්පයක් බවට පත්වේ.
වසනලද හැන්දේ සිසිල් පෘෂ්ඨය මත දී වාෂ්පය නැවත ඝනීභවනය වී ත-ුනී ඝන කපුරු ස්ථරයක් සෑදේ. මෙහි දී ඝන කපුරු ද්‍රව වන විටත්, ද්‍රව කපුරු වාෂ්ප බවට පත්වනවිටත්, කපුරු වාෂ්ප නැවත ඝන කපුරු බවට පත්වනවිටත් තිබෙන ද්‍රව්‍ය වෙනස් නොවී එහි භෞතික අවස්ථාව (අංශුවල සැකැස්ම) පමණක් වෙනස් වී ඇත. එවැනි විපර්යාස භෞතික විපර්යාස ලෙස හැඳින්වේ.
අංක (ii) සිට (iv) දක්වා අවස්ථාවලදී තිබෙන ද්‍රව්‍ය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදී ඇත. එවැනි විපර්යාස රසායනික විපර්යාස හෙවත් රසායනික ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. රසායනික විපර්යාසයක් සිදු වී ඇති බව තහවුරු කරන සාක්ෂි ලෙස, දැල්ලක් සහිත ව දැවීම, රත් වීම, වායු බුබුඑ පිට වීම, වර්ණ විපර්යාසයක් ඇති වීම, අවක්ෂේප ඇති වීම වැනි නිරීක්ෂණ දැක්විය හැකි ය.
රසායනික හා භෞතික විපර්යාස පිළිබඳ තව දුරටත් සොයාබැලීම සඳහා 16.1 වගුව අධ්‍යයනය කරමු.