ලක්ෂ්‍යයක් මත ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක් නිසා හටගන්නා සඵල බලය හෙවත් සම්ප්‍රයුක්ත බලය පිළිබඳ ව අපි බල සම්ප්‍රයුක්තය පාඩමේ දී, ඉගෙන ගතිමු. ඒ අනුව, වස්තුවක් මත එක් බලයක් යම් දිශාවකට යෙදී තිබිය දී, තවත් බලයකින් එම වස්තුව ඊට විරුද්ධ දිශාවට ඇද්දොත් එවිට සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය අඩුවන බව ඔබ විසින් ඉගෙන ගන්නා ලදි. වස්තුවක් සමතුලිතතාවේ පැවතීම සඳහා සම්ප්‍රයුක්තය ශුන්‍ය විය යුතු වේ. වස්තුවක් මත එක ම තලයේ විරුද්ධ දිශාවන්ට ක්‍රියා කරන බල දෙකක් යටතේ සමතුලිතතාව පවත්වා ගැනීමට අවශ්‍ය සාධක පිළිබඳ ව දැන් අපි සොයා බලමු. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකම 1 සහ ක්‍රියාකාරකම 2හි නිරත වෙමු.
එනම් සමතුලිතතාවේ දී, මුදුව මත යෙදෙන බල දෙකෙහි විශාලත්ව සමාන වේ. දැන් දුනු තරාදි දෙක එක ම රේඛාවක නොපිහිටන ආකාරයට මුදුව සමතුලිත ව තබා ගැනීමට උත්සාහ කරන්න. මෙය කළ නොහැකි දෙයක් බව ඔබට පෙනී යනු ඇත. එනම් මෙහි දී, මුදුව සමතුලිත වන සෑම අවස්ථාවක දී ම බල දෙක ඒක රේඛීය විය යුතු වන අතර ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කළ යුතු ය.
සම්ප්‍රයුක්ත බලයක් පවතින සෑම විට ම, ලී කුට්ටිය යම් දිශාවකට චලනය වන බවත් සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වන අයුරින් දෙපසට සමාන බල යොදා අදින අවස්ථාවේ දී, ලී කුට්ටිය නිශ්චල ව පවතින බවත් ඔබට දැකගත හැකි වනු ඇත. එනම් මෙහි දී ලී කුට්ටිය සමතුලිත වන සෑම අවස්ථාවක දී ම ප්‍රතිවිරුද්ධ ව ක්‍රියාකරන බල දෙකෙහි විශාලත්වයන් සමාන වේ. මේසයක් මත තබා ඇති වස්තුවක් 12.6 රූපයේ පෙන්වා ඇත. මෙම වස්තුව බිමට නොවැටෙන්නේ ඇයි?
මෙහි දී වස්තුවේ බර සිරස් ව පහළට ක්‍රියාකරන අතර, එම බලය මේස ලෑල්ල විසින් සිරස ව ඉහළට ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් සංතුලනය වන්නේ ය. ඉහත කී බල දෙක යටතේ පොත මේසය මත සමතුලිතතාවේ පවතින අතර, වස්තුව නිශ්චල ව පවත